Tuesday, December 16, 2014

ඔබ යන්ට යනවා නම්




ඔබ යන්ට යනවා නම්
සොඳුරු මේ වසත් දිනයේ
ගෙනයන්න නොරඳාම මෙහි
මේ උණුහුම් හිරු කිරණ
වසත් අහසේ සරන සියොතුන්ද

නවමු වූ පෙමකින් උද්දාම නොවුණිද හද
දිවා කල යොවුන්වූ දිගු නිශාවන්ට ඉඩ දුන්
මිහිරිතම සියොත් නද අසා සඳ නිසලවූ රැයෙක

ඔබ යන්ට යනවා නම් , ඔබ යන්ට යනවා නම්
යන්ට යනවා නම් ඔබ

එනමුත් ඉන්නවා නම් ඔබ
සදන්නම් දිනයක් අරුම
යමි මම ඔබ කැටුව
පැද යන්න පෙම් ඔරුව
හිරු රැස් සයුරු මත
සරන්නට ගගනත
වැහි පොදක නැග
දොඩමින් තුරු හිස් සමග
මඳ නලට නමදිමින්

එද යන්ට යනවා නම් ඔබ
දරාගන්නම් මම
තබා යනවා නම් මට
දෝත පුරා ඔබ පෙම

ඔබ යන්ට යනවා නම් , ඔබ යන්ට යනවා නම්
යන්ට යනවා නම් ඔබ

ඔබ යන්ට යනවා නම්
මම දනිමි යා යුතු බව
කියා යනු මැන
බමනු එපා යයි ලොවට
නැවත එනතුරු ඔබ
කුමන පෙම් රසද මට
නැතිව ඔබ මා ලඟ

අවසරද කියන්නට මට
ඔබ මගෙන් වෙන්ව යද්දී
මියෙන බව මා
නැවත අමතන තුරා ඔබ

ඔබ යන්ට යනවා නම් , ඔබ යන්ට යනවා නම්
යන්ට යනවා නම් ඔබ

එනමුත්  ඉන්නවා නම් ඔබ
සදන්නම් නිශාවක් සොඳුරුතම
කිසිදාක නොවූ මින් පෙර
කිසිදාක නොවන මින් මතු
ඔබ සිනා සයුරෙහි ගිලෙමි මම
පහසින් ඔබේ දෙව්ලොව සරමි මම
මා පෙම් බඳින
ඔය නෙත් සමග දොඩමළු වෙමින්

එද යන්ට යනවා නම් ඔබ
නොහෙලමි කඳුළු මම
මා සතු සියලු සොඳුරු දේ
ඔබ හා යනමුත් සමුගෙන ඈත

ඔබ යන්ට යනවා නම් , ඔබ යන්ට යනවා නම්
යන්ට යනවා නම් ඔබ

ඔබ යන්ට යනවා නම්
මම දනිමි යා යුතු බව
කිසිත් නැත මෙලොව මා හට රැඳෙන්නට
හිස් ලොවකි  මේ මගේ හිස් කුටිය
දැන් ඔබේ දෑසෙහි හිස් බැල්ම සේ
ඔබ පසෙක් තබා ගනී නම් මම
ඔබේ සෙවනැල්ලෙහි සෙවනැල්ල වුව වෙමි
එනමුත් යා යුතුය ඔබ දනිමි මම

ඔබ යන්ට යනවා නම් , ඔබ යන්ට යනවා නම්
යන්ට යනවා නම් ඔබ

සමන්මලී අභයසිරි


No comments:

Post a Comment