Tuesday, March 25, 2014

සඳට පෙම් බැඳි කුමුදිනී වෙත පෙමින් බැඳුණු මැඩියා ගේ ගීතය




අමාවක දා පිපුණු 
කුමුදිනී
ආදරේ සඳ දකිනු
රිසින් පිපි විල් දියේ

අද නොමැත සඳ 
හෙටද එනු නැත
මදින් මද මෝදු වී
අටවකද පසුකර
පසළොස්වකම එනතුරු
ඉන්ට හැකිවේද කුමුදිනී

අමාවක දා පිපුණු 
කුමුදිනී
ආදරේ සඳ දකිනු
රිසින් පිපි විල් දියේ

එනදා පුරට සඳ
ආදරේ කිරණද රැගෙන
මහළුව පරව ගොස්
පෙති හැලී විසිරී
කොහෙද ඔබ 
කුමුදිනී

අමාවක දා පිපුණු 
කුමුදිනී
ආදරේ සඳ දකිනු
රිසින් පිපි විල් දියේ



සමන්මලී අභයසිරි
 2014 - 02 - 14

2 comments:

  1. ගොඩක් ලස්සනයි. මෙවැනි වටිනා නිර්මාණ සමඟ දිගටම බ්ලොග් අවකාශයේ රැඳී සිටින්න. ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබගේ දිරියට!

      Delete