Tuesday, March 25, 2014

මහද නැගි පැණයක්........
===============

නොදුටිමි මිරිවැඩි සඟලක්
තිබුණේ ඉන් එකක් පමණක්
මහද නැගි පැණයක්........
නොවූයේ ඇයි සඟලක්

තිබිය යුතුවේ පාද යුගලක්
පළඳින්ට නම් සඟලක්
මහද නැගුණා පැණයක්........
තිබුණිද එක් පයක් පමණක්

ගෙවුණි වකවාණුවක්
අහිමිවූ බොහෝ උන්හට
පා දෙපා ඇස් ඉස් මස් ද
ඒ නිසයි මෙවන් පැණයක්........

සමන්මලී අභයසිරි

No comments:

Post a Comment