Friday, December 25, 2015

Why spring is so special, but autumn is not?



The last berry, the buzz and birdsong
would pass unnoticed 
who'd shed a tear on
the perishing last blossom
The onset of autumn 
is hailed with little warmth


The spring is greeted so dear
The eyes open wide
to set on the 
first flower in bloom
first squirrel out of hibernation
So sweet in the ears are the
first call of cuckoo 
and the first bee's buzz

Why spring is so special
but autumn is not?



Samanmalee Abayasiri

ප්‍රේමය




ප්‍රේමය
හරිත පැහැ වසත් කාලයයි
තුරු හිස් මලින් ගවසන
අයෙකුට පෙමින් ඔද වැඩුන

ප්‍රේමය
ගිම්හානයයි ගිණි දළු පැහැති වන
සැඩ තාපයෙන් මුදු මල් දවන
තවෙකෙකුට පෙමින් දැවෙන

ප්‍රේමය
පත් හලා තුරු නිරුවත් කරන 
වියලි පත් පැහැ හේමන්ත කාලයයි
ළතැවුලෙන් තවෙකෙක් කීය

ප්‍රේමය
ජීවයෙන් තොර අළු පැහැ ශිශිරයයි
රුදු සීතලෙන් සිත් මිදී ගල් වන
විරහා ගීයක ඇසුණි ඒ ලෙස



සමන්මලී අභයසිරි

ශිශිර ආයිත්තම



It's the winter clothes
plumage all grey
if they are
to stay



ශිශිර ආයිත්තම
අළු පාට පිළ් කළඹ
ලා ගත යුතු
නවතිනවා නම් 
නොගොහින්

මාරි කියුරී - විද්‍යාවෙහි අගරැජිණ







කවියක් ලියැවෙන්ට බොහෝ දේ නිමිති විය හැක. මෙය නම් අපූරුම නිමිත්තකි.

මාරි කියුරී - විද්‍යාවෙහි අගරැජිණ
=====================

අහෝ මාරී දයාබර මාරි කියුරී
සෙනේබර විද්‍යාඥවරිය
පෝලන්ත රූමතිය
ප්‍රංශයට දෙවියන් විසින් දුන්
පෝලන්තයේ රුසියන් පාලනය
පැනවූ බැවින් අවනීති
කියමින්
"විද්‍යාව කැප නැත ගැහැණුන්ට"

අහෝ මාරී දයාබර මාරි කියුරී
සෙනේබර උගත් ගැහැණිය
කුමන නම් යහපත් බලවේගයක්
නතු කරගත්තාද ඔබ නුවණැස
මෙතරම්ම විකිරණශීලි වන්නට
පෙනෙන්නට ඔබට පමණක්
ඉසියුම් පරමාණුක න්‍යෂ්ඨිය සතු බලය

මහා දැනමුතු මහැදුරු බෙකරල්
දැක ඔබේ විනිවිදින නැණැස
අවිය කොටගති නුඹ
සොයා විමසන්නට අරුමය
දැඩි බව විනිවිදින ලෝහ සම
ගූඪවූ විකිරණය

නැණැති පියරේ පෙම්බරා
දුටු කල සෙනේබර හදවත
බිරිය කොටගති නුඹ
අත්වැලක් වන්නට නුඹට
නිමකොට තනිකඩ ජීවිතය
දෙවියන් කැමති වූ ලෙස
සොයා ගන්නට පරමාණු
න්‍යෂ්ඨියක ඇති බලය

දෙවියෝ තෝරාගනිති මිනිසුන්
නැණැති සවිබල අනගි මිනිසුන්
සොයා ගන්නට වාශ්පයේ බලය
අණ කලේ ජේම්ස් වොට් හට
විදුලිය බැඳගන්ට ෆැරඩේට හැකිවිය
හෙන් රි පියරේ සමග මාරී
මුදාහැරියේ පරමාණුවක ඇති හැකි බව

බෙකරල් සොයාගත් විකිරණය
තුළ කිඳා බැස නේක වද විඳ
කිරා මැන බැලූයේ නුඹය
දයාබර මාරි කියුරී
නුඹේ ප්‍රිය මහැදුරු පියරේ
අත්හැර ඔහු සෙවුම් කිසිවක් නොපතාම
නුඹටම නොවිනිද සවිය

