Monday, June 23, 2014

Too Much Heaven - Bee Gees




Bee Gees යනු Barry, Robin සහ Maurice Gibb යන සොයුරන් තිදෙනා එක්ව තනා ගත් පොප් සංගීත කණ්ඩායමයි. 1960 - 1970 කාලයේ වෙසෙස් ආදරයක් දිනාගත් මේ සොහොයුරන්ගේ අපූරු ගීයක් මේ.


නොතිත් සෙනෙහස - සදාකාලික සුරලොව
==========================
ආදරය සුන්දරයි
සුන්දරයි බොහෝමත්ම
ඔබයි මගේ  වසන්තය
මල් පිපෙන - ගී ඇහෙන
ඒත් හීනයක්  වේද ඔබ
අවදිවන විට මැකී යන

කාට හිමිවේද මේ ආදරය
පිටාර ගලන තරමට ඉතින්
ඉවුරු  ඈතට ඈත්වූ ගඟකි එය
නොයා එගොඩට මා තවම මෙගොඩයි

කාට හිමිවේද සුරලොව සුරසැප
නිමක් නොවනා තරමට ඉතින්
බොහෝ දුර ඈතයි
මා තවම ගමනෙහි මුලයි

කාට හිමිවේද මේ සෙනෙහස
තුඟු පව්ව තරමට ඉතින්
දැනටමත් වෙහෙසයි ගතද සිත
මා තවම කඳු පාමුලයි

දයාවිය සුන්දරිය මා හදෙහි වසන්තිය
සදා උතුරා ගලන සෙනෙහසේ අමා ගඟ
දැවෙන සන්තානය නිවා සනසා දොවන
සිහිනයක් නොවනු මැන අවදි වන විට මැකෙන

යෞවනිය එන්න මේ මග මා සමග
සැරිසරන්නට නභෝ ගැබ තරු අතර
ඔබයි මගෙ හෙට දවස සදාකාලික ආදරය
ඉරද සඳ තරුද පහන් දල්වන්නේ දකින්නට අප පෙම

අනුවාදය - සමන්මලී අභයසිරි

 Too Much Heaven - Bee Gees


Sunday, June 1, 2014

අනුරාගයේ දෙවඟන - Aphrodite .........




අනුරාගයේ දෙවඟන
කිරි සයුරෙහි
මුදු පෙන මතින් නැගි
සුදෝ සුදු 
ඇෆ්‍රොඩයිට්.......

සුර අසුර මනු ලොවද
පීරා ඔබ පියා
සොයා දුන් වීරූපි හිමියා 
මමයි ඔබේ 
ඇෆ්‍රොඩයිට්.....

අරුණ සේ පිබිදුණු
මා සොඳුර 
ප්‍රේමය ඔබට විද නපුරු
අසම සම රුවැත්තී
ඇෆ්‍රොඩයිට්......,

ලකල් නුඹ රුව පතා 
ඇදෙන නෙක දුහුනන්ගේ
රුව දුටත්  හද දනීදෝ සොඳුර
ළදැරියකි නුඹ 
ඇෆ්‍රොඩයිට්......

සමන්මලී අභයසිරි

Aphrodite .........
=============

The fairest lady 
born as a pearl in  foam 
of milky white ocean
the goddess of passion  
Aphrodite .........

Zeus who sometimes
claims for your paternity 
gave you to me in marriage
the most deformed of all gods and men
Aphrodite........

As lush and lustrous as morning dew 
what an irony it is
is love kind enough for you
my dear goddess of love
Aphrodite..........

Gods and men swirling around 
enchanted by your beauty unrivaled
do you see what they are inspite of how they are
you are yet a child 
Aphrodite.........

Samanmalee Abayasiri