Monday, April 28, 2014

දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට - සිහිනෙක දැවටී ඔබ එනවා


දයා ද අල්විස් මහත්මිය විසින් රචිත මේ ඉමිහිරිතම ගීය ගුණදාස කපුගේ ගාන්ධර්වයානන්ගේ ස්වර මුසුවට ගයන්නේ පුණ්‍යා කත්‍රිආරච්චි මහත්මියයි.

මා ඉතා ප්‍රිය කරන මේ ගීය ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමේ වෑයමකි මේ. 


Closing my eyes cannot stop 
your presence in my vision 
as my dreams are of you
all the bars across my soul
to stop you being there 
aren't strong enough 
as my only thought is you

I lift my eyes to see
the shining sun or the moon
but its you who beams up there
not a single alluring sight 
around that keeps away
the  charming radiance of you
ever in my vision

In my vein endeavor
to endure the lonesome 
days and nights without you
you come to me in a sigh 
in the notes of my imagination
your weeping tune
is music in my ears

Aren't you my sky and the Earth 
and wont you leave me ever 
just even for a fraction of a second
oh! when can we be ours
devouring the bars of the forbidden land
that make us apart

Samanmalee Abayasiri





Thursday, April 24, 2014

Reluctance

මාලින්ද සෙනෙවිරත්න ඉංග්‍රීසි කවි ලියන අතළොස්සක් ශ්‍රී ලාංකික කවීන්ගෙන් අයෙකි. ඔහුගේ EDGES නම් වූ කවි පොතෙහි Reluctance නම්වූ කවියෙහි අනුවාදයයි මේ.

හැලෙන්නට තතනන පරඬැල් පත
=====================

පත් හැලූ 
කේඩෑරි අතු රිකිල්ලක
ඉතිරිවූ එකම එක පරඬැල් පත
හැලෙන්නන්ට තතනන
තෙවැනි ඇස මත රැඳි
ගැඹුර නොපෙනෙන හසුවකි
තනිකමද අනියත බවද කියැවෙන
බොහෝ ගැඹුරැති කතාවෙක
නිසල හා විපරීත
හදවතකි 
පාලුවූ අඳුරුවූ මහා කතරෙක
සැම හා සම නොවූ
දෑස රවටන මායා දසුන
සොබා දහමේ වරදෙකි
ජීවිතේ කතාවයි මේ
නියම් අනියම් කම් මත ඇඳි
කිසිදා පසක් නොමවන

සමන්මලී අභයසිරි

Reluctance
==========

An autumn leaf
in a leafless branch lattice
is a two - dimensional capture
of multi-layered story,
calls for third eye reconstruction
of solitude and fall
stillness and contrast
a heart in a barren universe
an error of nature
a peculiarity that wrecks average
an eye-tease graphic
a narrative of our days
of our formalities
and our 'neverthelesses'.

By Malinda Seneviratne


Sunday, April 20, 2014

Still we are lovers


This was a narrow creek
in our sweetest past
that flow between us then
the crystal blue creek
shallow and narrow
flow pass us with our past

This is a wide stream
made us apart so much
that flow between us now
the dull muddled  stream
deep and wide
flow pass us with our past

But aren't we lovers
peering and seeking into the stream
that flow between us burying
all sweet memories of our past
in deep deepness
flow pass us with our past

Still we are  lovers
with love for each other
seeking the sweetest of memories
of our past  in deep deepness
still we are lovers
we are................

By Samanmalee Abayasiri

Translation of

අපි තවම පෙම්වතුන්.......
==================
ගඟ දියට එබීගෙන
ගං පතුළෙ සැඟව ගිය
අතීතේ සොඳුරු සැමරුම් සොයන
අපි තවම පෙම්වතුන්
අපි තවම පෙම්වතුන්.......

එකල දියකඳුරක්ව
අපතරින් ගලා ගිය
ඉවුරු සීමා ලකුණු ඈත් වී
ගඟුලක්ව අද ගලන.......

අපල අනවින පැමිණ
අප දෙදෙන දුරස් කළ
කඳුරු නිල් දිය නොමැත
බොරවතුරු කඳ ගලන.....

