Friday, April 11, 2014

හැමදාම නුඹ මගේ ලඟම නොවැ

රෝස පෙති දෙකම්මුල්
විකසිතව සෙනෙහසින්
සොම්නසම උතුරුනා 
කිරි කවඩි සිනා පොද
මේ අදත් මේ දැනුත් 
මා වෙතම පානවා නොවැ

හෙමි හෙමින් මුමුණමින් ගීපද
අතින් අත ගෙන මේ මල් මගෙහි
රස කතා ගොත ගොතා කියමින්
හිමිදිරියේ අරුණැල්ල සමගින්
මේ අදත් මේ දැනුත්
ඇවිද යන්නා වගේ නොවැ

ලී පෙට්ටියක් තුල උන් පරඬැලක් වන්
කලු පාට සුදු ඇඳි ඒ සිරුර
කොහොම සමපාත කරනුද
සිනා පිරි ලකල් ඔය මුවමඬලට
මේ අදත් මේ දැනුත්
කියන්නේ හිත ඒ ඔබ නොවේ කියා නොවැ

මේ සුවඳ මගේ දූ මට ගෙනෙන
පුබුදයි හිත දැනී නුඹේ සුවඳ
ඒ ගී කතා සුමියුරු ගොලුව ගියදා සිට
හීනයෙන් මිස හැබැහින් හිනා නොනැගීමි මම
මේ දැනුත් මේ අදත්
අනේ අම්මේ හැමදාම නුඹ මගේ ලඟම නොවැ



2 comments:

  1. ඔබේ පැදිපෙල මාව ගොඩක් සංවේදීකලා. කවදාහරි මටත් ඔය අත්දැකීමට මුහුන දෙන්න වෙයි. ඒත් ඊට පස්සෙ?

    ReplyDelete
  2. ඉතා සංවේදී කවි පෙළක්............
    දැනුණා තදින්ම..........

    ReplyDelete