Thursday, May 29, 2014

ඉන්ද්‍රජාලිකයෙක් සිය බිරින්දෑ සමග.....




දුටුවෙමි ඉන්ද්‍රජාලිකයෙක් මහමග
සිය බිරින්දෑ සමග
පොඩි උන් පුදුමයෙන් පුම්බන අරුමදේ පෙන්නන
ඇස්ගෙඩි මහත් කරවා මුව අයා ඉන්දන
සිඟිති නෙත සිත කුල්මත් කරන
ඉන්ද්‍රජාලිකයෙක් සිය බිරින්දෑ සමග......

අතේ ඇති යශ්ඨියෙන්
මවයි පරෙවියෙක් සුදු ලේන්සුවකින්
පාට පාට කඩදාසි දමා කළු තොප්පියට
සේද  සළුවක් මැව්වනේ ලස්සනම
ඒ විතරක්යැ හලා වීදුරුවක් කිරි
මැව්වේ හා පැටියෙක් කිරි පාට
ඉන්ද්‍රජාලිකයෙක් සිය බිරින්දෑ සමග......

ඉල්ලා රුපියල් දහයේ කොලයක්
අහෝ පුදුමයි !
මැව්වා ඒ වගේ දහයක්
පෙන්නා නොයෙක් විස්කම් දුන්නා
දරුවන්ට ගෙනා පොඩි රස කැවිලි
දෙන්නා අකුලා කලමනා
මිදුනා දිස්නේ දුන් ආයිත්තමින්
යන්න වෙන්නැති ගෙදර නැගුණා බසයකට
ඉන්ද්‍රජාලිකයෙක් සිය බිරින්දෑ සමග......

ජීවිතේ සැඳෑවේ දුබල ගත වෙහෙසය
විඩා නිවනට දිනක් කවදා කෙසේ ඒවිද
අත නොහැර සුරත රැඳි අත
යා යුතුය ඉදින් දිගටම දිගු ගමන
මවමින් මායාව - තත්වූ යථාවක
ඉන්ද්‍රජාලිකයෙක් සිය බිරින්දෑ සමග......



සමන්මලී අභයසිරි

Tuesday, May 20, 2014

සිහිනයක් නොවේ මේ ජීවිතය.......



අසන්න ...මේ අසන්න
සිත දුකින් තවමින්
හැමදාමත් අඳුරම
නෑ ඉඳින්නේ අප  ලඟ

බලන්න ....අර බලන්න
කළු වළාකුළු
පාව යනවා නොවේද
ඉඩදී පායන්න නව හිරුට

කියන්න ....මට කියන්න
වැහි පොද
වැටුණාම පිපේ නම් මල් කැකුළු
ඇයිද බැන වදින්නේ වැස්සට

ඇත්ත ....ඔබ හිතනදේ ඇත්ත
සිත දවා අළු කොට
මරණය රැගෙන යාවී
ළබැඳියන් අප වෙතින් ඈතට

දුකක් .....මහා දුකක්
ජය ගනු ඇති ඇතැම් විට
පරදවා අප ලෝකය
පලවා සතුට සොම්නස ඈතකට

නොතැවෙන්න .....සබඳ නොතැවෙන්න
අත ළඟය වසන්තය
නිමක් නොමැතිව මල් පිපෙන
විහඟ ගී රැව් නැගෙන සොඳුරු වූ කාලය

නිසැකයි .....මට නිසැකයි
ඉසිවරුන් එසේ කීවත්
හීනයක් නොවේමැයි එය
සැබෑමයි සොඳුරු ජීවිතය වසන්තය සේම

දිරිගන්න....සිතේ දිරිගන්න
අභිමානයෙන් ඔසවා හිස
ජයගන්න සතුට සොම්නස
දවා අළුකර පරාජිත බව

අනුවාදය - සමන්මලී අභයසිරි

LIFE
====

LIFE, believe, is not a dream
So dark as sages say;
Oft a little morning rain
Foretells a pleasant day.
Sometimes there are clouds of gloom,
But these are transient all;
If the shower will make the roses bloom,
O why lament its fall ?

