Tuesday, December 16, 2014

සුබම සුබ උපන්දිනයක්

හෙට නොවැම්බර් තිස් වෙනිදා මගේ අම්මාගේ 69 වෙනි උපන්දිනයයි. ඇය දැන් අපෙන් බොහෝ ඈතය - නැවත මෙහි නො එන්නේමය. එහෙත් සුබ උපන්දිනයක් නොපතා ඉන්නේ කොහොමද?

සුබම සුබ උපන්දිනයක් 
ඔන්න දුන්නා හාදුවක් 
ඉස්සෙල්ලාම මම 
ආදරෙයි හොඳටෝම
එදා වාගෙම තාමත්
හෙටත් හැමදාමත්
මගේ දින දසුනේ 
මිහිරිම දවස අදනේ
නොවැම්බර් තිස් වෙනිදා
අදයි නුඹ උපන්දා
නොඉපදී නම් එදා නුඹ 
කෙසේ උපදින්න දෝ මම

සුබම සුබ උපන්දිනයක්
ඔන්න දුන්නා හාදුවක්
දස වසක් මේ දිනය 
ඔබ නැතිව මෙලෙස ගතවිය
විටෙක සිත නැගි මතක 
සිනා රඳවයි මුවක
තව අසුරු සැණෙකින්
කඳුළු රූරා වැටේ දෑසින්
සිතේ ඇඳි රුව පමණි එද  
සිප වැලඳ ගනු හැකි අද
ඈත කඳු යායටත් ඈතින්ය 
අම්මේ  නුඹ - මම තනියෙන්ය......





මුතුහර

ප්‍රකාශ් සුභේදි නේපාල කවියෙකි ලේඛකයෙකි. මේ ඔහුගේ Pearls නම් කවෙහි අනුවාදයයි

මුතුහර
====

බෙල්ලෙකු තුල
වැලි කැටයක්
මුතු ඔපය ගන්නට
කෙතරම් කලක්
ගතවේද

සිඳු පතුල කිමිද
සියක් බෙල්ලන් කඩා
ගොඩ ගෙන එන්ට
කෙතරම් කලක්
ගතවේද

ධීවර තරුණෙක්ට
සියක් බෙල්ලන් කඩා එකම
මුතු ඇටක් හෝ දකින්නට
කෙතරම් කලක්
ගතවේද

ලොකු කුඩා මුතු අමුණා හුයෙක
ලකල් වූ මුතුහරක් තනන්නට
එය සොඳුරු ගෙලක පළඳන්නට
කෙතරම් කලක්
ගතවේද

අහෝ මා මිතුර එද
මෙවන් වෙහෙසින් තැනූ මුතුහර
යලි එක් හුයෙක නොබැඳෙනා ලෙස
බිඳී මුතු දසත විසිර යන්නට
ගතවන්නේ අසුරු සැණක්
පමණක් නොවෙද.....


Prakash Subedi is a Nepalese poet and writer and this is the translation of his poem 'Pearls'. This is a translation of this poem to Sinhala my mother tongue.

http://prakashpoetry.blogspot.com/2012/08/pearls.html?spref=fb

This is the link to the Poem by Prakash Subedi


Monday, December 15, 2014

It's just a grain of sand


It's a grain of sand 

just a grain of sand 

intruding an oyster

hurting its softness

made the mother of pearl

the lustrous mother of pearl

enclosing the grain

to soothe the pain 

and its the pain 

that made just a grain of sand 

to become a pearl so grand


Samanmalee Abayasiri


Cosmic collision



A universal battle
a giant vs giant 
battle of galaxies 
fearsome cross fires
radiant irradiance 
luminous illumination
a treat on eyes 
when seen distal
in eonic measures 
nevertheless 
if proximal amidst 
sublimation ......

Samanamalee Abayasiri

Tuesday, November 18, 2014

නො එන නින්ද



රෑහි හඬනා රෑ මැදියමෙත්
කෝල ලීලා ඇයිද මන්දා

ඇඹරි ඇඹරී ඔමරි පාමින්
ඈත ඈතම ඇයිද මන්දා

රවටමින්  නෙක මායමින් 
ම හැර යන්නේ ඇයිද මන්දා

මගේ දෙනෙතට දුක් නොදී තව
එන්නේ නැද්දෝ නින්ද නන්දා

අනුවාදය -  සමන්මලී අභයසිරි

Insomniac - Maya Angelou
====================

There are some nights when
sleep plays coy,
aloof and disdainful.
And all the wiles
that I employ to win
its service to my side
are useless as wounded pride,
and much more painful.

Wednesday, October 22, 2014

Uncertain phenomenon


It was in a hazy twilight 
but's it dawn or dusk
There was a  red sphere 
but's it the sun or the moon
Crimson and amber flames
but's it a volcano or a bush fire 
A figure arising from the fire
but's it matter or non matter 
Getting closer and closer 
but's it moving or still 
Tried to touch the entity
but's it tangible or intangible 
Felt a warmth and a chill 
but's it ash or ice
A sense of ambiguity
but's it a happening or fantasy  
In a moment a disappearance 
but's it there or not at all
Leaving some liquidity 
but's it tears or water 
It occurred in my vicinity
but's it in a dream or in reality
Certainly uncertain phenomenon  
but's it phenomenal or non 

Samanmalee Abayasiri

Wednesday, October 8, 2014

චපල විල



එක් නෙලුමක් මිලින වුව සොවින්

තවත් කැකුළු පිපෙනවා දුටිම්

පිපෙන පිපෙන කැකුළු හා තුටින්

ඉපිල ඉපිල නටන විල දුටිම්






සමන්මලී අභයසිරි