ගඟ දියට එබීගෙන
ගං පතුළෙ සැඟව ගිය
අතීතේ සොඳුරු සැමරුම් සොයන
අපි තවම පෙම්වතුන්
අපි තවම පෙම්වතුන්.......

- යසනාත් ධම්මික බණ්ඩාර -





Saturday, April 19, 2014

Saudades - මතක සුවඳ පොද හා පෙමින්



මතක සුවඳ පොද හා පෙමින්
==================

මවු කුස සුව යහන
රන් කිරි පොදෙහි සුසුවඳ,
වටා කැරකී ඈත දුර
ඇදී ගිය ආලවන්තකම්,
යන එන මගෙක, දුම්රියක
වුව දැනී හමා ගිය විලවුන් සුවඳ
හිත අවදි කල,
නිසි කලෙක තබන්නට
නොහැකිව සටහන් ඒනයින් මැකී ගිය
ඉසියුම් ඉසිඹු,
රළු වැලි කඩදාසි හිත් වලින්
මකා දැමූ මනරම් දසුන්
අප වටා වූ,
නිදන්ව නම් ගම්ද
වසා අගුළු ලෑ මතක දොරටුවෙන්
සදාකල් නාරින ගැබෙක
අප සිරවූ නන් බැඳුම් තුල

අනුවාදය - සමන්මලී අභයසිරි

මාලින්ද සෙනෙවිරත්නගේ 'EDGES' නම් කවි පොතෙහි 'Saudades' නම් කවිය මම මෙසේ සිංහලට පෙරළුවෙමි.

Saudades *
========

By Malinda Seneviratne

Like womb-comfort
mother's milk fragrance
like love- orbits that crossed
and went their ways,
like a fragrance that caressed
in a train an after thought
a brush too late
the soft moment erased
by sand-paper hearts
the erased landscapes
of where we've been

and names at memory doors
that will not open
in our chosen incarcerations

* Saudades is a Portuguese word describing a deep - emotional state of nostalgic longing for an absent something or someone that one loves. 

Born Free



Born Free  මා නරඹා ඇති චිත්‍රපට අතුරින්  වඩාත්ම ප්‍රිය කරන චිත්‍රපටයක්. ජීවිතාරක්ෂාව සඳහා සිංහ ධෙනුවක් මරා දමන්නට සිදුවන ජෝජ් ඇඩම්සන් හා ඔහුගේ බිරිඳ ඇයගේ කුඩා පැටවුන් තිදෙනා රැගෙන වුත් හදා වඩා ගනී. ඉන් දෙදෙනෙක් දැඩිවූ පසු සත්වෝද්‍යානයකට බාර දුන්නත් වඩා ලෙන්ගතු සිංහ ධේනුව එල්සා තමා ලඟම දැඩි වෙන්නට හරී. එහෙත් ඈ දැඩිවත්ම ඇයගෙන්ද නිදහස් වන්නට ඔහුට සිදුවන්නේ සමාජයෙන් එන බලපෑම් නිසාය. කෙන්යාවේ වනාන්තරයට ඈ මුදා හරින්නට් ඔවුහු තීරණය කරති. පුරා වසරකට පසු එල්සා දැක ගැනීමට පැමිණෙන ඇඩම්සන් යුවලගේ හද ප්‍රීතියෙන් පිනා යන්නේ එල්සාට මවුපියන් වූ ඔවුන් දෙදෙනා අමතක වී නොමැති බව දැකීමෙනුත් ඇයද කුඩා පැටවුන් තිදෙනෙකුගේ මවක් බව දැකීමෙනුත්ය.

මේ ගීය Born Free චිත්‍රපටයේ තේමා ගීයයි.




