Wednesday, March 26, 2014

DUST TO DUST - CIVIL WARS

දුහුවිලිද දුහුවිල්ලට ලමින්
=================
දෑස තුල නොඅන්දා සිත් රූ
වදන් සිර කොට තබා අවුරා
හස කැන් තිරෙන් මුවා කොට මුව
වසා සඟවන වෙහෙස අතරේ
මුලා නොවුනෙමි
දනිමි
ආ බව දිගු කලක්- දිගු දුරක් තනි මග 
තනිව ආ මග බෝ දුරය නුඹ
තනිව ආ කල දිගු වැඩිය නුඹ

සියුම් සැරසුම් වෙස් නිරූපණ

රුවට රඟනා රඟ සොබාවෙන්
ගෙතූ රස ඉච්චා බසින් 
වසා සඟවන වෙහෙස අතරේ
මුලා නොවුනෙමි
දනිමි
ආ බව බොහෝ කලක් - දිගු දුරක් තනි මග
තනිව ආ මග බෝ දුරය නුඹ
තනිව ආ කල දිගු වැඩිය නුඹ

බිඳ දමා ඔබ වටා බැඳි පවුර 

අවසරද කියන් මට එන්න ඔබ වෙත
අවුලා එකම ගිනි පුපුරක් - දවා අළු කරමු ඒ පවුරු
අවසරද රඟන්නට ඔබ සුරත ගෙන -
රඟ දෙන සිලු වටා අප ලඟ

                                                 දුහුවිලිද දුහුවිල්ලට ලමින්


                                                 හිස නගා සිටින්නී ඔබ

                                                 දිවි මග සටන් වැද
                                                 දුටිමි ඒ කැළැල් ඔබ වත
                                                 අසන්න 
                                                 තනිව ආ මග බෝ දුරය නුඹ
                                                 තනිව ආ කල දිගු වැඩිය නුඹ

බිඳ දමා ඔබ වටා බැඳි පවුර

අවසරද කියන් මට එන්න ඔබ වෙත
අවුලා එකම ගිනි පුපුරක් - දවා අළු කරමු ඒ පවුරු
අවසරද රඟන්නට ඔබ සුරත ගෙන -
රඟ දෙන සිලු වටා අප ලඟ

                                               දුහුවිලිද දුහුවිල්ලට ලමින්


                                                කැටපතය ඔබ 

                                                මා දකින්නට මට සලස්වන
එනු මැනව දකින්නට 
මා තුලින් ඔබේ රුව
තනිව ආ මග බෝ දුරය නුඹ
තනිව ආ කල දිගු වැඩිය නුඹ

                                        තනිවීමු අප - තනිවීමු අප බෝ කලක් - බොහො දුරක්




මේ ගීය අසන්න

https://www.youtube.com/watch?v=YKWim4D27cc

1 comment:

  1. ගීතය බාගතකර ගතිමි.. ස්තූතියි.

    ReplyDelete