Friday, March 6, 2015

රැකවරණ



මොළකැටි දෙපෙති
පැළයක් වීමි
පොළෝ ගබ පලා ආ
ශිශිරයක
මම ......


ඔබ........
හරිත නිවස විය
මා වැඩූ 
දෙමින් මුදු එළිය හා 
පෙම්වත් උණුහුම



සමන්මලී අභයසිරි

සඳ වෙමි - අහස හැරයමි

ගසක අතු 
සුරලොව වඩින්නේ
මුල් අපායට යන නිසයි

කාන්තිය දී 
තරු දිලෙන්නේ
සඳ අහස හැර ගිය නිසයි

මුතු කැටක් 
බෙල්ලෙකු තනන්නේ 
රිදුම් දුන් වැලි කැට නිසයි

හෙට ලොවට
හිරු එළිය දෙන්නේ
අද සවස බැස ගිය නිසයි


සමන්මලී අභයසිරි


A Weeping Flower



I heard a sigh 
a sob so soft
I saw a weeping flower
a Forget me not.
A glittering pearl 
on her satin softness
one may think 
it's a dew drop
but I heard 
the sigh and sob 
so I know
it drained off of a 
melted heart
and it's called 
a tear drop.....



Samanmalee Abayasiri

අඳුර



අද නැත සඳ

සැඟවී තරුද

තනියට ඝනඳුරය

අඳුර මිතුරුය


අඳුර ගෙන එයි එළි

ඈත ඈතක දිලුණ

අඳියි සිත් තිර මත

ඉපැරණි සිත්තම්




හීන් හඬකින් වැයේ

වැළපෙනා රෑහි හඬ

හද දවන ස්වරයකින්

මේ අඳුරු රෑ



සමන්මලී අභයසිරි




Hotel California - Eagles

අධිතාත්වික රීතියක ලියැවුණු මේ ගීය විවිධ අය නන් අයුරින් ලිහා බලයි, විඳියි. මෙය තිදෙනෙකු එක්ව ලියන ලද පදවැලකි. ඩොන් ෆෙල්ඩර්, ග්ලෙන් ෆ්‍රේ හා ඩොන් හෙන්ලි මේ තිදෙනායි. ගීය ගයන්නේ 70 දශකයේ ඉතා ජනප්‍රිය  Eagles සංගීත කණ්ඩායමයි. මේ මා විඳි Hotel California ගීයයි. ඔබත් විඳින්න.

Hotel California 
===========
සීත ඝනඳුරු ඒ රැයෙහි
තව දුරක් යනු නොහී
කතර මැද මහ මගෙහි
ළපටි මීවන දළු  සුවද පිස
හමා එන වියලි මාරුතය
දෑස් රිදවා වෙහෙසූ බැවින්
දරනු නොහැකිව රිදුම් 
හිස කඩා වැටෙණා බැවින්
සෙව්වෙමි පහන් වනතුරු 
ගිමන් නිවනට ලැගුම් ගන්නට
නවාතැන්පළක්
රැය ගෙවන්නට 

දුටිමි ඒ තානායම 
සුවපහස් දෙන 
විසල් දොරටුව අස නෙතු පිනන රුවකි
කැඳවනා සීනු හඬ ඇසෙද්දී
වෙද මෙය තුසිත භවනක්
නැතොත් මහ නිරයක්
සිත නැගි දෙගිඩියාවෙන් වුව
ඉටිපහනක් ගත් අයෙක් හා
පිවිසුණෙමි එතුළට
නේක හඬ අවටින් අවදිවූ
ආදර ඇරයුමක් සේම ඇසුණේ

පිළිගනිමු මේ භවනට ආදරෙන් ඔබ
තුසිතය සේම ආනන්දනීයයි මේ ගෙය
සුරඟනක් සේම සොඳුරුයි ඈ රුව
සැමදා දොරටු හැර ඇත 
ඔබ වෙනුවෙන්ම මෙහි 
වසනා දිනක් නැති

