Saturday, May 10, 2014

කුරු තුරක් ලෙස වසනු නොහැකිය


මා හැර ගිය ඔබ
අතහරිනු නොහැකිව
කල්ප කාලයක් 
වින්දෙමි ගැහැට අපමණ

ජීවිතය බැඳ දමා සිර කොට
මා ඔබට බැඳි බැඳුම් යදමින්
වැඩෙන්නට නොමදී විහිදා අතු පතර
විසුවෙමි කුරු තුරක් ලෙසම

අද මිදෙමි මම මුදා ඔබ
බිඳ දමා යදම්
මට වැඩෙන්නට ඉඩ නොදුන්
වසනු නොහැකිය කුරු තුරක් ලෙස  

අතු පතර විදහා වැඩෙමි
මහා තුරු  නිරිඳෙකු සේම
දරා මල් ඵල  සදමි සෙවණද
සැමට - ඔබට වුව

සමන්මලී අභයසිරි

1 comment:

  1. බොන්සායි ගැනද ජීවිතය ගැනද ලිව්වේ , හරිම අපූරුයි එක දෙයකින් තවත් දෙයක් දැකීම, ලස්සනට බොන්ස්සයි රුකක් මුල් කරගෙන හිරගත් වෙච්ච ජීවිත හැඟුමන් මතු කරලා තියෙනවා. ලස්සන නිර්මාණයක්. රස වින්දා හුඟක්, ඔබට ජය වේවා. අනේ word verification අයින් කොරන්නේ.

    ReplyDelete