Monday, March 24, 2014

දෙවඟනක් ඉල්ලන්නී වරයක් අපෙන්



දුටිමි දෙවඟනක්
මහපාර තැන නොතැන
බිත්ති පුරා
ඇලවුනු පාප්පයෙන්

අතිශයින් රූමත් ඇගේ රුව
තව තවත් සොඳුරුව 
තැවරූ විලේපනයෙන්
හැඳි අසිරිමත් පිළියෙන්
මොණර පිල් පැහැ

අහා අරුමයකි
ඉල්ලන්නී මේ දෙවඟන
වරයක් අපෙන්
කුසට හරි අහරක් නැති
වත රැඳි දල පිළී ඇති
හිසට හරි හැටි සෙවණක් නැති
අපෙන්.....
ඉල්ලන්නී ඈ
වරයක්...........

සමන්මලී අභයසිරි

1 comment:

  1. ඔබතුමියගේ බ්ලොග් එකටත් අදයි ගොඩවුනේ මං. සොඳුරු බ්ලොග් අඩවි ගොඩක් හමුවුන සාර්ථක දවසක් අද..

    http://masandumal.blogspot.com/

    ReplyDelete