Sunday, February 8, 2015

මුතු ඇටය



මහද බෙලි කටුව තුළ රැඳී
සූරමින් රිදුම් දුන් වැලි කැටය
ඔබ කෙරෙහි බැඳි සිත ය
මහත් වූ තැවුල් දුන් මුත්
රැක ගතිමි නොහැරියෙමි 
තවරා මහරු රස දිය
මහද උල්පතෙන් නැගි
නොසිඳෙනා ආලය නම්
දිදුලනා රුවින් පිරි 
අනගි වූ සොඳුරුතම
මුතු කැටය බිහි කලෙමි
රැක ගනිමි දිවි තුරාවට
සඟවා මහද තුළ 
කිසිවෙකුට නොදෙන්නෙමි 
ගෙල පළඳන්න 
ඔබ.............

සමන්මලී අභයසිරි




The Pearl 
========

Didn't let go
but nurtured - the grain of sand 
the grain of sand intruded 
the most delicate softness 
scraping and hurting
the grain of sand of
my love for you
in my heart - the oyster

Didn't let go 
but soothe and smoothed
my love for you - the grain of sand
to glow and glitter 
smeared with mother of pearl
sprouted within
in my heart  to make 
my love for you - the pearl

Didn't let go 
wont let go 
and never let anyone
until my death 
to adorn with 
the pearl - my love for you

Samanmalee Abayasiri

අසිරිමත් ලඳක් වෙමි


Maya Angelou කිවිඳියගේ Phenomenal Woman නම් කවෙහි අනුවාදයකි

අභිරූපිකාවක් සේ හැඩ නැති
බුහුටි සුකුමාර රුවක් නැති
මවෙත ඇති
සිත් අදින රහස කිම
විමසති රූ ලන්දු
කියන්නෙමි මම මෙලෙස
එද විස්මයෙන් නොඅදහති
මා කියන්නක් උන්
ඒ අසිරිමත් රහස ඇත්තේ
මා විහිදවූ දෑතෙහිය
තුරඟ ලීලා පානා මා ගමනෙහිය
දෙතොල් හකුලා මවන ඉඟියෙහිය
මා පුළුල් වටොරෙහිය
ලඳකි මම - අසිරිමත් ලඳක් වෙමි
සිත් බඳින.....
පිරිසක් මැදට පිවිසෙමි
සන්සුන් සිතින් 
දකින්නට ඔවුනතර අයෙක්
අනෙක් උන් මුව අයා දණින් වැටෙති
රොද බඳිති මා වටා 
මීයක් අසම සරනා මීමැස්සන් මෙන්
කිමද මේ අරුමය හැබෑටම 
අසන උන් හට කියමි
ඒ රහස ඇත්තේ
ගිනි විදින මා නෙත්සරෙහි බව
දසන් විහිදන කාන්තියේ බව
ඉඟ සුඟ ලෙලවුමෙහි බව
තුටින් පායුග පානා දඟෙහි බව
ලඳකි මම - අසිරිමත් ලඳක් වෙමි
සිත් බඳින.....

බොහෝ පිරිමින්ද විමසති
ඔවුන් මා තුළ දකින අසිරිය කිමැයි
බොහෝ තැත් දැරුවද නොදකී උන්
මා තුළම ඇති මෙවන් අරුමය
පහදා දුන්නත් නොතේරේ එය
එනිසා කියමි මම
ඒ රහස ඇත්තේ
මා ගතෙහි සුමට නැම්මෙහිය
හිරු සදිසි ඉනා සිනාවෙහිය
තුනුසපුව නැලැවෙන ලතාවෙහිමය
මනරම් කෝල ලීලාවෙහිය
ලඳකි මම - අසිරිමත් ලඳක් වෙමි
සිත් බඳින.....
වැටහුණිද දැන් ඔබට
මා හිස නොනැමෙන්නේ කිමැයි
මහ හඬ නගමින් මැත දෙඩුම් අනවැසිය
මා ඔබ අසලින් පියමනින විට
අභිමානයක් ඔබේ සිත වැඩෙන හේතුව
කියමි මම
ඒ රහස ඇත්තේ
මා පාවහන් නගන රිද්මයෙහිය
රැළි කැරළි ඇති වරළෙහිය
මා අත්ල මත ඇඳි රේඛාවෙහිය
මා වෙතින් ලබනු රිසි ආදර සංග්‍රහයෙහිය
මන්ද මා ලඳක් බැවිනි
අසිරිමත් 
ලඳකි මම - අසිරිමත් ලඳක් වෙමි
සිත් බඳින.....

