Friday, December 25, 2015
සිරකරනු බැරි මකරන්ද
තුඟු විසල් පවුරෙකි
උල්වූ පළිඟු කටු
විලිස්සා බිය ගන්වන
අනවසරයෙන් ඇතුල්විය නොහැකි
ඇතුල් වුවහොත්
සුනඛ දත් විලිස්සන
පවුර තුළ නඳුන් උයනෙකි
නන් වණ් සුවඳැති
මනරම් මලින් ගැවසුණ
අනවසරයෙන් වුව
තටු ඇතියවුන් යන එන
සුවඳ විඳ රොන් උරාබොන
සිනිඳු පෙති මත
සැතපෙන
රකින්නෝ මෙඋයන
නොදනිති රහස් මල් ගැන
මලෙක රුව සැඟවුවද
උස් පවුරු බැඳ
කෙසේ වළකන්නද
සුළඟ හා දැවටී
ඉගිලෙන මකරන්ද
සමන්මලී අභයසිරි
Friday, November 27, 2015
තාමත් ඇසෙන කන්කලු ගුවන් විදුලිය....
===========================
ඒ නම් අපූරුම කාලයක්. එය හැඳින්වූයේ ගුවන්විදුලියේ ස්වර්ණමය යුගය කියා. රිජ්වේ තිලකරත්න මහතා ගුවන් විදුලියේ සභාපති තුමා වශයෙන් කටයුතු කල කාළයයි ඒ. පුවත් පත හා ගුවන් විදුලිය පමණි Mass Media ලෙස හැඳිවිය හැකි මාධ්‍යයන්ට වූයේ. ජනතාව ගුවන් විදුලියට ආසක්ත විය. කිසිදා නොදුටු නමුත් මහා පෞර්ෂයකින් හෙබි ඒ කටහඬවල් වලට ඔවුන් මහත් සේ බැඳුණි. ඒ ඒ කටහඬ හිමි වූවන් පිළිබඳ චිත්ත රූප මේ යැයි මවා ගන්නට ඔවුන් රිසි විය.
ගුවන් විදුලි නාට්‍යය අපූරුම වින්දනීය වැඩසටහන් පෙළකි. අද පවතින මේ ටෙලි නාටක මාලාවන් බිහිවූයේ මේ ශ්‍රව්‍ය මාලා නාටක ශ්‍රව්‍ය දෘශ්‍ය ආකාරයක් ගැනීමෙනි. නමුත් ගුවන් විදුලි නාටක වඩා සමීප වන්නේ පොතක් කියැවීමටය. මන්ද එයින් කතාවක් රස විඳින ශ්‍රාවකයා තුළ චරිත - සිද්ධි හා පරිසරය පිළිබඳ තමාට රිසි චිත්ත රූප මවාගැනීමක් සිදුවෙන බැවිනි.
ටෙලි නාට්‍යය මෙන්ම ගුවන් විදුලි නාට්‍යද ඒකාංගික හෝ මාලා නාටක විය. ඒ අතරින් අදටත් තාමත් බොහෝ දෙනෙකුට මතක ඇති වූ නාටක දෙකක් වූ මුවන්පැළැස්ස හා මොණරතැන්න ඉතා දිගු මාලා නාටක විය. මුවන්පැළැස්සේ කෝරළේ මහත්තයා ( විජේරත්න වරකාගොඩ විසින් හඬ දෙන ලද ) හා මැණිකේ (රත්නාවලී කැකුණවෙළ විසින් හඬ දෙන ලද ) අදටත් දැන්වීම් කලාවේ පවා මහත් ජනප්‍රිය චරිත දෙකකි. කදිරා හා පිනා වැනි චරිතද එසේමය. මුවන්පැළැස්සේ තිසාගේ චරිතයට හඬ දුන්නේ මගේ මෑණියන් ය. ඇය චිත්‍රා රංජනී නම් වූවාය.
මොණරතැන්නේ රජ්ජුරුවෝ මතක ඇති බොහෝ දෙනෙක් මෙහි ඇති. ජේ එච් ජයවර්ධනයන්ගේ ඒ අපූරු හඬ පෞර්ෂය කෙසේ නම් අමතක වේද? ලලිත ලලනා ලාලිත්‍යයෙන් අනූන කුසුම් පීරිස් ගේ හඬ කෙතෙක් නම් අසික හදවත් බැඳගන්නට ඇතිද?
ගජමුතු හා සුගන්ධිකා ද මගේ මතකයට එයි. රදල තරුණයෙකු නැටුමට හා පාරම්පරික සාම්ප්‍රදායික නැටුම් කුලයෙක තරුණියකට පෙම් බඳින කතාව ගජමුතුයි. එය ඇසෙන දිනවල මා කුඩා එකියකි - එකල මගේ සිත් ගත්තේ නෙරංජලා සරෝජිනියගේ මිහිරිතම ගීයක් වැනි කතා විලාසයයි. කරුණාරත්ණ අමරසිංහයන්ගේ මහත් රොමාන්තික වූ එවන් හඬ මෙන් හඬක් අදත් ඔහුටම මිස අනෙකෙකුට නැත.