සිත් වසඟ කරවන මායම් 
නිමක් නැත ඈ වෙත
කතාවෙහි ලතාවෙහි  
කළඹනා සරකින් දොඩන
බුහුටි යොවුනන්ය මිතුරු 
රඟති පාමින් අඟ දඟර 
ඇතමෙක් රඟති
අත හරින්නට දිවිය
තවෙකෙක් බදා ගන්නට

"කැප්ටන් බීමට වයින් ඇත්නම් යසයි! "
ඇණවුම් කලෙමි මම 
සිත්වූ නිසා තොලගාන්නට මධුවිතක්
"නවසිය හැට නමයෙන් පස්සේ
 අප ලඟ නෑ නොවැ ඒ ස්ප්‍රීතු "
කීවේ ඔහු බොහෝ කල් එ රස 
මෙහි නොවූ බව දනවමින් 

දෝංකාර දී ඇසේ යලි යලි 
නින්ද බිඳිමින් මැදියමේ
නේක හඬ අවදිවූ කියනු
පිළිගනිමු මේ භවනට ආදරෙන් ඔබ
තුසිතය සේම ආනන්දනීයයි මේ ගෙය
සුරඟනක් සේම සොඳුරුයි ඈ රුව
අරුම නැත ඔවුහූ වසති මෙහි
මේ විසල් භවනෙහි
බිඳ දමා නුහුරු බව
හුරු පුරුදු ලෙස ඉන්න

කැටපතින් සැදි උඩුවියන
අයිස් කැට මත 
ඉපිලෙන ළා රත්
ෂැම්පේන් මධු දියය
ඈ කියන්නී මෙසේ 
පසක් කරමින් ජීවිතය
"වහලුන්ය අප - අප තනාගත් යන්ත්‍රයේ"
ඒ විසල් ශාලාවෙහි
විසල් මේසය මත
මසට ගන්නා සත්ත්වයා
කපන්නට කොටන්නට වෙර දරයි
අනිමින් වානේ වලින් සැදි පිහි ගෑරැප්පු
ඒ වටා වට වූ උන් 
එනමුත් මිය නොයයි ඌ
නේක විඳවුම් විඳිමින්

මේ ඇතිය - දැන් ඇතිය
දුටු සුර ලොවක් මෙහි නැත
සාමයක් නිදහසක් නැත

අවසානයේ මතක ඇත්තේ මෙයයි
දිව ගියෙමි දිව ගියෙමි සොයමින්
පිටව යන මග 
සොයා ගනු නොහී අතරමංව
යා යුතුය යා යුතුය 
මෙහි රැඳෙනු නම් බැරිය
"කලබල නොවන්න " රෑ මුරකරු කිවේය
"අපට උදව් විය නොහැක පිටව යන්නට
ඇතුළට එන හැටි පමණි 
කියා දෙන්නට හැකි"
මෙතැනින් පිටවන්නට සිතූවත්
ඉන් පළා යනු නොහැක දැන්.

අනුවාදය - සමන්මලී අභයසිරි


Imagine - John Lenon

'Imagine' ගීතය ලියා ගයන්නේ John Lennon . ඔහු 70 දශකයේ රොක් සංගීතයේ සිහින කණ්ඩායම Beatles  කරළියට ගෙනා සංගීතඥයා ය.

අහා කෙතරම් අපූරුද......
=================

අහා කෙතරම් අපූරුද
අහස මිස සුර ලොවක් නැතිනම්
පොළොව මිස නිරයක් නොවේනම්
හිතමු අපි දැන් මදක් නැවතී
අපට ඇත්තේ අද පමණකි
සිතා දිනයක් ගෙවනු හැකිනම්
අරුම නැත වෑයමක් ඇත්නම්

