Thursday, March 27, 2014

බදුගත් නවාතැන්පොළකි ජීවිතේ



















සැබෑ නොමවන සිහින අතරේ
ඔහේ පාවෙන ජීවිතේ
බදු ගත් නවාතැන්පොලකි
මටම හිමි නැති

නැවතී සදහට එක් හදෙක  
හිමි කරගන්නට හිමිකරුද එහි
බැඳෙන්නට තිර පෙමක
කවදාක උගනිම්ද

සයුරු තෙර නිවහනක විඳින්ට නොනිමි සුව
ලොව වටා සැරිසරා එහි අරුම දකින්නට
පැතුවෙමි පැතුම් දහස් නොව සිය දහසක්
නොනිදා පහන් කරමින් ඉතා දිගුවූ රෑ කල

එනමුත් දැරුවෙම්ද
ඉසියුම් තැතක් වත්
සැබෑ කර ගැනුමට
මේ සිහින

දරන්නට එවන් තැත්
බියවුනෙමි සැමදා
වැරදෙනු ඇතැයි සිතමින්
නොවී විශ්වාසයක් මා කෙරෙහි මට

රැඳෙන්නට එක් සිහිනයක
එක් පැතුමක එක් හදෙක
නොදනී නම් මම
කුමට පැමිණිලි මගේ වරදට

ගෙවමි මේ ලෙසම
අතහැර  යනතෙක්ම මෙහි
බදුගත් නවාතැන්පොලකි
මේ ජීවිතේ

අනුවාදය - සමන්මලී අභයසිරි

මේ අපූරු ගීයෙහි නිමිත්ත අපට තරමක් නුහුරු අත්දැකීම්ක් - බටහිර දරුවන් යොවුන් වියට එළඹෙත්ම දෙමාපියන්ගේ රැකවරණින් මිදී තනිව වෙසෙයි. ඒ දිනය උදාවනතෙක් ඔවුන් සිහින මවති. මේ සංස්කෘතිය පිළිබඳව අසා දකින අපේ යොවුන් දරුවෝද එය අපූරු යැයි සිතනු ඇති, නමුත් එලෙස දිවි ගෙවන්නට ගිය යුවතියක අසරණව - ආත්ම විශ්වාසයද බිඳ වැටී ඉච්ඡාභංගත්වයට පත්වන අයුරු මින් කියැවේ.

https://www.youtube.com/watch?v=cz0uUDkr9Zg&feature=youtu.be