සුගන්ධිකා ඓතිහාසික කතාවෙකි. වඩා මෑතක ගුවන් ගත වූවකි. ඉන් පෙරද එවන් ඓතිහාසික නවකතා ගුවන් ගත වුණි. ඇස් දෙක හා ශෛලකළ්‍යාණී ඒ අතර මට අමතක නැත. සුගන්ධිකා හී ප්‍රබලම කාන්තා චරිතය වූ සුගලා බිසවට හඬ දුන්නේ මගේ මෑණියන් ය. එය රචනා කලේ මර්වින් සේනාරත්නයන්ය. කුසුම් පීරිස් හා ටී ඩී කේ ඒ ජයන්තයන් අනෙකුත් චරිත වලට හඬ දුන්නා මතකයි.
ගුවන් විදුලිය කෙලෙසවත් දරුවන් අමතක කළේ නැත. ගුවන් විදුලි නාටකයද එසේමය. 'ලන්දේසි දූපත' අප දරුවන් කල අපේම වූ නාට්‍යයයි. සමන් ආතවුදහෙට්ටි හා ආරියසේන හඳුවල විසින් රචිත මේ අපූරු නාට්‍යය නිෂ්පාදනය කලේ මහින්ද අල්ගමයන්ය. ලන්දේසි දූපතේ ජිල්ජෝන් හා වැන්දබෝනා අපේ කාලයේ ළමුන්ට නම් අමතක නැතුව ඇති. සුනන්දා සරත්සේකර - සන්ධ්‍යා සරත්සේකර - කැළුම් විජේසූරිය - මාලක මිහිර බණ්ඩාර මෙහි පමණක් නොවේ කොතෙකුත් ළමා නාට්‍යවල දරුවන් වූවෝය.
මෙපමණක් නොවේ තවත් බොහෝ සේ ජනප්‍රිය වූ මාලා නාටක කොතෙක්ද? මෙවන් මාලා නාටක පමණක් නොවේ ඒකාංගික ලෙස ගුවන් ගතවූ ගුවන් විදුලි රඟ මඬලද එකල බොහෝ සේ ජනප්‍රිය වූ වැඩසටහනකි. නාට්‍යැයට මෙන්ම එහි තේමා වාදනයද ඉමිහිරිය. අදත් එය ඇසෙද්දී දැනෙන්නේ සතුටකි.
ගුවන් විදුලි ප්‍රසාන්ගිකත්වයට කණ කොකා හැඬුවේ රූපවාහිණිය නිසා යැයි මට සිතේ. එපමණක් නොව තොර තෝංචියක් නැතිව වචන හළන මැත දොඩන ගිරා පොතකයින් නිවේදකයින් වන එෆ් එම් සංස්කෘතියද එයට වග කිවයුතුය. මේ එෆ් එම් නාළිකාවලද දැන් නාට්‍යය ගුවන් ගතවනු ඇසේ. ඒවා ඇසෙන විට මට දැනෙන්නේ දුකක්ද තරහක්දැයි නොදනිමි.
මතු සම්බන්ධයි.....
Wednesday, August 12, 2015
This tear drop isn't mine - මේ කඳුළු බිංදුව මගේ නොවෙයි
This tear drop isn't mine
but yours...
This crescent of a tear drop
glittering in a faint glow
through the silky canopy
as cold as a fading star
lifeless and dying
is your possession
it isn't mine
You who taught me
to read the sorrowful words
of the scripture of demise
to me who never knew
the bitterness of weeping
you are the owner of
this tear drop so cold
it isn't mine
Translation by - Samanmalee Abayasiri
Wednesday, June 3, 2015
Tuesday, June 2, 2015
යළි උපන්නෙමි
ඔබ නිසා සිත මිය ගිහින්
ආයෙමත් අද ඉපදුණා
මෙතෙක් මා යැයි සිතා සිටි මා
ජීවිතය හැර දා ගියා
සැලෙනු බැරි මහ සෙලක් වූ සිත
පියාපත් ලද විහඟෙකි අද
සරයි ගගනත නැතිව සීමා
දකියි පෙර දා නොදුටු විසිතුරු
ලදළු නටනා තුරුණු තුරු හිස්
ලකල් මනකල් මලින් ගැවසුණ
සා මුවන් නෙක සමනලුන් හා
සිහින දෙව්ලොව සැරිසරයි සිත
සමන්මලී අභයසිරි
Subscribe to:
Posts (Atom)