ටොන් ගණන් තොග පිටින්
විකිරණශීලි ඛනිජ
කැන සොයාගත් අංශුමාත්‍රයකි
පොලෝනියම් නම් වන
නිජබිමේ නමින් නම් ලද
විකිරණ සහිත දෑ වල අගරැජිණ
රේඩියම් හා සමග

එක් මූලද්‍රව්‍යයක් දෙකඩ කොට නවමු ඒවා තනා
සොයාගත්තාට තව නව අණුද පරමාණු
නුඹ ලැබූයේ කුමක්ද ? කිත් යසස් පැසසුම් බොහෝ
මහත් වූ තෘප්තියක් විකිරණ කිරණයෙන් විනිවිද අවිද්‍යාව

ලබා ලොව උස්ම සම්මාන විද්‍යාර්ථීන් ලබන
විකිරණය සොයාගත් බැවින් භෞතික විද්‍යාවෙන්ද
නව මූලද්‍රව්‍යයන් තනා රසායනයෙන්ද
ලබා බුහුමන් ගරු නම්බු නාම
තෘප්තිමත් වීද නුඹ

මෙන්ඩලීෆ් ආවර්තිතා වගුවේ පියා
සිය ගෞරවය පිදුවේ නුඹට
සරා සත් සයුරු මොස්කව් සිට පැමිණ පැරීසියට
පුදන්නට තුති මල් නුඹට
සොයාගත්තාට රේඩියම්
පිරෙව්වාට අඩුව ඔහු සොයා ගත් වගුව

සේම යස ඉසුර ගරු නම්බු නාම
වීය පිරිපත නේක අඳුරු කලකුත් සමග
රුදුරු විපතකි අකලට නැසුණි පියරේ
විකිරණය මැද ගෙවූයෙන් දිවි
ගත සෛල වී සතුරු පිළිකාවක් ලෙසින්
බිළිගති සියුමැලි නුඹ කොමළ වත

අහෝ මාරී දයාබර මාරි කියුරී
සෙනේබර විද්‍යාඥවරිය
බොහෝ බැතියෙන් සිහිකරන්නෙමු
සපථ කොට ඔබ නමින්
යොදාගන්නා බව ඔබ සොයා ගත්
න්‍යෂ්ඨික බලය යහපතටම
ඒ මිස ලොව නසන අවියක් ලෙස
යොදා නොගනිමු කිසිවිට

අනුවාදය - සමන්මලී අභයසිරි



1110 Marie Curie - Queen Of Scientists

 Poem by John Knight

Oh Marie Marie - beloved of all Sceintists
Polish beauty spirited by God to the Sorbonne
Because the Russian Authorities in Poland
Decreed that 'Ladies should not study Science! ! ! ! !

Oh Marie Marie beloved of all Intelectuals
What Spirit forged thy brain to make it so....
To make it so Radioactive - that you could see
You alone could see the potential of Nuclear Energy?

Professor Bequerel - in his wisdom - chose you to probe
To probe the mystery of the mystical radiation
Radiation that ignored physical barriers - and passed
Through thick paper - but found its match in metal.

Pierre Curie - in his wisdom - chose you to be his bride
It is not good for Man to dwell alone - or Woman to work alone.
God -in His Divine wisdom - saw that the time was right
For a new source of Global Energy - NUCLEAR ENERGY!

God chooses people - God uses people
James Watt to harness the power of steam
Michael Faraday to develop the electric motor
Henri - Pierre - Marie to unleash the latent power of the Atom.

Bequerel discovered radioactivity by scientific intuition
Marie Curie quantified it by painstaking investigation
Pierre Curie - Professor of Physics at the Sorbonne
Forsook his own reaserch to support you unconditionally.

Tons and tons of Pitchblend to yield a few grams
Of POLONIUM named for your beloved Poland
And RADIUM - Queen of the radioactive elements
Thousands of times more radioactive than Uranium.

What was your reward - Satisfaction and Honour?
Satisfaction in the isolation of two new elements
Out of the 92 naturally occuring ones
Satisfaction of nailing Henri's strange emanation.

Honour of a Nobel Prize for Physics for Radiation
A Nobel Prize in Chemistry for the isolstion of....
Radium and Plonium - Honours form all the....
Major Scientific Societies in the whole World!

The honour of a visit - all the way from Moscow to Paris
Dimitri Mendeleev - Father of the Periodic Table
To thank you personally for the isolation of Radium
Which he called eka-Barium - a gap in his beloved table!