සමන්මලී අභයසිරි




Pretty women wonder where my secret lies.
I'm not cute or built to suit a fashion model's size
But when I start to tell them,
They think I'm telling lies.
I say,
It's in the reach of my arms
The span of my hips,
The stride of my step,
The curl of my lips.
I'm a woman
Phenomenally.
Phenomenal woman,
That's me.
I walk into a room
Just as cool as you please,
And to a man,
The fellows stand or
Fall down on their knees.
Then they swarm around me,
A hive of honey bees.
I say,
It's the fire in my eyes,
And the flash of my teeth,
The swing in my waist,
And the joy in my feet.
I'm a woman
Phenomenally.
Phenomenal woman,
That's me.

Maya Angelou

යලි නැගෙමි



Maya Angelou කිවිඳියගේ And Still I Rise කවෙහි අනුවාදයකි.



අමිහිරි මුසා බස් ලියනු ඇත නුඹ
පුරාවෘත්ත පුරාවට කුදු
ලෙස දක්වන්ට මා
කසල මතින් පොළොවෙහි නුඹ
මා පෙරළා ඇදගෙන යනු ඇතිය
එද දූළි වළාවක් සේම යලි නැගෙමි

මගේ ප්‍රමෝදය ඔබට නොරිසි ද
මන්ද නුඹ වත අන්ධ අඳුරකි
පිළෙහි තෙල් නිධි උනන
මහා ධන කුවෙරයෙකුගේ සොබා
දකීදෝ ඔබ මා වෙතින්

බැස ගියත් නැගෙනා හිරු සඳු ලෙසට
සයුරු තෙර වඩ දිය බා දියද ලෙස
පැතුම් රළ උස්ව නංවමි යලි නැගෙමි

නුඹ හිත තුටු වේද දුටුවොත් මා පරාජය
උරහිස් කඳුලු කැට මෙන් ඇදී
හිස නැමී නෙත් බිමට යොමු කොට
දුබල දුක් හඬ නගමින් පසුබසින මා
දකිනු රිසි නොවෙද නුඹ

හිස නගා මා යන උදාරම් ගමන
ඔබ නෙතට අනිනා යවුල් වෙද
ගෙපැලෙහි රන් නිධි මතුවෙනා අයෙකු සේ
නිති තුටින් ඉපිලෙනා මුව සිනා නොමැකෙනා මා වත
 දරන්නට බැරි දුක් ගෙනේදෝ නුඹ හට

වදනින් එවා හී සර නුඹ මා වනසත් ද
ක්‍රෝධ ගිනි අවුලුවා මා පුලුස්සන මුත් නුඹ
දෑස් කඩු තුඩු වලින්ද සිඳලුවත් මගේ හිස
එද වාසුළියක් සේම යළි නැගෙමි

මා නෙතෙහි අනුරාගය පීඩාවක්ද
අරුමයක් වන නිබඳ නුඹ හට
මගේ තුටු රැඟුම් දැක නුඹ නොසිතුවෙද
දියමන්ති මණි මේඛලා පැළඳියෙකු යැයි මා

නින්දා සහගත ඉතිහාසය නම්
අඳුරු කුටියෙන් මිදෙමි යලි නැගෙමි
උස්ව නැගි තුරක් වන් රුදුරු අතීතය පෙරළා
වේදනා මුල් සිඳිමි යලි නැගෙමි
රළ නගන ගැඹුරු කළුවන් මුහුදක්මි මම
මහ හඬින් හඬමි විසල් වෙමි වඩදිය සදමි
අඳුරු රෑ රුදුරු බව දුරුකරමි යලි නැගෙමි
දසත එළි කරන සොඳුරු අරුණෝදය සේම
රන් හිරු සේම රැස් ගෙනෙමි යලි නැගෙමි
මුතුන් මිත්තන්ගේ දායාද ගෙන නැගෙමි
වහල් නෙත් මත නිවහල් පැතුම මම වෙමි
යලි නැගෙමි
යලි නැගෙමි
යලි නැගෙමි
මම.

සමන්මලී අභයසිරි


අප යලි හමුවේද



අප යලි හමුවේද
කෙලෙස කොතැනක
ඔබේ හද කැන්වසය මත
නේක රේඛා අතර
සිත්තමක් වී 
මා එනු නැතිද ඔබ සොයා
නෙත් අයා ඔබ දෙසම

අප යලි හමුවේද 
කෙලෙස කොතැනක
ඔබේ සිත්මල මත පිණි පොදෙහි 
දේදුන්න අඳිනා
ළහිරු කිරණක් වී
මා එනු නැතිද ඔබ සොයා
සදමින් සුවැති උණුසුම

අප යලි හමුවේද 
කෙලෙස කොතැනක
දැවෙන ඔබ ළය නිවා සනහන
මුතු වන් පෙණ නගන දිය ඉසින
නිමල දිය උල්පතක් වී
මා එනු නැතිද ඔබ සොයා
සිසිල සදනට නිවා දාහය

අප යලි හමුවේද
කෙලෙස කොතැනක 
විසිර ගිය දස අත පෙර දිනෙක
එක් එක් මතක මුතු අහුලා
බඳින මුතුහරක් වී
මා එනු නැතිද ඔබ සොයා
සරසන්ට ඔබ ජීවිතය යලි

සමන්මලී අභයසිරි

මම වෙමි චාලි ! - Je suis Charlie !

