Friday, December 25, 2015

සිරකරනු බැරි මකරන්ද




තුඟු විසල් පවුරෙකි 
උල්වූ පළිඟු කටු
විලිස්සා බිය ගන්වන
අනවසරයෙන් ඇතුල්විය නොහැකි
ඇතුල් වුවහොත්
සුනඛ දත් විලිස්සන

පවුර තුළ නඳුන් උයනෙකි
නන් වණ් සුවඳැති
මනරම් මලින් ගැවසුණ
අනවසරයෙන් වුව 
තටු ඇතියවුන් යන එන
සුවඳ විඳ රොන් උරාබොන
සිනිඳු පෙති මත
සැතපෙන 

රකින්නෝ මෙඋයන
නොදනිති රහස් මල් ගැන
මලෙක රුව සැඟවුවද
උස් පවුරු බැඳ
කෙසේ වළකන්නද
සුළඟ හා දැවටී
ඉගිලෙන මකරන්ද

සමන්මලී අභයසිරි

No comments:

Post a Comment