Thursday, July 7, 2016

සිහිනෙන්




අඳුරු නිමක් නැති වෙන්වීමක්
බෙදා ගනිමි මම නුඹ සමග සමව
කිම වැළපුම් ? මා අත තබා ඔබ සුරත
දිවුරා කියන් නැවත එන බව.
නුඹ හා මම - අප ඉතා උස්වූ කඳු වෙමු
ඒ නිසා ලංවෙනු බැරි.
ඉඳ හිට ලියා එවන් වදනක්
මැදියම් රැයේ තරු අත

අනුවාදය - සමන්මලී අභයසිරි

===========================

In Dreams

Black and enduring separation
I share equally with you.
Why weep? Give me your hand,
Promise me you will come again.
You and I are like high
Mountains and we can't move closer.
Just send me word
At midnight sometime through the stars.
Anna Akhmatova

මල් සුවඳ ගෙන එන සුළඟකට පුළුවනි

මල් සුවඳ ගෙන එන
සුළඟකට පුළුවනි
බර හදවතකට
පියාපත් දෙන්න

අරුණැල්ලේ තැවරෙන
අව් රැල්ලක උණුහුමට පුළුවනි
ගල්ගැහුණු හදවතක
හිම දියකරන්න

ඉර දිලෙන හවසක පොද වැස්සේ
පායන දේදුනු යුගලකට පුළුවනි
මුඩු බිමක් වූ හදවතක
මල් පිපුණු දෙණියක් මවන්නට

සමන්මලී අභයසිරි