Rapidly, merrily,
Life's sunny hours flit by,
Gratefully, cheerily,
Enjoy them as they fly !

What though Death at times steps in
And calls our Best away ?
What though sorrow seems to win,
O'er hope, a heavy sway ?
Yet hope again elastic springs,
Unconquered, though she fell;
Still buoyant are her golden wings,
Still strong to bear us well.
Manfully, fearlessly,
The day of trial bear,
For gloriously, victoriously,
Can courage quell despair !

Charlotte Brontë


Sunday, May 18, 2014

පුතේ මෙන්න හඳ!




අත්තම්මේ අර හඳේ හාවෙක්........


ඔවු පුතේ ඒ හාවෙක්
සසදාවතේ කීවේ
සක්‍ර දෙවියෝ ඇන්දා කියා
බෝසත් හාවා හඳේ
කාටත් ඉගෙන ගන්නට 
දන් දෙන හැටි


අම්මේ හඳේ හාවෙක්........


නෑ පුතේ ඒ හඳේ කඳු
නීල් ආම්ස්ට්‍රොංග් කීවේ
දුටුවා කියා ඇහටම
හඳට ගොඩ බැස්සදා
හොඳින් පත පොත කියවා
ඉගෙන ගන්න විද්‍යාව 

සමන්මලී අභයසිරි

සංවාදයක්



කාළගෝල....

මහෝෂධ පඬිතුමෙනි නැණ පිරි
සිත පෙලයි මේ වියෝ දුක්
සත්වසක් බැලයෙකුව මෙහෙකර
දිනාගත්තෙමි දික්තලාවන්

සුසුදු මා සිත දුටුවේ නෑ ඇය
විරූපී කළු රුව මිසක්
ඉදින් මා හට රිසි නොවීමැයි
රුවැති සඳ වැනි දික්තලාවන්


දික්පිටිගේ ඒ කඩවසම් රුව
දුටුව මනතින් ඇදී ඔහු වෙත
මෙතෙක් පෙම් බැඳි මා දමා ගොස්
බැඳුණි ඔහු හා දික්තලාවන්

මහෝෂධ පඬිතුමා.......

ඔබ සේම මා පෙරත්භවයෙක
කුස ලෙසින් ඉපදී විරූපිව
පබාවතියට බැඳී ආලෙන්
පෙමෙහි බැලයෙකු වීමි සතුටින්

නොදනිතියි නොසිතන්න ඔබේ දුක්
දනිමි අභිමන් ආලයේ
අමන අඟනුන් රුවට රැවටී
ආලයෙන් බැඳි හදක් නොදකිත්

කාළගෝලය විරි වඩා සිත
නිවා ගනු ඔය හදේ ඇති ගිනි
ඔබේ පෙම්වත් සුසුදු සිත හිමි
ලඳක් එනතුරු හදින් රූමත්

සමන්මලී අභයසිරි

Saturday, May 10, 2014

කුරු තුරක් ලෙස වසනු නොහැකිය


මා හැර ගිය ඔබ
අතහරිනු නොහැකිව
කල්ප කාලයක් 
වින්දෙමි ගැහැට අපමණ

ජීවිතය බැඳ දමා සිර කොට
මා ඔබට බැඳි බැඳුම් යදමින්
වැඩෙන්නට නොමදී විහිදා අතු පතර
විසුවෙමි කුරු තුරක් ලෙසම

අද මිදෙමි මම මුදා ඔබ
බිඳ දමා යදම්
මට වැඩෙන්නට ඉඩ නොදුන්
වසනු නොහැකිය කුරු තුරක් ලෙස  

අතු පතර විදහා වැඩෙමි
මහා තුරු  නිරිඳෙකු සේම
දරා මල් ඵල  සදමි සෙවණද
සැමට - ඔබට වුව