But there was also a PRICE - this is true of all Research
Your beloved Pierre died prematurely in an accident
Because he was weakened by Radiation Sickness
Your own premature from Leukemia at sixty-two.

Marie you are a miracle - the World's Greatest Scientist
Your work in the Great War - driving a mobile X-rey machine!
The establishment of the Marie Curie Radium Instuitute
The application of radioactivity to combat cancer.

Oh Marie Marie - Beloved of all Scientists
We honour you name - we respect you discoveries
We solomly promise to harness Nuclear Energy for GOOD
And never ever again use it for Weapons of Mass Destruction!

ඉර හඳ




කොපමණ තේජසක් 
තිබෙන මුත් ඉරට
පිරිවරක් තරු ඉන්නේ 
හඳටම නොවෙද
සොමි ගුණැති.

සිරකරනු බැරි මකරන්ද




තුඟු විසල් පවුරෙකි 
උල්වූ පළිඟු කටු
විලිස්සා බිය ගන්වන
අනවසරයෙන් ඇතුල්විය නොහැකි
ඇතුල් වුවහොත්
සුනඛ දත් විලිස්සන

පවුර තුළ නඳුන් උයනෙකි
නන් වණ් සුවඳැති
මනරම් මලින් ගැවසුණ
අනවසරයෙන් වුව 
තටු ඇතියවුන් යන එන
සුවඳ විඳ රොන් උරාබොන
සිනිඳු පෙති මත
සැතපෙන 

රකින්නෝ මෙඋයන
නොදනිති රහස් මල් ගැන
මලෙක රුව සැඟවුවද
උස් පවුරු බැඳ
කෙසේ වළකන්නද
සුළඟ හා දැවටී
ඉගිලෙන මකරන්ද

සමන්මලී අභයසිරි

Friday, November 27, 2015




තාමත් ඇසෙන කන්කලු ගුවන් විදුලිය....
===========================

ඒ නම් අපූරුම කාලයක්. එය  හැඳින්වූයේ ගුවන්විදුලියේ ස්වර්ණමය යුගය කියා. රිජ්වේ තිලකරත්න මහතා ගුවන් විදුලියේ සභාපති තුමා වශයෙන් කටයුතු කල කාළයයි ඒ. පුවත් පත හා ගුවන් විදුලිය පමණි Mass Media ලෙස හැඳිවිය හැකි මාධ්‍යයන්ට වූයේ. ජනතාව ගුවන් විදුලියට ආසක්ත විය. කිසිදා නොදුටු නමුත් මහා පෞර්ෂයකින් හෙබි ඒ කටහඬවල් වලට ඔවුන් මහත් සේ බැඳුණි. ඒ ඒ කටහඬ හිමි වූවන් පිළිබඳ චිත්ත රූප මේ යැයි මවා ගන්නට ඔවුන් රිසි විය.

 ගුවන් විදුලි නාට්‍යය අපූරුම වින්දනීය වැඩසටහන් පෙළකි. අද පවතින මේ ටෙලි නාටක මාලාවන් බිහිවූයේ මේ ශ්‍රව්‍ය මාලා නාටක   ශ්‍රව්‍ය දෘශ්‍ය ආකාරයක් ගැනීමෙනි. නමුත් ගුවන් විදුලි නාටක වඩා සමීප වන්නේ පොතක් කියැවීමටය. මන්ද එයින් කතාවක් රස විඳින ශ්‍රාවකයා තුළ චරිත - සිද්ධි හා පරිසරය පිළිබඳ තමාට රිසි චිත්ත රූප මවාගැනීමක් සිදුවෙන බැවිනි.

ටෙලි නාට්‍යය මෙන්ම ගුවන් විදුලි නාට්‍යද ඒකාංගික හෝ මාලා නාටක විය. ඒ අතරින් අදටත් තාමත් බොහෝ දෙනෙකුට මතක ඇති වූ නාටක දෙකක් වූ මුවන්පැළැස්ස හා මොණරතැන්න ඉතා දිගු මාලා නාටක විය. මුවන්පැළැස්සේ කෝරළේ මහත්තයා ( විජේරත්න වරකාගොඩ විසින් හඬ දෙන ලද ) හා මැණිකේ (රත්නාවලී කැකුණවෙළ විසින් හඬ දෙන ලද ) අදටත් දැන්වීම් කලාවේ පවා මහත් ජනප්‍රිය චරිත දෙකකි. කදිරා හා පිනා වැනි චරිතද එසේමය. මුවන්පැළැස්සේ තිසාගේ චරිතයට හඬ දුන්නේ මගේ මෑණියන් ය. ඇය චිත්‍රා රංජනී නම් වූවාය.

