Tuesday, December 16, 2014

මුතුහර

ප්‍රකාශ් සුභේදි නේපාල කවියෙකි ලේඛකයෙකි. මේ ඔහුගේ Pearls නම් කවෙහි අනුවාදයයි

මුතුහර
====

බෙල්ලෙකු තුල
වැලි කැටයක්
මුතු ඔපය ගන්නට
කෙතරම් කලක්
ගතවේද

සිඳු පතුල කිමිද
සියක් බෙල්ලන් කඩා
ගොඩ ගෙන එන්ට
කෙතරම් කලක්
ගතවේද

ධීවර තරුණෙක්ට
සියක් බෙල්ලන් කඩා එකම
මුතු ඇටක් හෝ දකින්නට
කෙතරම් කලක්
ගතවේද

ලොකු කුඩා මුතු අමුණා හුයෙක
ලකල් වූ මුතුහරක් තනන්නට
එය සොඳුරු ගෙලක පළඳන්නට
කෙතරම් කලක්
ගතවේද

අහෝ මා මිතුර එද
මෙවන් වෙහෙසින් තැනූ මුතුහර
යලි එක් හුයෙක නොබැඳෙනා ලෙස
බිඳී මුතු දසත විසිර යන්නට
ගතවන්නේ අසුරු සැණක්
පමණක් නොවෙද.....


Prakash Subedi is a Nepalese poet and writer and this is the translation of his poem 'Pearls'. This is a translation of this poem to Sinhala my mother tongue.

http://prakashpoetry.blogspot.com/2012/08/pearls.html?spref=fb

This is the link to the Poem by Prakash Subedi


No comments:

Post a Comment