සමන්මලී අභයසිරි

Thursday, May 8, 2014

Mommy and Me


Mommy these are yummy
I woke up early in the morning
to pick these berries for you

Mommy but some are in my tummy
they jumped into my mouth - see it's red
when I came home looking for you

Mommy let me feed you a berry
anything is yummy when you feed me
so today its from me for you

Mommy the meadow is sunny
would you come out with me
as the sun shines for you

Mommy if I can be only with you mommy
always and everyday from day till night
how lovely it'd be for me and for you

Samanmalee Abayasiri

දෝණී
====

අම්මා මේවා රසයි
උදේම අවදි වෙලා
මමයි කඩාගෙන ආවේ

අම්මා එන ගමන්
දෙක තුනක් කෑවා
ඒකයි කටේ මේ රතු පාට

අම්මා රහ බලන්න
කෝ මම කවන්නම්
අම්මා මට කවනවා වගේම

අම්මා එනවාද යන්න
මා එක්ක ඇවිදින්න
ලස්සනයි මල් පිපිලා හැමතනම

අම්මා එක්ක විතරක්ම
දවසම ඉන්න ඇත්නම් මට
මෙහෙම ලඟට තුරුළුවෙලා ආදරෙන්

සමන්මලී අභයසිරි

දෝණී


අම්මා මේවා රසයි
උදේම අවදි වෙලා
මමයි කඩාගෙන ආවේ

අම්මා එන ගමන් 
දෙක තුනක් කෑවා
ඒකයි කටේ මේ රතු පාට

අම්මා රහ බලන්න
කෝ මම කවන්නම්
අම්මා මට කවනවා වගේම

අම්මා එනවාද යන්න 
මා එක්ක ඇවිදින්න
ලස්සනයි මල් පිපිලා හැමතනම

අම්මා එක්ක විතරක්ම
දවසම ඉන්න ඇත්නම් මට
මෙහෙම ලඟට තුරුළුවෙලා ආදරෙන්

සමන්මලී අභයසිරි

Wednesday, May 7, 2014

බාලවිය පියමං කල දා......




ඈත ඈතම දුර අතීතෙක
හීනයක් විය මා දෙනෙත් මත
බැබලි බැබලී එකළු කරමින්
උදා හිරු කිරණ සේ

හෙමි හෙමින් බැඳි පවුරෙකි
හීනයෙන් මා වෙන් කොට
බිඳෙන් බිඳ නැග
අහස පිසිනා තෙක්ම උස්වූ

අඳුර ඝනඳුර පමණි  අද
වැසූ සෙවනැල්ලෙන්  ළහිරු රැස
මුදු සුමුදු එළිය දෙන හීනය
මා වෙතට නො එන්නට

කළුවරෙන් කළුව ගිය මා දෑත
යොදයි වෙර තනන්නට සිදුරක්
දකින්නට හීන අරුණළු
ගෙනෙන්නට එළි පොදක්

සුනු විසුනු කර දමමි මේ පවුර
පළවා අඳුරු සෙවනැල්ල
දස දහස් හිරු දිලී පායාවි
යලි හීන සදමින් නෙතු අග

අනුවාදය  - සමන්මලී අභයසිරි

As I Grew Older
============

It was a long time ago.
I have almost forgotten my dream.
But it was there then,
In front of me,
Bright like a sun—
My dream.
And then the wall rose,
Rose slowly,
Slowly,
Between me and my dream.
Rose until it touched the sky—
The wall.
Shadow.
I am black.
I lie down in the shadow.
No longer the light of my dream before me,
Above me.
Only the thick wall.
Only the shadow.
My hands!
My dark hands!
Break through the wall!
Find my dream!
Help me to shatter this darkness,
To smash this night,
To break this shadow
Into a thousand lights of sun,
Into a thousand whirling dreams
Of sun!



Langston Hughes