ඈ රඟපෑ බොහෝ චරිත කට සැර රළු පරුශ ඒවා වූ බැවින් බොහෝ රසිකයින් තුළ ඈ පිළිබඳ වූ චිත්තරූපය එසේ විය. ගිම්හාන ගීතය නම් ගුවන් විදුලි නාට්‍යයක ඈ රඟපෑ බව මා අසා ඇතත් ඒ ගැන මතකයක් මට නැත. එය රචනා කළේ කරුණාසේන ජයලත් බව මට මතකය. ඒ නාට්‍යයේත් ඈ කට සැර පියසීලිම වූ බවද අසා ඇත්තෙමි.

මොණරතැන්නේ රජ්ජුරුවෝ මතක ඇති බොහෝ දෙනෙක් මෙහි ඇති. ජේ එච් ජයවර්ධනයන්ගේ  ඒ අපූරු හඬ පෞර්ෂය කෙසේ නම් අමතක වේද? ලලිත ලලනා ලාලිත්‍යයෙන් අනූන කුසුම් පීරිස් ගේ හඬ කෙතෙක් නම් අසික හදවත් බැඳගන්නට ඇතිද?

ගජමුතු හා සුගන්ධිකා ද මගේ මතකයට එයි. රදල තරුණයෙකු නැටුමට හා පාරම්පරික සාම්ප්‍රදායික නැටුම් කුලයෙක තරුණියකට පෙම් බඳින කතාව ගජමුතුයි. එය ඇසෙන දිනවල මා කුඩා එකියකි - එකල මගේ සිත් ගත්තේ නෙරංජලා සරෝජිනියගේ මිහිරිතම ගීයක් වැනි කතා විලාසයයි. කරුණාරත්ණ අමරසිංහයන්ගේ මහත් රොමාන්තික වූ එවන් හඬ මෙන් හඬක් අදත් ඔහුටම මිස අනෙකෙකුට නැත.

සුගන්ධිකා ඓතිහාසික කතාවෙකි. වඩා මෑතක ගුවන් ගත වූවකි. ඉන් පෙරද එවන් ඓතිහාසික නවකතා ගුවන් ගත වුණි. ඇස් දෙක හා ශෛලකළ්‍යාණී ඒ අතර මට අමතක නැත.  සුගන්ධිකා හී ප්‍රබලම කාන්තා චරිතය වූ සුගලා බිසවට හඬ දුන්නේ මගේ මෑණියන් ය. එය රචනා කලේ මර්වින් සේනාරත්නයන්ය. කුසුම් පීරිස් හා ටී ඩී කේ ඒ ජයන්තයන් අනෙකුත් චරිත වලට හඬ දුන්නා මතකයි.

ගුවන් විදුලිය කෙලෙසවත් දරුවන් අමතක කළේ නැත. ගුවන් විදුලි නාටකයද එසේමය. 'ලන්දේසි දූපත' අප දරුවන් කල අපේම වූ නාට්‍යයයි. සමන් ආතවුදහෙට්ටි හා ආරියසේන හඳුවල විසින් රචිත මේ අපූරු නාට්‍යය නිෂ්පාදනය කලේ මහින්ද අල්ගමයන්ය. ලන්දේසි දූපතේ ජිල්ජෝන් හා වැන්දබෝනා අපේ කාලයේ ළමුන්ට නම් අමතක නැතුව ඇති. සුනන්දා සරත්සේකර - සන්ධ්‍යා සරත්සේකර -  කැළුම් විජේසූරිය - මාලක මිහිර බණ්ඩාර මෙහි පමණක් නොවේ කොතෙකුත් ළමා නාට්‍යවල දරුවන් වූවෝය.

මෙපමණක් නොවේ තවත් බොහෝ සේ ජනප්‍රිය වූ මාලා නාටක කොතෙක්ද? මෙවන් මාලා නාටක පමණක් නොවේ ඒකාංගික ලෙස ගුවන් ගතවූ ගුවන් විදුලි රඟ මඬලද එකල බොහෝ සේ ජනප්‍රිය වූ වැඩසටහනකි. නාට්‍යැයට මෙන්ම එහි තේමා වාදනයද ඉමිහිරිය. අදත් එය ඇසෙද්දී දැනෙන්නේ සතුටකි.

