Tuesday, March 25, 2014

මල් විහඟ මිතුදම්



මා සබඳ
පැණි කුරුළු
තුඩින් ඔය සිඟිති
උරා බොන්නට
මේ මී මදු
එන්න එය ඔබටමයි

සමනලුන් හා බඹරුන්
රොන් සොයන විට
මලකින් 
නොයෙක් කව් ගී පහළවෙත්

ඒත් මා සබඳ 
පැණි කුරුළු
ඔබද මා හා
ඇති මේ මිතුදම
කවියකට ගීයකට නොනැගිනි

තවරා සියොලඟ මකරන්ද
එක් මලෙක සිට තවත් මලකට
රොන් සොයා ආ සඳ හෙලා යන මෙපුවත
ගීයකට නොනැගියේ කෙලෙසද
මා සබඳ
පැණි කුරුළු 

ඔබ නිසා මල් මම 
දරන්නෙමි හෙට ඵල
අපූරුයි අප මිතුදම
සොබා දම කියූ ලෙසටම
පවතීවි සකි සඳ
මා සබඳ
පැණි කුරුළු

සමන්මලී අභයසිරි

මේ සිතිවිලි පහළ වන්නට නිමිති වූයේ  යසනාත් ධම්මික බණ්ඩාරයන්ගේ මේ රුවැති ඡායාරූපයමයි.

No comments:

Post a Comment