Sunday, March 23, 2014

මේ වරද මගේ නොවේ - හංසයාගේ මැයි






මේ වරද මගේ නොවේ
=============
හංසයාගේ මැයි
========

රඟමින් මා අස වනන්නට රුව
ආදා සිටම ඒ හංස තෙම
ගෙවෙන මේ නිදි නොමැති රෑ
එදා සිට අද වන තුරා
හීන මතු තව හීන ගෙනෙනා
මේ වරද මගේ නොවේ
හංසයාගේ මැයි

හිමව්වේ හිමවනින් දිලිසී
පුළුල් උරතල මහද කළඹා
නුරා හීසර විදින දෙනුවන
හීනයේ දැවටී රිඳුම් දෙයි
මේ වරද මගේ නොවේ
හංසයාගේ මැයි

නිසල විල් දියේ රැළි නගන
පෙම්වත් රැඟුම් රඟනා 
මීන රළ සේ 
නළ 
ඔබද මහදේ නගයි රැළි
මේ වරද මගේ නොවේ
හංසයාගේ මැයි

සමන්මලී අභයසිරි




No comments:

Post a Comment