අහා කෙතරම් අපූරුද
නැතිනම් දේශ සීමා මායිම්
කුමක් හින්දා මරමු මියෙමුද
හිතමු අපි දැන් මදක් නැවතී
බේද සදනා ආගම්ද නැතිනම්
හැම තුටින් සාමෙන් වෙසෙත් නම්
කුඩා නොව පත සිතක් ඇත්නම්

කියනු ඇත ඔබ
"සිහින දකින්නෙක් නුඹ "
එහෙත් මේ ලොව පතන නිතියෙන්
බොහෝ අය ඇත මා පමණ නොව
පැතුමෙකි මහද තුළ
හෙට ඔබත් මා දකින
සිහිනයම දකින ලෙස
සමව විඳිමින් ලෝකයම

අහා කෙතරම් අපූරුද
නැතිනම් බදා ගන්නට ලොල්ල
සියලු දෙය මේ ලොව ගිජුව
හිතමු අපි දැන් මදක් නැවතී
එකිනෙකා බැඳෙත් නම් පෙමින්
සවිමත් සොයුරු බැම්මක
හැම බේද ලොව දුරුව යා නම්

කියනු ඇත ඔබ
"සිහින දකින්නෙක් නුඹ "
එහෙත් මේ ලොව පතන නිතියෙන්
බොහෝ අය ඇත මා පමණ නොව
පැතුමෙකි මහද තුළ
හෙට ඔබත් මා දකින
සිහිනයම දකින ලෙස
සමව විඳිමින් ලෝකයම

අනුවාදය  - සමන්මලී අභයසිරි

මේ දිගුව ඔස්සේ විඳින්න ' Imagine'


දිවැසිවරුන්ගේ සංචාරය

The Journey of the Magi නම් වන මෙය ටී. එස්. එලියට් කිවිඳුන් විසින් රචිත අපූරු කවියකි. මෙය ජේසු ස්වාමිදරුවන්ගේ උපත සිදුවූ ඒ සීත උඳුවප් රැයෙහි ගව ලෙන සොයා ආ දිවැසි වරුන්ගෙන් අයෙක් විසින් කෙරෙන ආත්ම භාෂණයක් ලෙස ලියැවුණ කවක්. මෙහිදී බොහෝ උපමා රූපක යොදාගනිමින් එලියට් විසින් ප්‍රකාශ කිරීමට තැත් කරන්නේ නව චින්තනයක උපත හා ඒ නිසා පැරණි ඇදහිලි හා ලෝකය බිඳ වැටෙන අයුරුයි. ආගන්තුක සන්දර්භයකින් යුතු හා ශෛලියකින් ලියැවුණ මේ කව පරිවර්තනය කිරීම හැබෑ අභියෝගයක් විය.

දිවැසිවරුන්ගේ සංචාරය
=================

ගමනකට සුදුසු කලක් නම් නොවේ මේ
හැබෑටම ශිශිරයේ නරකම කාලය 
ගව් ගණන් දුර ගෙවා 
ගමනක් යනු පිණිස
පිට වුණෙමු අප - අප රාජධානි හැර
නොදැන නම් නොවේ විඳින්නට වෙන ගැහැට
ඔටුවන්ගේ කුර ගෙවී රිදුම් දෙන 
ඒ නිසා තවත් යා නොහැකි යැයි
උන් හිම මතම වැතිරෙන 
සීත සීතම කාලයක මහා දිග ගමන
පසුතැවුණ වාර අනන්තයි අප
කොමළ නාඹර පැටික්කියන් ගෙනා 
රස සිසිල් පැනින් සිත නැළවෙද්දී
අඩියක් වත් තවත් යා නොහැකි යැයි
ඔටු ගොව්වන් අඩි පොළොවේ ගසද්දී
සිය අඹුවන්ද මධුවිතද  සොයා යන්නට
දැන් නම් යා යුතුයි කියා යළි හැරෙද්දී
පසුතැවුණ වාර අනන්තයි අප
සීත රැය ගෙවන්නට නැතිව හෙවණක්
උණුහුමට නැතිව ඇවිලෙනා ගින්දර 
පසු කලෙමු නෙක සතුරු පුරවර
ගම් නියම් ගම් මිතුරු මදහසක් නැති
හද්දා පිටිසර වුව ලකක් නැති
ගසාකන්නෝ ගැවසි
එවන් දුක් විඳ ගතිමු බෝ රුදුරු
අවසන ඉටා ගතිමු අප 
රැය පහන් වන තුරු ඇවිද යන්නට
දහවලේ අගුවක නිදන්නට
ඇතුළු හද මුමුණද්දි සවණට
"මෙවන් අනුවණ කම් තවත් වෙද".

