Tuesday, December 16, 2014

සුබම සුබ උපන්දිනයක්

හෙට නොවැම්බර් තිස් වෙනිදා මගේ අම්මාගේ 69 වෙනි උපන්දිනයයි. ඇය දැන් අපෙන් බොහෝ ඈතය - නැවත මෙහි නො එන්නේමය. එහෙත් සුබ උපන්දිනයක් නොපතා ඉන්නේ කොහොමද?

සුබම සුබ උපන්දිනයක් 
ඔන්න දුන්නා හාදුවක් 
ඉස්සෙල්ලාම මම 
ආදරෙයි හොඳටෝම
එදා වාගෙම තාමත්
හෙටත් හැමදාමත්
මගේ දින දසුනේ 
මිහිරිම දවස අදනේ
නොවැම්බර් තිස් වෙනිදා
අදයි නුඹ උපන්දා
නොඉපදී නම් එදා නුඹ 
කෙසේ උපදින්න දෝ මම

සුබම සුබ උපන්දිනයක්
ඔන්න දුන්නා හාදුවක්
දස වසක් මේ දිනය 
ඔබ නැතිව මෙලෙස ගතවිය
විටෙක සිත නැගි මතක 
සිනා රඳවයි මුවක
තව අසුරු සැණෙකින්
කඳුළු රූරා වැටේ දෑසින්
සිතේ ඇඳි රුව පමණි එද  
සිප වැලඳ ගනු හැකි අද
ඈත කඳු යායටත් ඈතින්ය 
අම්මේ  නුඹ - මම තනියෙන්ය......





No comments:

Post a Comment