දුටු ( නොදුටු ) සිතුම්
Monday, July 28, 2014
සිනහවට ඉඩ දෙන්න
එකම එක මොහොතකට
පිවිසෙන්න ඉඩ දෙන්න
හැර දෙන්න දොරගුළු
බොහෝ කල් මා හටම වැසී ගිය
ඔබේ හද විජිතයට
මමයි මල් පුබුදන වසන්තිය
සදා හිරු පායා එළිය දෙන
කඳුල දොම්නස අඳුරු ශිශිරය
පළවා හදින් රජයන්න ඉඩදෙන්න
මෙමට ඒ විජිතයෙහි.
සමන්මලී අභයසිරි
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment