Tuesday, December 16, 2014

හයිකු ආභාශය

මම මගේ සිතට එන නොයෙක් අදහස් ලියමි. ඒවා කවි දැයි කියන්නට නම් නොදනිමි. එහෙත් මේ ලිවිලි වලින් සතුටක් ලබමි. මෑතක සිට කෙටි කවි ලියන්නට ගත් සිත් තොසක් විය. හයිකු කවි පරිවර්තනයෙන් සිතේ හටගත් ප්‍රබෝධයෙන් යයි සිතමි මේ එලෙස ලියැවුණු අදහස් එකතුවකි.

අතීතය අමතක සමනලයෙක්
===================
දළඹුවෙකු දුටු සමනලයෙක්
අපොයි මෙතරම් කැත සතෙක්
කියා කීවාලු සුළඟ හා

=======================================================

තනිව යමි උඩ
=========
කුරුල්ලා මොකටද
තනිව යමි උඩ
සිතා ගිළිහුණ
පිහාටුව
අපොයි තාමත්
බිම.....

=======================================================

බර්ලින් තාප්පය සිහිවී - එය බිඳ දමා 25 වසක් සපිරෙන අද
====================================
බැඳුම් බිඳ නැගි
මහා පවුරකි
බිඳ දැමූවත් එය
යා කළ හැකිද
පෙර අපර
හා කළ හැකිද
බිඳුණු සිත්

=======================================================

රත් පැහැ පත
========

දුටිමි රඟනා රඟ
හුළඟ හා සමග
ගහ හැර දමා
ඉගිළුණු
රත් පැහැ පත
ගහට මිස හුළඟට
දෙන්ට බැරි බව නොදැන
ජීවිතය

=====================================================

පිණි බිඳුවට බලාපොරොත්තුවක්
=====================

එන්න හැංගෙන්න
මගේ මේ හෙවණේ
හිරු එන්න
ලඟයි දැන්
කීවා තණපතක්
පිණි බිංදුවට

සමන්මලී අභයසිරි

No comments:

Post a Comment