ගුවන් විදුලි ප්‍රසාන්ගිකත්වයට කණ කොකා හැඬුවේ රූපවාහිණිය නිසා යැයි මට සිතේ. එපමණක් නොව තොර තෝංචියක් නැතිව වචන හළන මැත දොඩන ගිරා පොතකයින් නිවේදකයින් වන එෆ් එම් සංස්කෘතියද එයට වග කිවයුතුය. මේ එෆ් එම් නාළිකාවලද දැන් නාට්‍යය ගුවන් ගතවනු ඇසේ. ඒවා ඇසෙන විට මට දැනෙන්නේ දුකක්ද තරහක්දැයි නොදනිමි.



මතු සම්බන්ධයි.....

Wednesday, August 12, 2015

This tear drop isn't mine - මේ කඳුළු බිංදුව මගේ නොවෙයි





This tear drop isn't mine
but yours...

This crescent of a tear drop 
glittering in a faint glow 
through the silky canopy
as cold as a fading star
lifeless and dying 
is your possession 
it isn't mine

You who taught me 
to read the sorrowful words 
of the scripture of demise 
to me who never knew 
the bitterness of weeping
you are the owner of 
this tear drop so cold
it isn't mine


Translation by - Samanmalee Abayasiri


Friday, July 31, 2015



ආදරය හා විරහව
===========

අවසර නොගෙන
හෙමි හෙමින් අඩවන් 
කවුළු පියන් ඇර
හද තුළට වන් ආදරය
මුදු මද නළකි සුව දුන්

ආ ලෙසම මුදුව
ඈත ඈතක ඇදෙද්දී ආදරය
දොරගුල් දමා නොවැසූ හෙයින්
සුණු විසුණු කර ජීවිතය
ඇතුළු වුණි විරහව
රුදු චණ්ඩ මාරුතයක් සේම


සමන්මලී අභයසිරි


Wednesday, June 3, 2015

ඉන්ද්‍රජාලය



නුඹ
අපූරුම ඉන්ද්‍රජාලිකයෙක් 
නැත ඉන්ද්‍රජාලයක් 
සිතූ පැතූ ලොව මවන
පළසක් මතින් අහසින්ම
මා රැගෙන යන 
ආලෝකයට වැඩි වේගයෙන් ගොස්
කාලතරණය කරන
ග්‍රීක කලෝසියමක වීණා තත් හඬවන
නුඹ ඉන්ද්‍රජාලිකයෙක් 
හැබෑම ඉන්ද්‍රජාලයක්
යථාවක් නොවිය යුතු



සමන්මලී අභයසිරි

Tuesday, June 2, 2015

යළි උපන්නෙමි



ඔබ නිසා සිත මිය ගිහින්
ආයෙමත් අද ඉපදුණා
මෙතෙක් මා යැයි සිතා සිටි මා 
ජීවිතය හැර දා ගියා

සැලෙනු බැරි මහ සෙලක් වූ සිත
පියාපත් ලද විහඟෙකි අද
සරයි ගගනත නැතිව සීමා
දකියි පෙර දා නොදුටු විසිතුරු

ලදළු නටනා තුරුණු තුරු හිස්
ලකල් මනකල් මලින් ගැවසුණ
සා මුවන් නෙක සමනලුන් හා 
සිහින දෙව්ලොව සැරිසරයි සිත

සමන්මලී අභයසිරි

Please paint it otherwise




The starless dark cloudy sky
you see tonight
is a sketch of my soul so blue
made by your indifference


You can paint it otherwise
even tonight 
just with a tiny word of love
a tinge of light in a tender touch


Don't you like the comfort 
of a balmy pleasant breeze
why whirl in this tempest 
that wrecks our souls indeed



Samanmalee Abayasiri


Do you know me ?




Do you know me 
and I, you
we may know us 
know us enough 
to let the hearts 
beat in a fusion 
to let the souls
flow in solution
to let the life to
flutter or shatter 
in ultimate dissolution
Do you know me 
know me enough
and I, you.


Samanmalee Abayasiri

රැවටෙනු රිසි...




