Saturday, March 29, 2014

He is a poet - Not an Infant - බිළිඳෙකු නොවේ ඔහු කවියෙකි......





A poet weeping like an infant
Not for sorrow
But for joy ……………..
For a treasure vanished
But found anew ……….
Familiar is thy face
It resembles my son's
May be it's my father's
Or is it me myself………….

Oh! Most learned
He bears a poem
A poem written anew
After a lapse of an eon
He'll come with glee

Please feel free
To be constructive
To make it fine ..........
Oh! Please be kind enough
Kind enough to be his critique
Make him to make it a fine poem
To tell him what's good and bad

His quill which wrote many verses
Became unspoken for ages
What made it to become silent
Could be many reasons………………….

The beautiful spring of thoughts
Sprouting from the depth of his sole
Alas! The spring dried up
Making the fields barren
The fields of thought and words
With plantlets of metaphors
During a harsh drought …………

A harsh drought time indeed
A time of shallow literary pieces
Hollow melodies becoming masterpieces
Alas! The spring dried out
The spring of sweet sonnets …………..

The wretched materialism
Materialism of free economic capitalism
Gloomy daunting days of the realm
And a never ending thread of trials

Could be the reasons for his silence
But today the most learned
He’ll come to you ……………
Come to you with a poem
Written in eons ………….
Please be kind enough to assent
Assent him
The poet……..

Translated By Samanmalee Abayasiri



මේ කවිය ‍යසනාත් ධම්මික බණ්ඩාර කිවිඳුන්ගේ කවියකි. කවියාතුළ බලපෑ නිමත්ත පෞද්ගලිකද නැති නම් පොදු දැයි මා නොදනිමි.  නමුත් ලියැවුණු කවියේ කවියන්ට පොදු දේ ඇතැයි හැඟෙන බැවින් පරිවර්තනය කරන්නට සිත යොමු වින.

මෙහි කියවෙන්නේ  එක් අපූරු යුගයක රස ගඟුල් මැවූ සුන්දර කවීන්ගේ කවිකම් තවත් අඳුරු යුගයක් හා වියැකී යෑමට හේතු යැයි මට සිතේ.  කවිකම් ඔප්ලනු  වෙනුවට විවෘත ආර්ථිකය විසින් අළුතින් බිහිකල ජනප්‍රිය මාධ්‍ය සංස්කෘතිය විසින් ඒවා මරා දැමුණු හැටි ගැන කෙරෙන විවරණයක්  ලෙස මෙය මම විඳිමි.

 බිළිඳෙකු නොවේ ඔහු කවියෙකි......

නැතිවූ යමක් හමු වී

තුටු සිත් දරණු බැරිවී

බිළිඳෙකු සේ හඬන

මිනිසෙකි.......

බිළිඳෙකු නොවේ ඔහු

කවියෙකි........

හුරුය ඔහු මුහුණුවර.....

ළඟය එය

ම’පුතු මුහුණට......

නොමැතිනම්

මා පියාණන් මුහුණට.....

මගේ මුහුණට......

බොහෝ කලකට පසුව

ලියැවුණු

කවියක්ද අතැතිව

මහතුණි,

ඔහු

ඔබ සොයා ඒවි........

කියා දී අඩු ලුහුඬු කම්

දී ඔපලන්ට කවිකම්

මහතුණි,

පිළිගන්ට ඔහු.......

බොහෝ කව් මුතු

පබැඳි පන්හිඳ

බොහෝ කලකට ගොළුවුණේ කිම

සෙවූ බෝ කාරණ

මෙසේ ලියැවී ඇත

එහෙත් ඉන්කවරද

වඩා නිවැරදි

කරුණ

මේ ගොළුවතට.......

“ සිඳී ගොස් කවි සිත

වරා අස්වනු - වචන සිත්කෙත

නොහී උපමා - රූපකාලංකෘත.......”

“ ගිලිහී ගැඹුරු කවි සිත

පසිදු ගී රැල්ලට

හසුවිණ

අනේ කවි සිත වියැලින......”

“ නිදහස් ආර්ථික ජඩ කම්

අන වින - අපල  වස් දොස්

කළු රකුසු වෙස් ගත්

උදුරා ඔහුගෙ කවි සිත්......”

මෙසේ කී - නොකී තව තව

බොහෝ කාරණ.....

බොහෝ කාරණ.....

බොහෝ කලකට පසුව ලියැවුණු

කවියක්ද අතැතිව

මහතුණි,

ඔහු ඔබ සොයා ඒවි.......
-        
-    - යසනාත් ධම්මික බණ්ඩාර -





1 comment:

  1. කාටත් පොදුවෙ රසවිඳින්න පුලුවන් විදියට මෙහෙම සිංහල පරිවර්තනයත් එක් කිරීම ගොඩක් හොඳයි.

    ReplyDelete