Sunday, May 18, 2014
සංවාදයක්
කාළගෝල....
මහෝෂධ පඬිතුමෙනි නැණ පිරි
සිත පෙලයි මේ වියෝ දුක්
සත්වසක් බැලයෙකුව මෙහෙකර
දිනාගත්තෙමි දික්තලාවන්
සුසුදු මා සිත දුටුවේ නෑ ඇය
විරූපී කළු රුව මිසක්
ඉදින් මා හට රිසි නොවීමැයි
රුවැති සඳ වැනි දික්තලාවන්
දික්පිටිගේ ඒ කඩවසම් රුව
දුටුව මනතින් ඇදී ඔහු වෙත
මෙතෙක් පෙම් බැඳි මා දමා ගොස්
බැඳුණි ඔහු හා දික්තලාවන්
මහෝෂධ පඬිතුමා.......
ඔබ සේම මා පෙරත්භවයෙක
කුස ලෙසින් ඉපදී විරූපිව
පබාවතියට බැඳී ආලෙන්
පෙමෙහි බැලයෙකු වීමි සතුටින්
නොදනිතියි නොසිතන්න ඔබේ දුක්
දනිමි අභිමන් ආලයේ
අමන අඟනුන් රුවට රැවටී
ආලයෙන් බැඳි හදක් නොදකිත්
කාළගෝලය විරි වඩා සිත
නිවා ගනු ඔය හදේ ඇති ගිනි
ඔබේ පෙම්වත් සුසුදු සිත හිමි
ලඳක් එනතුරු හදින් රූමත්
සමන්මලී අභයසිරි
Subscribe to:
Post Comments (Atom)
දික්තල කාලකෝලව වෙනස් විදියකට කවියකට පටලල අපූරුයි...
ReplyDeleteජයවේවා
අනේ මේ කමෙන්ට් වෙරිෆිකේෂන් අයින් කරන්ටකො මහ වදයක්.. මං දෝණි පොස්ට් එකේ කමෙන්ට් කරලත් තිබ්බ.. කරන විදිය දැක්කෙ නැතෙයි
මේ බ්ලොග් එක බැරි ගානේ හදාගත්තේ බොහෝම දේවල් නොදැන. ස්තුතියි ඔබට මේ මග පෙන්වීම් වලට - මම හැදුවා දැන් හරිද බලන්න
Delete