Wednesday, March 26, 2014

This enchanting hour

මේ ඉංග්‍රීසි කව මා විසින් ලියූවක්. එයම මම සිංහලයටත් පෙරළා පළ කරන්නට සිතුවෙමි

In this enchanting hour
With the twilight befalling
Over the canopy
The canopy of this grove

In this enchanting hour
Kisses my cheek
The fragranced breeze
The fragrance of Jasmine

In this enchanting hour
Dazed I am with the haze
The charming radiance
The radiance of the moon

In this enchanting hour
Closed are my eyes
Wandering in a dream
Sweetest dream of you

In this enchanting hour.....



මේ මිහිරිතම යාමයේ
============

මේ මිහිරිතම යාමයේ
තුරුණු වූ නිශා කල
බැස අවුත් වෙලෙමින්
ලපලු තුරු හිස් මතින්

මේ මිහිරිතම යාමයේ
සිප හමයි මා කොපුල් තල
මද නළ ගල්වමින් විලවුන්
සමන් මල් සුවඳින්

මේ මිහිරිතම යාමයේ
මත්වීමි මම තුසරයේ
දැක පොබයන රුවින්
සැදි සඳ වතින්

මේ මිහිරිතම යාමයේ
නුඹ මැවු ඒ සිහිනයේ
වසාගමි මම නෙතු පිය
සොඳුරුතම සිහිනයට ඉඩ දෙමින්

1 comment:

  1. Excellent! You have done it superbly. I feel it like a poem of Mr. Rathna Sri Wijesinghe. Thank you..

    ReplyDelete