Sunday, March 23, 2014

නළඟන


නළඟන
=======

සරසමින් දිගු නීල සිකිපිල
නන් පැහැය තවරාය නෙත් නිලුපුල
මවන රූසිරු මෙවන් සුනිමල
කරළියෙහි  දිලෙන ඈ රුව ලකල

සඳ කිඳුරි සේම හද තවන්නී
රණ හංස හැඩ සබේ මවන්නී
පහන් සිළු වැනෙන සේ සැලෙන්නී
ඇයයි හද රඟහලේ රඟන්නී

රුව වරුණ වනමින
ඇය සිත්හි රජ වෙන මෙන
පතා ආ මුත් දන
නැතේ කිසිවෙකු ඉන් සමත් වුන

පියස උළු කැට බිඳුණු
වියල් වී පොද ඉහිරුණු
සයනයෙහි රැඳවුණු
දුබල මෑණියන් වත මැලැවුණු

පියතුම මධුවිතෙහි තොස්වේ
සොයුරු කැල කුස් හිස්වේ
ණය කන්ද තව උස්වේ
බියකරු සිහින නෙත දිස්වේ

මේ සියල් නිමිති දකිමින
මවු පිය සොයුරු රකිනා මෙන
සිත යොමා නොදුකින
රඟන්නී ඈ දිව් රැඟුම් ගෙන






No comments:

Post a Comment