Saturday, April 19, 2014

Born Free



Born Free  මා නරඹා ඇති චිත්‍රපට අතුරින්  වඩාත්ම ප්‍රිය කරන චිත්‍රපටයක්. ජීවිතාරක්ෂාව සඳහා සිංහ ධෙනුවක් මරා දමන්නට සිදුවන ජෝජ් ඇඩම්සන් හා ඔහුගේ බිරිඳ ඇයගේ කුඩා පැටවුන් තිදෙනා රැගෙන වුත් හදා වඩා ගනී. ඉන් දෙදෙනෙක් දැඩිවූ පසු සත්වෝද්‍යානයකට බාර දුන්නත් වඩා ලෙන්ගතු සිංහ ධේනුව එල්සා තමා ලඟම දැඩි වෙන්නට හරී. එහෙත් ඈ දැඩිවත්ම ඇයගෙන්ද නිදහස් වන්නට ඔහුට සිදුවන්නේ සමාජයෙන් එන බලපෑම් නිසාය. කෙන්යාවේ වනාන්තරයට ඈ මුදා හරින්නට් ඔවුහු තීරණය කරති. පුරා වසරකට පසු එල්සා දැක ගැනීමට පැමිණෙන ඇඩම්සන් යුවලගේ හද ප්‍රීතියෙන් පිනා යන්නේ එල්සාට මවුපියන් වූ ඔවුන් දෙදෙනා අමතක වී නොමැති බව දැකීමෙනුත් ඇයද කුඩා පැටවුන් තිදෙනෙකුගේ මවක් බව දැකීමෙනුත්ය.

මේ ගීය Born Free චිත්‍රපටයේ තේමා ගීයයි.




අගේ මැයි ජීවිතය - උපන් නිසාම ඔබ නිවහල්ව.......
==============================
උපදින්න  නිවහල්ව
ඇදෙන්නා සේම සුළං රොදක්
වැඩෙන්නා සේම තණ පළස
හඹා යන්නට ඔබේ හදවත
නිවහල්ව උපදින්න

දිවිගෙවනු මැන නිවහල්ව
සොඳුරුමය අප අවට
විස්මවයි ලොව නිබඳවම
දකින තරුවක් ගානේම

වසනු මැන නිවහල්ව
බෙදා වෙන් කරන පවුරු නොමැතිව
නිවහල්ය ඔබ නැගෙන දළ රළ පහරසේ
කුමට සඟවනුද එය

උපදින්න නිවහල්ව
ජීවිතය අගෙයි ජීවත්වන්න
අගේ මැයි ජීවිතය
උපන් නිසාම ඔබ නිවහල්ව..........

අනුවාදය - සමන්මලී අභයසිරි


No comments:

Post a Comment