ඇවිද ගොස් මේ ලෙස බොහෝ දුර
දිනක අරුණෙහි සොයා ගත්තෙමු
සොඳුරු සොමි ගුණ රැඳුන 
මිටියාවතක් තැනිතලා 
මල් සුවඳ නැහැ පුඩු වලට රිංගන
උත්තුංග වනස්පතියන් තිදෙනෙකි
අතු වලින් වළාකුල් පිරිමදින
දෙණියෙහි සුදෝ සුදු නමුත් 
මහළු වූ අසෙකු දුටිමු
ඉදින් අපි ආවෙමු අවන්හලකට
මිදිවැල් එතුණු ද්වාරයක් ඇති
නොවැසි ඉන් දුටු දසුනෙකි
දූ කෙළින දෑත් 
රිදී දිනනා ලොබින්
හිස් මිදි ලබු ගෙඩි වලට 
පයින් අනිමින් අසිහියෙන
ඔවුන්ගෙන් ඇසුමෙන් මග
නොවුණි ඵලයක් අපට
එළිය ගිලෙනා ගොම්මනේ
අවසානයේ සොයාගතිමු 
නිසැකයි ඔබ කියනු ඇති
" ආ ඉතිං ඔය ලැබුණේ දැන්"

ඈත ඈතම අතීතෙක වුව
කෙසේ මා මතක කරන්නද
මා යාද නැවතත් මෙවන් ගමනක්
කවුරු දන්නෙද යන්ට හැකිවෙද
මෙය තමා - ඔව් අනෙකක් නොවේ 
සොයා ආවේ අප 
විඳ අනෙක පිරිපත
සොයා ගත්තෙමු අවසන
ඒ උපත, දිව්‍යමය වූ උපත
අයෙකු හට මරණය ගෙනෙන 
අයෙකු උපදින හෝරාව
දැක ඇත උපදිනු හා මියෙනු
සැමවිටම සිතුවේ වෙනස්මය 
මේ දෙක
එද මේ උපත ගෙනෙන බව 
නොසිතේද මරණය
රුදුරු දුක් විඳ සොයා ආ මේ උපත
ගෙනේවි අපහට බොහෝ පිරිපත
දිනෙක සැබැවින්ම වේ විපත
ආගන්තුකය මේ ලොව 
ඇදහුම්ද  ලොව මැවූ දෙවියන්ද 
නව ලෝකයක උපත වේ මෙය
පැරණි ලොව හට විපත ගෙන එන
සැබැවින්ම දිනෙක මරණයද 
රමණීය වනු ඇත.

අනුවාදය - සමන්මලී අභයසිරි

The Journey Of The Magi - by T. S. Eliot
================================
'A cold coming we had of it,
Just the worst time of the year
For a journey, and such a long journey:
The ways deep and the weather sharp,
The very dead of winter.'
And the camels galled, sorefooted, refractory,
Lying down in the melting snow.
There were times we regretted
The summer palaces on slopes, the terraces,
And the silken girls bringing sherbet.
Then the camel men cursing and grumbling
and running away, and wanting their liquor and women,
And the night-fires going out, and the lack of shelters,
And the cities hostile and the towns unfriendly
And the villages dirty and charging high prices:
A hard time we had of it.
At the end we preferred to travel all night,
Sleeping in snatches,
With the voices singing in our ears, saying
That this was all folly.

