Sunday, March 23, 2014

ඇත්තෙන්ම පුදුමයි නුඹ ගැන




ඇත්තෙන්ම පුදුමයි නුඹ ගැන
ලැබුවාද කොපමණ දුක් ගැහැට
තැලී පොඩිවී
දැවී අළුවී

සෙල්ලම් පිටියක්ව ඇතෙමෙකුට
පාගා නොසලකා නොයෙක් දෙන
සිඳී බිඳී
අනේක වරක් රැවටී

ඒත් ..........
තාමත් තෙතයි
තාමත් ගැහෙයි
උණුව වැගිරෙයි
කෙනෙකුගේ දුක දැක

ඇත්තෙන්ම පුදුමයි නුඹ ගැන
මගේ හදවත

සමන්මලී අභයසිරි





No comments:

Post a Comment