====================
මල් අතුල නිල්ල පිස
හමන නල
අදී මීදුම් තිර
විවර කරමින් දසුන් අරුනලු
කැටිව ටිකිරිති විහග ගී නද
නිල අතුල බිම් පලස
මවයි විසිතුරු රටා
සුමුදු සුසිනිදු රුවති මල් පෙති
දිදුලු දෙන නීල පෙඳ
සසල කරමින් ඒ සිඟිති තිරැසියා
අමතයි ප්‍රියාවිය
මිහිරි මීපැනි මියුරු සරයෙන්
දරන රත්මල් කිරුලු
ඒ රුසිරු රුක් නිරිදු තෙද බලැති
නලට වුව පැරදවිය නොහැකි
සිය සවිය ගැන ගයයි උදාන
ඒ ඇසුනු සේ කටුසු තෙම
වනා හිස දෙස් දේ
පෙරගින් නැගුන හිරු බැසයත්ම
අවරින් සැනෙන් සැන නැග බිඳෙන
බිද නැගෙන
රූ රටා මවන්නට
සොභා දම මිස සමත් අන් කවර සිත්තරුද
සොදුරු විසිතුරු නන් වනින් දිසි
දසුන් හැර ඇදුන කල නිශා තිර
කදු මුදුන දොවද්දී සද වතුර
මැවේ රිදී රේඛා මැද
ගෝන සෙවෙනැලි.
සමන්මලී අභයසිරි
නොදුටු ඔබ දුටු අයෙකුට වඩා හොඳට මෙම කවිය ලියා තිබෙනවා. ඔබ හෝටන් තැන්නදැකිය යුතුමයි.
ReplyDeleteස්තුතියි ඔබට - ඇත්තෙන්ම යන්ට ඕනෑ - මේ සිතිවිලි ගොනු වුනේ කියවා - ඇසූ දේ මත පමණයි - එය අත්දකින්නට යන්නටම ඕනෑ
Delete