Then at dawn we came down to a temperate valley,
Wet, below the snow line, smelling of vegetation;
With a running stream and a water-mill beating the darkness,
And three trees on the low sky,
And an old white horse galloped away in the meadow.
Then we came to a tavern with vine-leaves over the lintel,
Six hands at an open door dicing for pieces of silver,
And feet kiking the empty wine-skins.
But there was no information, and so we continued
And arriving at evening, not a moment too soon
Finding the place; it was (you might say) satisfactory.

All this was a long time ago, I remember,
And I would do it again, but set down
This set down
This: were we led all that way for
Birth or Death? There was a Birth, certainly
We had evidence and no doubt. I had seen birth and death,
But had thought they were different; this Birth was
Hard and bitter agony for us, like Death, our death.
We returned to our places, these Kingdoms,
But no longer at ease here, in the old dispensation,
With an alien people clutching their gods.
I should be glad of another death.



බාශෝ ගේ හයිකු සිංහලෙන්






සරත් සැන්දෑවක
පත් හැලූ කැහැටු අත්තක
ලගී තනිවූ කපුටෙක් 

A solitary  
crow on a bare branch-  
autumn evening

===================================



විරහ ගී ගයයි විහඟුන්
තෙත්වෙයි මීන නෙත්
සමුගනී වසන්තය

Spring departs.
Birds cry
Fishes' eyes are filled with tears

===================================

වඩින්නේ තුරු හිස් මතට 
ඉන්පසුය  පොළොවට
වසත් පොද වැස්ස

Spring rain 
conveyed under the trees
in drops.

===================================


සඳ නැත මල්ද  නැත
තොලගායි ඔහු මධුවිත
තනිවම 

No blossoms and no moon,
and he is drinking sake
all alone!

===================================



නොමළෙමි !
සරත් සමයේ නිශාවකි
ගමනාන්තය

I didn't die!
the end of a journey
is autumn nightfall
===================================

සරත් සමයේ නිශාවකි,
කිසිවෙකුත් නොයනා
මේ මගෙහි අවසන.

Along this way,
no travelers.
Dusk in autumn.

====================================

සුහුඹුල් දළඹුවෙකි
තටු නොලද තවමත්.
සරත් සමයේ අග වුවත්

Deep into autumn
and this caterpillar
still not a butterfly

====================================================================



සමන්මලී අභයසිරි


නිල් රෝස


රතු රෝස සුදු රෝස
ආවෙමි නෙලා ගෙන
ඈ තුටු කරනු වස් 
පෙම් පඬුරු ලෙස

ඈ සිත නොකල ලොල්
ඒ මල් වීසිකොට බැද්දට
සොයා ගියෙමි මම 
ඈ රිසි නිල් රෝස

ඇවිද ගොස් ලොව වටා
සෙවූයෙමි ඈ රිසි රෝස
උපහාස අපහාස සිනා මිස
නැත ලැබුණේ එවන් මල

අවසන ආවෙමි හිස් අතින්  
ශීත ශිශිරයේ නැවත ගම රට
අහෝ ඈ ගොසිනි පරලොව
පරවී නිල් රෝස පැතුමද 

එලොව වත් වේද ඒ මල
බොළඳ ඈ රිසි වූ ලබන්නට
නිශ්ඵලය මා විඳි පිරිපත
මනකල්ය රතු හා සුදු රෝස

අනුවාදය - සමන්මලී අභයසිරි

Blue Roses by Rudyard Kipling
=======================

Roses red and roses white
Plucked I for my love's delight.
She would none of all my posies--
Bade me gather her blue roses.

Half the world I wandered through,
Seeking where such flowers grew.
Half the world unto my quest
Answered me with laugh and jest.

Home I came at wintertide,
But my silly love had died
Seeking with her latest breath
Roses from the arms of Death.

It may be beyond the grave
She shall find what she would have.
Mine was but an idle quest--

Roses white and red are best!