අගේ මැයි ජීවිතය - උපන් නිසාම ඔබ නිවහල්ව.......
==============================
උපදින්න  නිවහල්ව
ඇදෙන්නා සේම සුළං රොදක්
වැඩෙන්නා සේම තණ පළස
හඹා යන්නට ඔබේ හදවත
නිවහල්ව උපදින්න

දිවිගෙවනු මැන නිවහල්ව
සොඳුරුමය අප අවට
විස්මවයි ලොව නිබඳවම
දකින තරුවක් ගානේම

වසනු මැන නිවහල්ව
බෙදා වෙන් කරන පවුරු නොමැතිව
නිවහල්ය ඔබ නැගෙන දළ රළ පහරසේ
කුමට සඟවනුද එය

උපදින්න නිවහල්ව
ජීවිතය අගෙයි ජීවත්වන්න
අගේ මැයි ජීවිතය
උපන් නිසාම ඔබ නිවහල්ව..........

අනුවාදය - සමන්මලී අභයසිරි


Wednesday, April 16, 2014

අම්මාවරු

විශ්ව විද්‍යාලයේ මට අම්මා කෙනෙක් සිටියාය. මට පමණක් නොවේ ඇගේ ඇසුර ලැබූ හැම කෙනෙකුටම ඈ අම්මා වූවාය. ආදරණීය අම්මා  වූවාය. ඇය එකල සත්ත්ව විද්‍යා අංශ ප්‍රධානී මහචාර්ය නාලිනී රත්නසිරි ය. එතුමිය බොහෝ දරුවන්ට මුළු හදින් ආදරය කලත් අම්මා කෙනෙක් නොවූවාය. එසේ මව් පදවි නොලදත් බොහෝ දරුවනට අම්මා වූ සැබෑ අම්මාවරු කොතෙක් ඇද්ද? මවක වන්නට නොහැකි වූ සොවින් ගැයූ ගී අපේ සිංහල ගීත සාහිත්‍යයේ හමුවෙන බව මතකයට ආවේ ඊයේ මා අළුතින් ඇසූ ගීයක් නිසයි.
  • තරුත් නිදියන රාත්‍රියේ
  • ============
  • තරුත් නිදියන රාත්‍රියේ
    හීත පිනි කැට පාගමින්
    හඬක් නොනැගෙන ලෙසට වැඩියා...
    සුරංගනාවෝ..!

    අපේ කුටියේ යහන අද්දර

    සමන් මල් සුවඳේ එතී
    එබී බැලුවා මා තුරුල්ලේ
    කවුරු හෝ උණුසුම් වෙති‍යි..

    සඳෙන් ගෙන ආ සුවඳ කුංකුම
    නැවත දිව සලුවේ ඔතා..
    කිරි සුවද නැති නිසා කුටියේ
    සුරඟනන් ආපසු ගියා....!
සුරඟනන් වරින් වර අප නිදන කුටියට එබිකම් කලේ මා තුරුළේ උණුසුම් වන කිරිකැටියෙකු දකින්නයි ඒ නොදුටු සුරඟනන් ආපහු ගියේ සඳෙන් ගෙන ආ සුවඳ කුංකුමත් රැගෙනයි මට නොදී. 
ඉතා මිහිරි ලෙස මේ වේදනාව මෙහි ලියවී තිබෙණවා .
තිළිණි අතුකෝරාළ ලියූ , නෙලූ අධිකාරී ගැයූ , දර්ශන රුවන් දිසානායක සංගීතවත් කල මේ ගීය අසමු දැන්.

මේ දුක කියැවෙන තවත් ගී තිබෙනවා මේත් එවන් ගීයක්. දරුවෝ ඇති අම්මාලා දරු සුරතල් බලද්දී හිතෙන් හඬාවැටෙන්නී ඈ. ඉතාමත් සංවේදී පද පෙලක්. 

