රෝස පෙති දෙකම්මුල්
විකසිතව සෙනෙහසින්
සොම්නසම උතුරුනා
කිරි කවඩි සිනා පොද
මේ අදත් මේ දැනුත්
මා වෙතම පානවා නොවැ
හෙමි හෙමින් මුමුණමින් ගීපද
අතින් අත ගෙන මේ මල් මගෙහි
රස කතා ගොත ගොතා කියමින්
හිමිදිරියේ අරුණැල්ල සමගින්
මේ අදත් මේ දැනුත්
ඇවිද යන්නා වගේ නොවැ
ලී පෙට්ටියක් තුල උන් පරඬැලක් වන්
කලු පාට සුදු ඇඳි ඒ සිරුර
කොහොම සමපාත කරනුද
සිනා පිරි ලකල් ඔය මුවමඬලට
මේ අදත් මේ දැනුත්
කියන්නේ හිත ඒ ඔබ නොවේ කියා නොවැ
මේ සුවඳ මගේ දූ මට ගෙනෙන
පුබුදයි හිත දැනී නුඹේ සුවඳ
ඒ ගී කතා සුමියුරු ගොලුව ගියදා සිට
හීනයෙන් මිස හැබැහින් හිනා නොනැගීමි මම
මේ දැනුත් මේ අදත්
අනේ අම්මේ හැමදාම නුඹ මගේ ලඟම නොවැ
ඔබේ පැදිපෙල මාව ගොඩක් සංවේදීකලා. කවදාහරි මටත් ඔය අත්දැකීමට මුහුන දෙන්න වෙයි. ඒත් ඊට පස්සෙ?
ReplyDeleteඉතා සංවේදී කවි පෙළක්............
ReplyDeleteදැනුණා තදින්ම..........