Thursday, August 14, 2014

මධු සදන මිදි


පිපී ඉපිලී දඟකරන
මල් කැකුළියෝ
හස කැන් සලන
වසන්තය ඉතිරෙන
තුරුණු යායකී මේ

නිසි කලට පැසී පීදුණ
ඉදුණු  මිදි පොකුරු
සියුමැළි දෙපාවෙන් පෙළී
සැදෙන මධු විත රස සදන
මී මදු රසයකී මේ

මිදි තලා පෙරූ මධු පරදවන
මේ යොවුන් රූ සිරි
පා කරයි දෙව්ලොව වෙතම
මවමින් මියුරු කල්පනා
මන්මත් කරන මීවිතයි මේ

සමන්මලී අභයසිරි



No comments:

Post a Comment