දරුවෝ ඇති අම්මාලා
=============
දරුවෝ ඇති අම්මාලා දරු සුරතල් පෙන්නාලා හඬවා නෙත මා සිත පාරනවා දරුවෝ නැත මා පතලා
හඬනා කිරි දරුවෝ තුරුල පුරා පැතුවා පවු පුරවා සංසාරයේ මවු පදවිය නැතුවා
කුරුළු මුවෝ සතුනේ දරු සෙනෙහේ විඳිනා මිනිස් බවේ මහිමේ මගේ මට දරුවෝ නොදෙනා

වනයේ වෙසෙන සතා සිවුපාවාටත් ඇති මේ පින ඈට නැත්තේ ඇයිදැයි ඈ අසන්නී හද දවන වේදනාවෙනි. එමතුද නොවේ ඈ අසන්නී පින් ඇති නිසා ලැබූ මිනිස් බවේ මහිම කිමැයි දරුවන් නැතිදා. ඈ ඇගේ දෛවය කෙරෙහි යම් ද්වේශ සහගත බැල්මක් හෙලන්නා සේ මට හැඟේ.
අසන්න මේ ගීය - විඳින්න ඇගේ වේදනාව - ගයන්නී නීලා වික්‍රමසිංහ.





  • මේ අත්දැකීමම නිමිති කොටගත් තවත් ගීයක් මේ, නමුත් මෙහිදී කියවෙන්නේ වෙනත් කතාවක්. එය වඩාත් සෝචනීය බව මට සිතේ, මන්ද මෙය අපේ සමාජය දරුවකු නොලද කාන්තාවක් කෙරෙහි දක්වන අකරුණාවයි. එය අසාධාරණයි. මා පෙර කී ලෙසම මවක නොවූවත් බොහෝ දරුවන්ට මවු වන මවුවරු කොතෙක් ඇද්ද? මේ ගීයෙහි ඇයද තමා හදා වඩාගන්නා පුතුට මහත් සෙනෙහසක් දක්වයි, කෙසේනම් ඔහුට පහදා දෙන්නද ඔහු උපන්නේ තම කුසෙන් නොවන බව.
  • කිරි අම්මාවරු දනට වඩිනවා
  • ===================
  • කිරි අම්මාවරු දනට වඩිනවා කිරි සුවඳයි මුළු ගම්මානේ අම්මා ඇයි ඒ දනට නොයන්නේ නාසන් පුතණුවනේ මා සිත රිදෙන නිසා
  • අන් කුසකින් බිහිවූවත් තම කුසින් බිහිවූ සේම දරුවෙකුට ආදරය දක්වන්නට ඇයට හැකිය - කැත කුණු අතගා නිදිවරමින් ඈ මේ දරුවා රකින්නීය. මතු භවයේ මේ පුතුගේ අම්මා වන්නට පතන්නීය.
    නුඹගෙන් දරු සුරතල් බැලුවා මිස මවු පදවිය නැත මා පතලා මතු බවයේ මා දනට වඩින්නම් නුඹ බිහිකර කිරි මව වීලා
  • නෙත නිදිවරමින් කැත කුණු අතගා මම නුඹ හැදුවෙමි දුක් විඳලා එනමුදු කුසයේ හොවමින් බිහිකර ඇඟ ලේ කිරි කර නැත පොවලා
  • ගීය ගයන්නී චන්ද්‍රලේඛා පෙරේරා . හෙක්ටර් විජේසිරිගේ මේ අපූරු සංකල්පනාව ගීතයක් බවට පෙරළුවේ රෝහණ වීරසිංහයන්.
    මවු ගුණය ගැහැණියක තුල සහජයෙන් පිහිටන ගුණයකි. දරුවන් බිහිකලත් නොකලත් ගැහැණියක් අම්මා කෙනෙකි. කුඩා දැරිවියක් බෝනික්කෙකු නලවන්නේ ඒ සහජ මවු ගුණය නිසා නොවේද?
  • ඇසට කඳුළු ගෙනෙන මේ ගීයත් අපි අසමු.

  • සමන්මලී අභයසිරි

In the night when even the stars were asleep



These angels descended from the heaven
tip toed on dew drops 
in this dark enchanting night 
when even the stars were asleep

Peeped through veils of mist
to the cradle in our chamber
giving the fragrance of jasmine
to see anyone cuddled in my warmth

The sweet fragrance of sandle wood 
brought so fondly from the moon
alas was taken back 
for they didn't smell the sweetness of milk

Translation - Samanmalee Abayasiri




මේ ගීය මෙතැනින් අසන්න - අපූරුයි එය විඳින්න


https://www.youtube.com/watch?v=L-c2BFadDwU 

තරුත් නිදියන රාත්‍රියේ
හීත පිනි කැට පාගමින්
හඬක් නොනැගෙන ලෙසට වැඩියා...
සුරංගනාවෝ..!

