Thursday, May 8, 2014

දෝණී


අම්මා මේවා රසයි
උදේම අවදි වෙලා
මමයි කඩාගෙන ආවේ

අම්මා එන ගමන් 
දෙක තුනක් කෑවා
ඒකයි කටේ මේ රතු පාට

අම්මා රහ බලන්න
කෝ මම කවන්නම්
අම්මා මට කවනවා වගේම

අම්මා එනවාද යන්න 
මා එක්ක ඇවිදින්න
ලස්සනයි මල් පිපිලා හැමතනම

අම්මා එක්ක විතරක්ම
දවසම ඉන්න ඇත්නම් මට
මෙහෙම ලඟට තුරුළුවෙලා ආදරෙන්

සමන්මලී අභයසිරි

2 comments:

  1. සුජාත දියණී කතාපෙලේ ඇයගේ අතීතයේ ඇය කුඩාකල ඇගේ මව මිය යන මොහොතේ ඇය රතු පාට මේ ගෙඩි කටින් හපල ඇයට කවන්න දැරුව උත්සාහය මතක් උනා. ඒ කතාවෙ වටිනාකමත් නැතිකලා රැල්ලට කොරියන් කතා පෙන්නන්න ගිහින්.

    ලස්සන නිර්මාණයක් වෙන්ද වගේම. ස්තූතියි..

    ReplyDelete
  2. මොනවා කියන්නද
    පිළිතුරක් ලෙස
    හිතාගනු නොහැකි මට
    අපූරු කවි පෙලකි
    උදේ පාන්දම කියවූව

    අනේ මේකෙ කමෙන්ට් වෙරිෆිකේෂන් අයින් කරන්න...
    settings>posts and comments>comment Moderation>never

    ඒ වගෙම තමා අපිට හැමදාම එන්න ලේසි වෙන්න ෆලෝවර්ස් ගැජට් එක ඇඩ් කරගන්න
    Layout>add a Gadget>More Gadget>Followers

    දිගටම ලියමු
    ජයවේවා

    ReplyDelete