Sunday, February 8, 2015

සරනු හැකි වී නම් නිදැල්ලේ ගසකට

ජලාලුද්දීන් රූමී 13 වැනි සියවසේ පර්සියානු කවියෙකි. මේ ඔහුගේ කවියක අනුවාදයයි.
























සරනු හැකි වී නම් නිදැල්ලේ ගසකට
දෙපා වී නම් ඇවිදයන්නට
ඉගිල යන්නට වී නම් පියාපත්
ඉවසයිද නේක පිරිපත පොරෝ පහරක

නොයයි නම් ඉර රැයෙහි
ඉඩදී අඳුරට රජවෙන්ට
කෙලෙස එන්නද නැවත
හෙටත් නව ලොව රැගෙන

සයුරෙහි පිරී ඇති දිය
නොයා නම් නැගී අහසට
වැසි වසින්නේ කෝම
ගහ වැලට දී සිසිල

දිය පොදක් නැගුණු අහසට
හැරදමා උපන් සයුරු ගැබ
නැවත එද්දී දිනෙක හමුවීය
බෙල්ලෙකු තැනූ මුතු ඇටය

ගියත් හැරදා පියාණන්
යන්නේ පුතෙකු සොවින්මය
එද යායුතුම වේ ඔහු තැනුමට
ජය ගෙනෙන ඔහුගේම රජදහන

මේ අසන් මා මිතුර
නොගියේද අප මුනිඳු ඈතක
සොයා කෙම්බිම් නොයෙක්
දිනුවා නොවෙද ඔහු නව ලොව

කිමද මේ එකතැනම ළතැවුලෙන්
නැතිද මිරිවැඩි නුඹට
මා සතු මිණි ලෙසින් දිදුලන දෙපා
නැතිනම් මවාගනු සිත් තුල

මිදී නුඹගෙන් සරනු මදකට  ඈතක
එවිට නුඹ  දකිනු ඇත යලිත් නුඹ
එවන් සැරිසර පෙරළාවි නියතව
වැලි කැට අමිල රන් කන්දකට

අනුවාදය - සමන්මලී අභයසිරි

If a Tree could Wander
=================

Oh, if a tree could wander
and move with foot and wings!
It would not suffer the axe blows
and not the pain of saws!

For would the sun not wander
away in every night ?
How could at ev'ry morning
the world be lighted up?

And if the ocean's water
would not rise to the sky,
How would the plants be quickened
by streams and gentle rain?

The drop that left its homeland,
the sea, and then returned ?
It found an oyster waiting
and grew into a pearl.

Did Yusaf not leave his father,
in grief and tears and despair?
Did he not, by such a journey,
gain kingdom and fortune wide?

Did not the Prophet travel
to far Medina, friend?
And there he found a new kingdom
and ruled a hundred lands.

You lack a foot to travel?
Then journey into yourself!
And like a mine of rubies
receive the sunbeams? print!

Out of yourself ? such a journey
will lead you to your self,
It leads to transformation
of dust into pure gold!

Mewlana Jalaluddin Rumi

No comments:

Post a Comment