අපේ කුටියේ යහන අද්දර
සමන් මල් සුවඳේ එතී
එබී බැලුවා මා තුරුල්ලේ
කවුරු හෝ උණුසුම් වෙති‍යි..

සඳෙන් ගෙන ආ සුවඳ කුංකුම
නැවත දිව සලුවේ ඔතා..
කිරි සුවද නැති නිසා කුටියේ
සුරඟනන් ආපසු ගියා....!

ගායනය - නෙලූ අධිකාරි
සහාය-චතුෂි ගීතදේව සමග ගායන ශිල්පී කුමාරසිරි පතිරණගේ දියණිය
සංගීතය - දර්ශන රුවන් දිසානායක


Tuesday, April 15, 2014

බයයි නුඹ මට ආදරේ යැයි කියන විට




ආදරෙයි මම වැස්සට
ඔබ කියයි
ඒත් හිරිපොදේ තෙමෙන්ටත් බයයි
ඔබ කුඩේ  ඉහලයි

ආදරෙයි මේ අරුණ කිරණට
ඔබ කියයි
ඒත් අව් රශ්මිය ඔබ දවයි
ඉන් මුවා වෙන්නට බලයි

ආහා මම මද නළට ආදරෙයි
ඔබ කියයි
ඒත් සුළඟ වැදුණොත් ඔබට අගුණයි
දොර කවුළු වහ දමයි

මම ඔබට ආදරෙයි
ඔබ කියයි
ඒත් මගෙ හදවත සැලෙයි
මගෙනුත් මුවාවේදැයි බයයි

අනුවාදය - සමන්මලී අභයසිරි

ඔබ හිනැහේ නම් මමත් සිනාසෙන්නම්







චන්ද්‍රමඩුලු යට සුරංගනාවන්
දූ නළවන්නට ගීත ගයනවලු
එපා දුවේ ඔය කතා අහන්නට
මමයි නුඹට මේ ගීය ගයන්නේ

 ඇයයි  ගී ගයා මා නැළවූ සුරංගනාවිය
මා නිසා සිනාසුණු, මා නිසා හඬා වැටුණු, මා වෙනුවෙන් මාරයා හා වුවත් සටන් වදින්නට නොපැකිලුණු රාජිනිය
මගේ ලෝකය දිවා රෑ එකලු කල ඉර හා හඳ........


ඈ නමින් චිත්‍රා රංජනී වූවාය. 1969 - 2000 කාල වකවාණුවේ ගුවන් විදුලියේ කාලයක් නිතර ඇසී තවත් කලෙක වියැකී නැවත ඇසුණු හඬකි, නමකි. ඈ ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක්, ගුවන් විදුලි සහන නිවේදිකාවක්, විචිත්‍රාංග ඉදිරිපත් කරන්නියක් වූවාය. ඇගේ හඬ ගුවන් විදුලියේ නිතර ඇසුණේ එහි ස්වර්ණමය යුගය ලෙස සැළකෙන රිජ්වේ තිලකරත්න යුගයේයි. ගිම්හාන ගීතය, මුවන්පැලැස්ස, ලන්දේසි දූපත, සුගන්ධිකා ආදී ගුවන් විදුලි නාට්‍ය වල හා ඒකාංගික වූ ගුවන් විදුලි රඟ මඬල, කෙටිකතාව ආදී නොයෙක් නිර්මාණ වල ඇගේ හඬ ඇසුණි. මහාචාර්ය නන්දදාස කොදාගොඩ වෛද්‍යතුමා හා බොහෝ කලක්  ඉදිරිපත් කල අපූරු වැඩසටහන් වලට ඈ හඬ එක් කලේ ඉතා සතුටින් බව මට මතකයි.

