මා මුව මේ රත් පැහැය
ගිනි වැදී නොවේ උදුනේ
හිමියෙනි ඔබ ලඟින් සිටි පෙරදා සිහිවී
මුව පැහැය ගැන්වේ.
ගලන්නේ කොපුල් තල දිගේ
දහඩිය නොවේ ගිනියමට
උදුන ලඟ නිබඳ රැඳි ඔබේ රුව මැවී
කඳුළු කැට ඇද හැලේ.
මේ මා දවා පුළුස්සන්නේ
ගිනි අඟුරු රස්නය නොවේ උදුනේ
නිවන්නට කුසගිනි අපේ ඔබ දැවුණු හැටි සිහිවී
හදේ ඇවිලී ගිනි මා දැවේ.
උදුන ගිනි වඩන්නේ අද
දවමින් නොවේ ගිනි හුළු
ඔබේ වියොව නිසා මා හදෙහි නැගි සුසුමෙන්
ඇවිලී ගින්න බෝවේ.
සමන්මලී අභයසිරි
සිතුවම - Jean-François Millet
No comments:
Post a Comment