2015 ජනවාරි 15 වෙනිදා උදෑසන අල් කයිඩා සාමාජිකයින් දෙදෙනෙකු ප්‍රංශ පුවත්පත් කාර්යාලයක් වෙත එල්ල කල වෙඩි තැබීමකින් සහ තවත් වෙඩි තැබීම් ගණනාවකින් බොහෝ දෙනෙකු මියයාමේ සිද්ධිය ඇසුරෙන් ලිවීමේ හා කතා කිරීමේ නිදහස පිළිබඳ උද්යෝග පාඨය ලෙස Je suis Charlie !   යොදාගැනිණි. ඒ නිමිති කොටගෙන ඉන්දියානු කිවිඳියක වන ශෘති දාස් විසින් ලියූ මේ කව සිංහලට නගන්නට දැරූ තැතකි මේ.

This is a translation of the poem ' Je suis Charlie ! ' by Dr Shruti Das

මම වෙමි චාලි !
මම වෙමි චාලි !

නෙක දෙසින් නැග
මුසුව වැගිරෙන
නිසල වාතලයට
උණුසුම් හුස්ම පිඹිනා
මේ හැඟුම්බර ඝෝෂාව
කළතා විමසයි හදවත්
ජාති ආගම් වර්ණ
සවිවර මායිම් බාධක
විවර තුළින් රිංගා

"වැළපෙයි පැරිසිය" සිරස්තලයකි පුවත් පත්!
මහ හඬින් කෑගසා වැළපෙන
පැරිසිය මතු නොව මුළු ලොව
උගුරු ලේ රහ වනතෙක්ම
හැම පිටුවක්ම
මුල් පිටුද මැද පිටුද අග පිටුද පුරාවට
වැදගත් නොවැදගත් සැම තැනම
ලොකු කුඩා අකුරින් වුව
ලියැවුණු පුවතකි
තවත් එක් දිනක් ගැන

වැළපෙයි ආගමද දහමද
වැළපෙයි ශාස්තෘවරයාණන්ද
වැළපෙයි වගුරු හා මහ වනවදුලු
භාරතයෙහි හා ලක්දිවත්
වැළපෙයි වැලිකතර මැදපෙරදිග
නිදාසිටි යක්ෂයා අවදිවී
වැරදි වැටහීම් නම් ගිණිකඳු වලින්
උතුරා ඇද හැලෙන ලෝදිය මතින් නැග
ලේ පිපාසයෙන් දැවෙමින්
ඇවිද යයි අප අතර සොයමින් ගොදුරු

මම වෙමි චාලි!
ගයයි හැම මුව
ලියයි හැම පන්හිඳ
මිදී ගල්වුන දෑස් තෙත් වෙයි
උණු කඳුලු වැගිරී
රන් බඳුන් වල ලූ
අභිමානය බිඳෙයි
බිය නම් යකුළු පහරින්
ශිශිරයේ මුදු කිරණ වුව වසා
නැගේ අඳුරු සෙවනැළි පවෙහි
වගුරුවමින් ලේ

නෑසේ උකුස්සන් හට
උන් මෙහෙයවන්නන්ගේ හඬ
සඟවා ගනී
සිංහයින් සිය කෙසර
මොණරුන්ද පිළ් කළඹ
සාමයේ ශ්වේත දද
ඉදිරී වැටෙන්නට මෙනි
කැපී ඇඹරී සුන්ව ගොස්
සැකයේ තියුණු දැති අතර
මහත් වේදනාවෙන් ද බය බිරාන්තව
ලෝකය ගයනු ඇසේ
වෙලුම් පටියෙන් වෙලූ දිවකින්
ඔසු ගැල්වූ හඬකින්
සැලෙන දෑතින් පහන් ගෙන
රුදුරු පෙරදිනෙක මතක ගැන
සොඳුරු මතුදිනෙක හීන ගැන
ගයයි ලෝකය මෙලෙස

මම වෙමි චාලී ....!

සමන්මලී අභයසිරි

=====================================================

Je Suis Charlie !
Je Suis Charlie !
the voices merge and pour out
into the air, stoned and still,
wanting the warmth of breath.
The noise and sentiments cross
porous borders of nations and minds
they flow across borders of colour,
gender and age.

“Paris Mourns”: scream headlines,
and they will,
till they are hoarse and enter
from significant to insignificant middle pages
to scroll unnoticed in mini typescript.
Another day has passed.

Religion mourns, the Prophet mourns,
mourn the swamps and forests
of India and Lanka,
mourn the hills of Afghanistan
and the valleys of Pakistan.
The slumbering devil
rises green and hungry
from the molten lava of induced hate
and misunderstood faith,
vainglorious, bathed in blood.

Je Suis Charlie –
says every pen
says every tongue.
many frozen eyes have found fresh warm tears.
Tentacles of fear reach out
to crush quietly groomed vanity
in well oiled barrels of gold.
Satan rises to shadow a pale winter sun
and bloody the bloodless poles.

No falcon hears the falconer.
The lions and the peacock
bury their sheen,
flags of truce and faith are giddy ,
churned and shredded in fast moving gyres.
In pain and terror,
with medicated voice , plastered tongues
and candles in shaking hands,
mixing memory with desire
the world sings-
Je suis Charlie !

කවුරු නම් දේද ජීවිතය


ගලින් සැදි දෙවඟන
පෙමට අධිපති 
යදින්නී .....

කවුරු නම් දේද මට 
හදවතක්
පෙමින් පිරි සොඳුරු තෙත් 
පණ ගැහෙන උණුහුම සදන 
ලෙයින් හා මසින් සැදි
හදවතක්
ජීවිතය දෙන හදවතක්

තනිව වැළපෙමි හඬමි
යදිමි ජීවිතය
එපා මට මේ ගල් ගැහුණු සීතල
උණු ලේ සිරුර තුල ගලන
ජීවිතය මිස
එයම යදිමින් හඬමි
පණ ගැහෙන හීනයක සැරිසරමි
දෙනු මැනවි මටම හිමි
ජීවිතය
හදවතක් ඇති ජීවිතය


සමන්මලී අභයසිරි

සරනු හැකි වී නම් නිදැල්ලේ ගසකට

ජලාලුද්දීන් රූමී 13 වැනි සියවසේ පර්සියානු කවියෙකි. මේ ඔහුගේ කවියක අනුවාදයයි.
























සරනු හැකි වී නම් නිදැල්ලේ ගසකට
දෙපා වී නම් ඇවිදයන්නට
ඉගිල යන්නට වී නම් පියාපත්
ඉවසයිද නේක පිරිපත පොරෝ පහරක

නොයයි නම් ඉර රැයෙහි
ඉඩදී අඳුරට රජවෙන්ට
කෙලෙස එන්නද නැවත
හෙටත් නව ලොව රැගෙන

සයුරෙහි පිරී ඇති දිය
නොයා නම් නැගී අහසට
වැසි වසින්නේ කෝම
ගහ වැලට දී සිසිල

දිය පොදක් නැගුණු අහසට
හැරදමා උපන් සයුරු ගැබ
නැවත එද්දී දිනෙක හමුවීය
බෙල්ලෙකු තැනූ මුතු ඇටය

ගියත් හැරදා පියාණන්
යන්නේ පුතෙකු සොවින්මය
එද යායුතුම වේ ඔහු තැනුමට
ජය ගෙනෙන ඔහුගේම රජදහන

මේ අසන් මා මිතුර
නොගියේද අප මුනිඳු ඈතක
සොයා කෙම්බිම් නොයෙක්
දිනුවා නොවෙද ඔහු නව ලොව

කිමද මේ එකතැනම ළතැවුලෙන්
නැතිද මිරිවැඩි නුඹට
මා සතු මිණි ලෙසින් දිදුලන දෙපා
නැතිනම් මවාගනු සිත් තුල

මිදී නුඹගෙන් සරනු මදකට  ඈතක
එවිට නුඹ  දකිනු ඇත යලිත් නුඹ
එවන් සැරිසර පෙරළාවි නියතව
වැලි කැට අමිල රන් කන්දකට

අනුවාදය - සමන්මලී අභයසිරි

If a Tree could Wander
=================

Oh, if a tree could wander
and move with foot and wings!
It would not suffer the axe blows
and not the pain of saws!

For would the sun not wander
away in every night ?
How could at ev'ry morning
the world be lighted up?

And if the ocean's water
would not rise to the sky,
How would the plants be quickened
by streams and gentle rain?

The drop that left its homeland,
the sea, and then returned ?
It found an oyster waiting
and grew into a pearl.

Did Yusaf not leave his father,
in grief and tears and despair?
Did he not, by such a journey,
gain kingdom and fortune wide?

Did not the Prophet travel
to far Medina, friend?
And there he found a new kingdom
and ruled a hundred lands.

You lack a foot to travel?
Then journey into yourself!
And like a mine of rubies
receive the sunbeams? print!

Out of yourself ? such a journey
will lead you to your self,
It leads to transformation
of dust into pure gold!

Mewlana Jalaluddin Rumi