මදු මී තැවරූ වදන්
ඉනා වන් සිනාවන්
එකින් එක හදෙහි රුවා
මාන අනුමාන නැතිවම
පිළිගතිමි ඇදැහුවෙමි
ඒ සැරසුම්ද ගිවිසුම් 
රැවටුම්ය සැක නැති
එද පතමි අයදිමි
එනු මැනවි නැවත
ගෙන ඒ වදන් හා සිනා
එවන් රැවටුම පමණි
තුසිතය විඳිනු රිසි

සමන්මලී අභයසිරි

Friday, May 22, 2015

කුඹුක් හෙවණ








මා නැරඹූ සිංහල චිත්‍රපට අතුරින් රූප රාමු සමගම මසිතෙහි රැඳී ඇති චිත්‍රපට කිහිපයකි. ඉන් පළමු තැන ගන්නේ හඳයාය. වගීකරණයෙන් වැඩිහිටියන්ට පමණයි යන වර්ගයට අයත්වූ බොහෝ සම්භාව්‍ය නිර්මාණ නිපදවන්නන් හා තරහවක් ඇතිව සිටි කාලයකි එය. ඒ මම ඒ දවස්වල පොඩිහිටියෙකු වූ බැවිනි. හඳයා එන්නේ ඒ කාලයේය. ටයි මාමා තරම් ආදරණීය සිනමාකරුවෙකු අපට නොවීය. රූපවාහිණියෙහි ඔහු කල කී දෑ නිසා ඒ ආදරය තවත් වැඩිවිය. 



සිඟිති ලොවේ සුරතල් හඳයා
සිහින රටේ සිට ආ හඳයා
ළපටි සිතුම් හඳුනන්න හඳයා
අදත් හෙටත් හිනැහෙයි හඳයා....

හැබෑවට හඳයා තාමත් අපේ හිත්වල දුව පනී. 

මෙන්න හඳයා ඇවිල්ලා.....!



හඳයා චිත්‍රපටයේ මගේ ප්‍රියතම ගීයයි ඒ.

වඩා වැඩි යමක් නොතේරෙන අයිස් චොක් කන්නට සිනමා ශාලාවට යන ඒ කාලයේ වුව නැරඹූ ළමා චිත්‍රපට නොවූවත් මා අතිශයින් ප්‍රිය කරන රූප දුටු තවත් චිත්‍රපටයකි අහසින් පොළොවට. අදටත් එහි කතාව ගැන මතකක් නොවූවත් ශ්‍රියාණි අමරසේන හා වසන්ති චතුරාණිගේ සුන්දරත්වය එදා දුටු අයුරින්ම සිතේ පවතී.



අහසින් පොළොවට කෙතරම් සොඳුරුදැයි විඳින්න මේ ඉන් විනාඩි කීපයක් 

හද පාරන මාරුතයේ 
ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ
සුවඳයි මලයි ඔබමයි......

අහන්න උපුල් නුවන් විදහා



තවත් එවන් සොඳුරුතම රූප අදටත් යළි යළිත් ගෙන විඳින අපූරුම චිත්‍රපටයක් වසන්තේ දවසක්.

" මේ ටොෆිය හරි රසයි" 
" කියන්න ඒක මොන රසද?"
"කොහොම කියන්නද ඒක? ආ එහෙනම් මෙන්න ඔයාටත් එකක්"

විඳලාම බලන්න වසන්තේ දවසක් .....

දේදුන්නෙන් එන සමනලුනේ
ගම්මැද්දේ පොඩි කුරුල්ලනේ 
රෑන් රෑන් ඇවිදිල්ල
අපේ ලඟින් ඉඳහල්ලා.....



මේ වාගේම සොඳුරු දසුන් හා මිහිරි ගී සමග මහත් රස කැටි කල චිත්‍රපටයකි මොණරතැන්න. ගුවන්විදුලි කනට වඩා රූපවාහිණී අඟ ලොකු වෙන්නට කලින් අපි ගුවන් විදුලියේ විඳි මොණරතැන්නෙන් මැවුණු චිත්ත රූප හැබෑ කල අපූරුවයි මේ.

එන්න මේ අතිශයින් රොමෑන්ටික් කුඹුක් හෙවණට



මේ හැම චිත්‍රපටයක්ම කළු සුදු, නමුත් ඒ ඉන් මැවුණ රස විචිත්‍රයි අපූරුයි. 

මේ සියලු රූප රාමු අතරින් කිසි සේත් අමතක නොවන තාමත් මතකයට එනවිට ඇසට කඳුලු එන එක් රූප රාමුවකි. ඒ 'සරුංගලේ' චිත්‍රපටයේ අවසාන දර්ශන පෙළයි. මතක් කරගන්න ඔබටත් මතක නම් 'සරුංගලේ' නඩරාජා මහත්තයා. 