ගුවන් විදුලියේ City FM සේවය ආරම්භයේදීම එයට හඬ දුන් නිවේදිකාවන් අතර ඇයද කෙනෙකි.   සෑම ශනිදාම අලුයම 6 සිට 9  දක්වා ඇය සමග කමලිනි හා නොයෙලින් හොන්ටර් නිවේදිකාවන්  භාෂා තුනෙන් සේවාව මෙහෙයවූවා රසවත්ව.

 ගුවන් විදුලි නිවේදිකාවක් ශිල්පිනියක් වුණත් ඈ වෘත්තියෙන් ගණකාධිකාරිණියක් - ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ. ඒ ආයතනයට ඈ ආදරේ කලේ අපටත් වඩා. කොළොන්නාව නිමාවේ තෙල් ටැංකි වලට කොටි ප්‍රහාර එල්ල වෙද්දී ඈ හඬා වැටුණා මතකයි.

එපමණක් නොවේ ඈ  ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ ස්වේච්ඡා දේශකවරියක් වූ අතර එහි තරුණ ජනගහණ කමිටුවේ සභාපති ධූරය හොබවමින් ජනගහන අධ්‍යාපනය බෙදමින් රට පුරා ගියේ මාද කැටුවයි. එනයින් මා වියතුන් සබා මැද රැඳ වූයේ ඇයයි.

ඉනුදු නොනැවතුනු ඇය නිර්මාණකරණයෙහි තවත් ඉම් කොන් සොයා යන්නී දැන්වීම් නියෝජිතවරියක් ලෙසද බොහෝ දෑ කලාය.

ගුවන් විදුලි නාටක වල බොහෝ විට ඇගේ චරිතය වූයේ ඉතා කට සැර,  දැඩි ඒවාමයි. ගිම්හාන ගීතයේ පියසීලි, මුවන්පැලැස්සේ තිසා, ලන්දේසි දූපතේ නීනි මිසී හා සුගන්ධිකා හී සුගලා බිසව තාමත් මතක ඇති කෙනෙක් ඇත්නම්?

නමුත් ඈ සැබවින්ම මුදු ගති ඇත්තියක් වූවාය. මුළු ලොවටම හැම දරුවෙකුටම ආදරය කළාය. බොහෝ දේ එකවිට කිරීමේ අපූරු හැකියාවක් හා දස්කමක්ද නොසිඳෙන ශක්තියක්ද ඈ වෙත ලැබුණේ කොයින්දැයි නොදනිමි.

ඉතා ආකර්ශණීය සිනාවක් නිරතුරුව මුව රැඳුන නිසාදෝ කොතැන ගියත් ඈ සිත් බැඳගන්නියක් වූවාය.
ඔසරියකින් සැරසී ඈ ස්වර්ණ හංසියක් සේ මේ දැනුත් මා නෙතෙහි මැවී පෙනේ, ඈ කඳුලින්  බොඳ  නොවෙන දසුනකි.

ජීවිතයේ සැඳෑ සමයට පිවිසීමට ඈ තුල තිබුණේ බලවත් අකමැත්තකි -" මේ රුවින් තොරව මා අන් අය දකිනවාට අකමැතියි"  පැතූ ලෙසටම සැඳෑ සමය ඈ වෙත පිවිසුනේ නැත, ඊට කලින් ඈ ඇගේ දිවියද අපද අතහැර  නව දිවියක් සොයා ගියාය.

2004 වසරේ දුරුතු මාසයේ 17 වැනිදා, ශනිදා පෙර සේම ආදරයද මුසුකොට උදේ ආහාරයට කිරිබත් පිස දුන් ඈ, ඉතා රසවත් දිවා ආහාරයක්ද පිසදී, ගේදොර හොඳින් අස් පස් කළාය.

