Wednesday, March 26, 2014

Your twinkling eyes illumine my moonless nights

නුඹේ නෙත් තරු එළිය දැල්වේ

මේ ප්‍රේමණීය වූ ගීය රචනා කොට ඇත්තේ යසනාත් ධම්මික බණ්ඩාරයන් විසින් - ස්වර රටා මැවුයේ නවරත්න ගමගේ සංගීතඥයා - ගායකයා ලෙස්ලි ප්‍රනාන්දු .

මේ එහි ඉංග්‍රීසි අනුවාදයයි. මෙය කියවන්න ගීතයත් අසන්න




The only illumine in 
my world's darkest 
moonless nights
is your twinkling eyes
as twinkling as stars
no more mine
the love 
the lotus adorned with dew drop tears
blooming in the deep lakes of my eyes

In this darkest of moonless nights
when the crickets weep
descend from the solitary sky 
to the Earth where I am and 
bring me the fading buds of dew
to make them the tears 
to cry just once 
on our beautiful past 

The smiles of the blooming 
maiden the full moon
blending the sweetness of memories 
fragrance of the past
no I don't want her light 
please let me dwell in this
darkest of moonless nights

Samanmalee Abayasiri







නුඹේ නෙත් තරු එළිය දැල්වේ
====================

නුඹේ නෙත් තරු එළිය දැල්වේ
මගේ ලොව ඝනඳුර වසාගෙන

මා දෙනත් විල් දියේ පීදෙන 

කඳුලු සියපත සදිසි ප්‍රේමය

රෑහි හඬ ඉකිගසන මැදියම
මලානික පිණි පොකුරු අරගෙන
පාලු අහසින් එන්න පොළොවට
අතීතය ගැන් වරක් හැඬුමට

පෝය හඳ මල්වරව හිනැහෙන
පුරුදු සිහිනෙක සුවඳ මුසුකරකර
අමාවක ඝනදුරෙහි තනිවුණ
මගෙ ලොවට සඳ එළිය කුමටද




1 comment:

  1. මීට කලින් අහල තිබුනෙ නෑ මේ ගීතය. ගොඩක් ස්තූතියි මේ ගීතය තිළිණ කලාට. සයිබර් අවකාශයෙත් නෑ මෙම ගීතය බාගත කරගන්න. ඒත් ඔබ ලබා දුන් ලින්ක් එක හරහා යූ ටියුබ් වීඩියෝව බාගතකරගත්තා.

    ස්තූතියි.

    ReplyDelete