ඔබත් විඳින්න මේ මා ප්‍රියකරන ගී ගොන්නෙහි මුදුනින්ම ඇති 

ඉසුර දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි
විෂ්ණු බ්‍රහ්ම මෙහෙසුරු දෙවි පිහිට පතන්නයි...



රටක් හදන්නට නම් එහි වසන්නෝ හැදිය යුතුය. සදාචාරයක් විනයක් නැති රට වැසියන් වසන රටක දියුණක් කෙසේ පතන්නද. මෙවන් අපූරු රස භාව මවන නිමැවුම් - චිත්‍රපටයක පමණක් නොවේ ගීයක වුවද අද දැකිය හැකිවෙද ? එන්න එන්නම පිරිහෙන සමාජයක තතු කියැවෙන්නේ එහි පවතින කලා රසය යැයි මට සිතේ. සරුංගලය හදවතින් විඳි හදක ජාතිවාදයක් හටගත හැකිද? දේදුන්නෙන් එන සමනලුනේ විඳි කෙනෙකුට ගැහැණියකට අතවර කල හැකිද ?

අප කලා කාන්තාරකරණයකට ලක්වෙමින් සිටිතැයි මට සිතේ.


සමන්මලී අභයසිරි

Wednesday, May 13, 2015

ජීවිතය




හිමිදිරිය සොඳුරුයි 
නවමුයි පිවිතුරුයි
නොදනී අරුණ
දවස ගෙන එන පිරිපත

මද්දහන ග්‍රීෂ්මයි
වෙහෙසයි ව්‍යාකූලයි
අරුණ නොම දුටු අරුම
පළ වෙයි දහවලක

ගොම්මන නන් වණින් සැදෙයි
එළිය යයි අඳුරට ඉඩ සදයි
මතක සියොතුන් කැඳවා 
පිරික්සයි අරුණ හා දහවල

රාත්‍රිය සීතලයි නිහඬයි 
එනමුත් බොහෝ දේ දනියි
බැඳුම් ගිලිහුම් සැමරුම් මැද
දුක දකී නික්මනක


සමන්මලී අභයසිරි


යළි එන්න




සඳ දෑත් දිගුකොට
දියරැළි පිරිමදින 
මේ මිහිරිතම රැයේ
මිහිර මා වෙත එන්න
රැගෙන අප පෙර මතක
කොඳ මල් මකරන්ද තැවරූ පිණි
මුදුව දෙකොපුල් සිඹින
මේ සුසුවඳ රැයේ
මිහිර මා වෙත එන්න
කඳුලක රැඳී නෙතු මත
කන්කලු මියුරු මියැසිය
පෙම්වත් රෑසියන් ගයනා
මේ අමයුරු රැයේ
මිහිර මා වෙත එන්න
විරහා ගී සරයෙක
නඳුන් උයනෙහි සිරි අසිරි
මැවෙද්දී ලකල් තුසිතය
මේ සිහින රාත්‍රියේ
මිහිර මා වෙත එන්න
මා වෙතින් රැගෙන ගිය
ජීවිතය ගෙන එන්න

සමන්මලී අභයසිරි

Friday, May 8, 2015

මී මැසි



කිවිඳුනි ඔබේ කවියෙහි
පෙම්වත් බඹරිඳු නොවෙමි
මෙහෙකාර මැස්සෙක්මි
මධු සොයා මලට යන

කෙසේ පෙම් බඳින්නද
මල් කුමරියන් හට  මම
අකැප දා මැස්සියකටම
වුව සෙනේ පුදන්නට

පෙම්සුව විඳින්නට හැකි
රජ මැසි මැස්සියන් හට පමණි
වහලුන් වන අප සොයා එන මධු
උන්ගේ පැටවුන් තනනු පිණිසය

සමන්මලී අභයසිරි

කුවේණි නොවෙමි



තඹ පැහැ වැල්ලෙහි වැතිර
සාපිපාසාවෙන් පීඩීතව
ගිලන්වී අවුරැසින් දැවී මිලිනවු
අයෙක් දුටුවෙම් වෙරළත

සයුරු මැද සැඩ සුළං වැද
බිඳුණු නෞකාවක නැවියෙක්
නොදන්නා මුත් වතගොත
සරණ වූයෙම් දයාවෙන්