" හ්ම්ම්...මහන්සියි වගේ...උගුරේ මොනවාද හිරවෙනවා" හවස 4 ට පමණ කියා ඈ ඇඳ මතට වූවා මතකයි. "අම්මා මට අවසරයි" ඇඳෙන් බැසගත් ඈ මගේ මිත්තණිය ගේ, එසේත් නැතිනම් ඇගේ මෑණියන්ගේ දෙපා  වැන්දේ නැවත නො එනා ගමන් යන්නට යැයි සිතුවේ කවුද? වෛද්‍යතුමා පැමිණෙන විට මේ සැම සිදුවී විනාඩි පහක් වත් ගියේ නැත. එහෙත් නාඩි ඇසුනේ නැතිලු ඔහුට. රෝහලට ඈ කැටුව ගිය අය නැවත, පැමිණියේ ඈ සමග නොවේ.  ඒ පහන මා නෙතින් නිවී ගියා එදා නැවත නෙත් ඉදිරියේ නොදැල්වෙන සේ .

අදින් දස වසකට පෙර අප හැර ගිය ඈ මගේ මෑණියන් වන  චිත්‍රා රංජනී ලංකාතිලකයි. ඇය දැන් සුගතිගාමීව  යහපත් නව දිවියක් අරඹා ඇතුවාට මට නම් සැකයක් නැත, ඈ කල පින් එලෙසයි, මෙපමණයි කිව නොහැකි බැවිනි.

 සතුට නිරතුරුව ඈ වටා සිටි බැවින්ද පැමිනි දුක ගැන තැවි තැවී ඉඳීම ඇගේ හුරුව නොවූ බැවින්ද මෙලොවත් තුටින් සිටි ඈ දැනුදු සතුටින් ඇතැයි සිතමි පතමි. ඈ නැති දුක මා වෙත ඇතිදු ඈ වෙනුවෙන් මා තුටු වෙමි.





Saturday, April 12, 2014

Where's the flower bloomed for me......?



සැනසුම
=====
උස් නූස් ගහ කොළ
වැඩුණු නොවැඩුණු අතු ඉති
පුරවාන
නේක හැඩ
නේක පැහැ
මල් කිනිති.......
ඒ මල් කුමකටද.....
මට මල් කුමකටද.....

පිපුණු මල මට හොරා මා නමට
කොහි වේද 
කොහි වේද....
එමල නැත 
උඩඟු බැළුමන් හෙලන
මල් අතර...

සිනා කොතරම් තිබුණද
ලොවට කොතරම් දැනුනද
මට දැනෙනු හුදෙකලා හැඟුමකිය...
මගේ මල නුඹ නැතිය....
නුඹ නැතිය 
මල් අතර.

යසනාත් ධම්මික බණ්ඩාර





Where's the flower bloomed for me.
=======================

Blooming up there  
with so much colour and beauty
are flowers - inflorescence
so many 
on all tree tops
high or low - branched or unbranched
I want none of them
my flower
you aren't there
amongst  those flowers

No they aren't mine
they aren't for me
where is the flower
the flower bloomed for me
my flower
you aren't there
amongst  those 
flowers with vanity gaze

So many smiles
to be seen
making the world bright
but I am lost in my solitude
my flower
bloomed for me
you aren't there
amongst  those flowers
where's the flower bloomed for me.

අනුවාදය - සමන්මලී අභයසිරි


Friday, April 11, 2014

හැමදාම නුඹ මගේ ලඟම නොවැ

රෝස පෙති දෙකම්මුල්
විකසිතව සෙනෙහසින්
සොම්නසම උතුරුනා 
කිරි කවඩි සිනා පොද
මේ අදත් මේ දැනුත් 
මා වෙතම පානවා නොවැ

හෙමි හෙමින් මුමුණමින් ගීපද
අතින් අත ගෙන මේ මල් මගෙහි
රස කතා ගොත ගොතා කියමින්
හිමිදිරියේ අරුණැල්ල සමගින්
මේ අදත් මේ දැනුත්
ඇවිද යන්නා වගේ නොවැ

ලී පෙට්ටියක් තුල උන් පරඬැලක් වන්
කලු පාට සුදු ඇඳි ඒ සිරුර
කොහොම සමපාත කරනුද
සිනා පිරි ලකල් ඔය මුවමඬලට
මේ අදත් මේ දැනුත්
කියන්නේ හිත ඒ ඔබ නොවේ කියා නොවැ

මේ සුවඳ මගේ දූ මට ගෙනෙන
පුබුදයි හිත දැනී නුඹේ සුවඳ
ඒ ගී කතා සුමියුරු ගොලුව ගියදා සිට
හීනයෙන් මිස හැබැහින් හිනා නොනැගීමි මම
මේ දැනුත් මේ අදත්
අනේ අම්මේ හැමදාම නුඹ මගේ ලඟම නොවැ



Monday, April 7, 2014

All I Want is Night!







