Friday, March 6, 2015

Imagine - John Lenon

'Imagine' ගීතය ලියා ගයන්නේ John Lennon . ඔහු 70 දශකයේ රොක් සංගීතයේ සිහින කණ්ඩායම Beatles  කරළියට ගෙනා සංගීතඥයා ය.

අහා කෙතරම් අපූරුද......
=================

අහා කෙතරම් අපූරුද
අහස මිස සුර ලොවක් නැතිනම්
පොළොව මිස නිරයක් නොවේනම්
හිතමු අපි දැන් මදක් නැවතී
අපට ඇත්තේ අද පමණකි
සිතා දිනයක් ගෙවනු හැකිනම්
අරුම නැත වෑයමක් ඇත්නම්

අහා කෙතරම් අපූරුද
නැතිනම් දේශ සීමා මායිම්
කුමක් හින්දා මරමු මියෙමුද
හිතමු අපි දැන් මදක් නැවතී
බේද සදනා ආගම්ද නැතිනම්
හැම තුටින් සාමෙන් වෙසෙත් නම්
කුඩා නොව පත සිතක් ඇත්නම්

කියනු ඇත ඔබ
"සිහින දකින්නෙක් නුඹ "
එහෙත් මේ ලොව පතන නිතියෙන්
බොහෝ අය ඇත මා පමණ නොව
පැතුමෙකි මහද තුළ
හෙට ඔබත් මා දකින
සිහිනයම දකින ලෙස
සමව විඳිමින් ලෝකයම

අහා කෙතරම් අපූරුද
නැතිනම් බදා ගන්නට ලොල්ල
සියලු දෙය මේ ලොව ගිජුව
හිතමු අපි දැන් මදක් නැවතී
එකිනෙකා බැඳෙත් නම් පෙමින්
සවිමත් සොයුරු බැම්මක
හැම බේද ලොව දුරුව යා නම්

කියනු ඇත ඔබ
"සිහින දකින්නෙක් නුඹ "
එහෙත් මේ ලොව පතන නිතියෙන්
බොහෝ අය ඇත මා පමණ නොව
පැතුමෙකි මහද තුළ
හෙට ඔබත් මා දකින
සිහිනයම දකින ලෙස
සමව විඳිමින් ලෝකයම

අනුවාදය  - සමන්මලී අභයසිරි

මේ දිගුව ඔස්සේ විඳින්න ' Imagine'


No comments:

Post a Comment