නසා සුන් කොට ලේ බැඳුම් හැම
මාපියන් නෑසියන් අතහැර
කිරුළු සිහසුන් පුදා සෙනෙහෙන්
මගේ විජිතය ඔහුට දුන්නෙම්

රජ කිරුළු පැළැඳි හිස
ගලක් කල නියාවෙකි ඔබ හද
මා මෙන්ම ඔබ ලෙයද
පළවා හරින්නට වාසලින් අද

මේ මගේ විජිතයයි
හැර නොයමි නොහැර ඉමි
අනෙකෙකුට දී දිනුම
මියෙනු යෙහෙකියි සටන් වැද

සමන්මලී අභයසිරි

My soul mate


You may have walked beside me
along in a long way
for eons 
our paths may have crossed
sometimes more timely than others
yet I know we are just one
one divided into two
parted only to meet again
Alas ! this time untimely
So let us part now
to meet again 
and never to part
to be one 

Samanmalee Abayasiri

තණ්හාවට එරෙහිව මරණය




එකම අක්කරයක් දෙන්නට බැරිද මට"
ඉල්ලා සිටියි මරණය
මහ යායක් හිමි තණ්හාවෙන්
"නොදෙමි එක අඟලක්"කීය තණ්හා.

උදුරා" ගති මරණය මුළු පෙරදිගම
එද නොපරදී මාන්නක්කාර තණ්හාව
තැනුවේ බලකොටුව අවරදිග
එතැනින් නිමා විය ගැටුම.

අනුවාදය - සමන්මලී අභයසිරි



Said Death To Passion - Poem by Emily Dickinson
======================================

Said Death to Passion
'Give of thine an Acre unto me.'
Said Passion, through contracting Breaths
'A Thousand Times Thee Nay.'

Bore Death from Passion
All His East
He - sovereign as the Sun
Resituated in the West
And the Debate was done.

Emily Dickinson

Wednesday, May 6, 2015

නවමු ගී එකතුවක්

කාල අවකාශ මාන ඔස්සේ මුණගැසෙන උදවිය එකිනෙකා කෙරෙහි නන් බැමි වලින් බැඳෙත්. සයිබර් අවකාශයද එවන් තව මුණගැසුම් වලට මග පාදන මානයකි. සත් සමුදුරෙන් එපිට පැය 12ක වෙනසකින් ඈත මෑත සිටින Manel K R Fernando නැතිනම් මා දයාබර මානෙල් අක්කා මට මුණගැසුණේ මේ අවකාශයේ සරද්දීයි. ඈ මට මුලින්ම මුණ ගැසුනේ ගීයක වරුණ සමූහයේයි මට මතක හැටියට ඒ 2013 වසරේ විය යුතුයි. ඇගේ හඬින් ගැයුණු මා ඇසූ මුල්ම ගීය සුනිල් එදිරිසිංහයන්ගේ "රණවරා ගහේ මල් පිපෙන කාලෙට" ඉන්පස්සේ "බලෝ බශී" බෙංගාලී ගීය - මිහිරට ගී ගයන්නට ඈ බාලිකා කල පටන් හපනියක් බව මට දැනගන්නට ලැබුණා.

මානෙල් අක්කා පහුගිය දුරුත්තේ ලංකාවට ආවේ මා කිසිදා විඳ නැති නමුත් බොහෝ පෙම් බඳින සරත් සමයේ සිහිවටන රැගෙනයි. නමුත් ඈ දකින්නට මට යන්නට මට ඉඩක් ලැබුණේ නෑ. හැබෑවට රුවින් නොදුටුවත් හිතින් හඳුනන බොහෝම ලෙංගතු මානෙල් අක්කා ලංකාවට ආවේ අපට තව යමක් දෙන්නටයි. ඒ ඇගේ හඬින් ගැයුනු ඉමිහිරි ගී එකතුවක්.

එකිනෙකට වෙනස්ම පදවැල් හා ගැයුම් අපූරුයි. ඒ එකිනෙක විඳිමින් ඈ ගැන යමක් ලියන්නට පෙරුම් පිරුවේ බොහෝ කල් සිටයි.

 මේ මානෙල් අක්කාගේ ගී එකතුවෙහි ගී කිහිපයක්. අසන්න, විඳින්න මේ මිහිර....


බිඳී අත්වැල





බේරේ තොටියා



සරා සඳ ඇවිත්...!


පහන් දැල්වී තියේවා...!