Tuesday, April 15, 2014

බයයි නුඹ මට ආදරේ යැයි කියන විට




ආදරෙයි මම වැස්සට
ඔබ කියයි
ඒත් හිරිපොදේ තෙමෙන්ටත් බයයි
ඔබ කුඩේ  ඉහලයි

ආදරෙයි මේ අරුණ කිරණට
ඔබ කියයි
ඒත් අව් රශ්මිය ඔබ දවයි
ඉන් මුවා වෙන්නට බලයි

ආහා මම මද නළට ආදරෙයි
ඔබ කියයි
ඒත් සුළඟ වැදුණොත් ඔබට අගුණයි
දොර කවුළු වහ දමයි

මම ඔබට ආදරෙයි
ඔබ කියයි
ඒත් මගෙ හදවත සැලෙයි
මගෙනුත් මුවාවේදැයි බයයි

අනුවාදය - සමන්මලී අභයසිරි

No comments:

Post a Comment