රාත්‍රිය උවමනා කර තිබේ
==================

All I want is  night
The dark cold night
Not to lay in a blissful sleep
But to run away from the beings
To hide ………….

Please you little fireflies
Let me dwell in this dark night
Take away your illumine
All I want is the night
The dark cold night
To weep ………..

Footprints along the paths we strolled
Of four feet left so close by
Oh! How did they become apart
To know why we took pathways apart
All I want is the night
The dark cold night
To weep……….

Amidst the tranquil of the groves
Amongst the blooming blossoms
The hum and the hiss whispered
As sweet as honey of our love
To know why it became unheard
All I want is the night
The dark cold night
To weep…………

All I want is  night
The dark cold night
Not to lay in a blissful sleep
But to run away from the beings
To hide ………….

Lyrics – By Yasanath Dhammika Bandara
Translated – By Samanmalee Abayasiri

මේ දිගුව ඔස්සේ ගීය අසන්න






රාත්‍රිය උවමනා කර තිබේ
=================
රාත්‍රිය උවමනා කර තිබේ
නිදන්නට නොව
ලොවෙන් සැඟවෙන්න

කණාමැදිරියනි එපා ගෙට එන්න
රාත්‍රිය උවමනා කර තිබේ
වැලපෙන්න.......

එකට ආ මාවතේ
ලං ලංව
රැඳුණු ඇඳුණු සිව් පිය ලකුණු
එක පෙලට
දෙමගකට හැරුණු හැටි දැනගන්න
රාත්‍රිය උවමනා කර තිබේ
වැලපෙන්න.......

නිසල තුරු මානයේ
මල් මල් අතර
පිරූ පිරූ පෙම් ගී සොඳුරු
මුණුමුණුව
ගොලුවතට හැරුණ හැටි දැනගන්න
රාත්‍රිය උවමනා කර තිබේ
වැලපෙන්න.......

රාත්‍රිය උවමනා කර තිබේ
නිදන්නට නොව
ලොවෙන් සැඟවෙන්න .......

ගී පද යසනාත් ධම්මික බණ්ඩාර





Tuesday, April 1, 2014

කඳුලු - Tears





කඳුලු 
රැස්කොට තබන්න 
මුසාවෙන් දියව යන 
තණ්හාවෙන් බිඳී යන
මේ ඉසියුම් පළිඟු
විත තුල

කඳුලු
රඳවා අත්ල මත
පොවන්න,  දෙන්න ජීවය  නව ඉරකට
නැමී විසිරෙන කිරණ දෙන
අවදි කරවන පැතුම්

කඳුලු
වැටෙන්නට ඉඩදෙන්න 
පළමු පෙමෙහි පිය සටහනින්
පෙරැලූ සරුවූ පස මත
ලියලන්න නව අංකුර 

කඳුලු 
ඉසින්න
දුකද සොම්නසද මත
කම් නැත එය 
ඊයේ උපන්නත් අද ඉපැදුණත්

කඳුලු 
දේ නම් තෙත 
තෙමන්නට වියෝවේ ඉඩෝරය
සැඟව වියැකී මැකී ගිය
සිතියමෙන් හා සිතිවිලිවලින්

අනුවාදය සමන්මලී අභයසිරි



A translation of the poem-  Tears  by Malinda Seneviratne 

Catch them in a cup 
a brittle receptacle
porcelain that dissolves with lie
shatters with greed's immemorial caresses;
hold them in a palm
life to the new sun
and rays that bend and fall away;
pool them on soils
fertilised by first love's 
soft footprints ;
scatter upon miseries and joys
from yesterday and tomorrow;
it matters not,
as long as tears water
the dryness of absences,
all of them
lost. laid waste
erased from map and memory