Tuesday, March 25, 2014

ඉඩ දෙන්න පායන්න අළුත් ඉරකට


සුරත් නෙත් වැව් 
වාන් දමමින්
ගලන්නේ මේ
කඳුලු සීතල

ප්‍රේමයේ හිරු කිරණ වසමින්
ඇදුණ දා සිට අඳුරු තිමිරය
මිදෙන වියෝ දුක් තුහිනයෙන්
පෑරෙන්නේ සිත් මල

පළවා හරින්නට දොම්නස් ශිශිරය
ඉඩ දෙන්න අළුත් ඉර මලකට
ගෙනෙන්නට වසන්තය නැවත
ජීවිතය දළු ලන්න......




No comments:

Post a Comment