Wednesday, May 7, 2014

බාලවිය පියමං කල දා......




ඈත ඈතම දුර අතීතෙක
හීනයක් විය මා දෙනෙත් මත
බැබලි බැබලී එකළු කරමින්
උදා හිරු කිරණ සේ

හෙමි හෙමින් බැඳි පවුරෙකි
හීනයෙන් මා වෙන් කොට
බිඳෙන් බිඳ නැග
අහස පිසිනා තෙක්ම උස්වූ

අඳුර ඝනඳුර පමණි  අද
වැසූ සෙවනැල්ලෙන්  ළහිරු රැස
මුදු සුමුදු එළිය දෙන හීනය
මා වෙතට නො එන්නට

කළුවරෙන් කළුව ගිය මා දෑත
යොදයි වෙර තනන්නට සිදුරක්
දකින්නට හීන අරුණළු
ගෙනෙන්නට එළි පොදක්

සුනු විසුනු කර දමමි මේ පවුර
පළවා අඳුරු සෙවනැල්ල
දස දහස් හිරු දිලී පායාවි
යලි හීන සදමින් නෙතු අග

අනුවාදය  - සමන්මලී අභයසිරි

As I Grew Older
============

It was a long time ago.
I have almost forgotten my dream.
But it was there then,
In front of me,
Bright like a sun—
My dream.
And then the wall rose,
Rose slowly,
Slowly,
Between me and my dream.
Rose until it touched the sky—
The wall.
Shadow.
I am black.
I lie down in the shadow.
No longer the light of my dream before me,
Above me.
Only the thick wall.
Only the shadow.
My hands!
My dark hands!
Break through the wall!
Find my dream!
Help me to shatter this darkness,
To smash this night,
To break this shadow
Into a thousand lights of sun,
Into a thousand whirling dreams
Of sun!



Langston Hughes

4 comments:

  1. හ්ම්.. කාලෙකින්. ආයෙමත් හොඳ නිර්මාණයක්. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝශ්! ඔබ හැමදාමත් මා ලියන දේ කියවනවා.

      Delete
  2. හෙමි හෙමින් බැඳි පවුරෙකි
    හීනයෙන් මා වෙන් කොට
    බිඳෙන් බිඳ නැග
    අහස පිසිනා තෙක්ම උස්වූ....
    හොඳ නිර්මාණයක්. කෙටි කාලයක් තුළ සෑහෙන දෙයක් කරන්නට ඔබ මේ වන විට සමත්ව තිබෙනවා. එය අගේ කළයුත්තක්. ඒ වගේම මේ නිර්මාණ මුල් නිර්මාණත් සමගම එක්ව ඵල කිරීම වඩා සුදුසු වන්නේ එවිට නිර්මාණ දෙකම හැදෑරීමටත් විඳීමටත් අවස්ථාවක් ලැබෙන නිසායි. එසේම අවැසි කෙනෙකුට සැසැඳීමටත් හැකියි මුල් නිර්මාණය සහ පරිවර්තනය. ඔහොම යං... සුබ ගමන්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට යසනාත්! මේ ගමන සුබ වන්නට මේ වදන් වලින් ලැබෙන්නේ මහත් රුකුලක්.

      Delete