Sunday, February 8, 2015

අප යලි හමුවේද



අප යලි හමුවේද
කෙලෙස කොතැනක
ඔබේ හද කැන්වසය මත
නේක රේඛා අතර
සිත්තමක් වී 
මා එනු නැතිද ඔබ සොයා
නෙත් අයා ඔබ දෙසම

අප යලි හමුවේද 
කෙලෙස කොතැනක
ඔබේ සිත්මල මත පිණි පොදෙහි 
දේදුන්න අඳිනා
ළහිරු කිරණක් වී
මා එනු නැතිද ඔබ සොයා
සදමින් සුවැති උණුසුම

අප යලි හමුවේද 
කෙලෙස කොතැනක
දැවෙන ඔබ ළය නිවා සනහන
මුතු වන් පෙණ නගන දිය ඉසින
නිමල දිය උල්පතක් වී
මා එනු නැතිද ඔබ සොයා
සිසිල සදනට නිවා දාහය

අප යලි හමුවේද
කෙලෙස කොතැනක 
විසිර ගිය දස අත පෙර දිනෙක
එක් එක් මතක මුතු අහුලා
බඳින මුතුහරක් වී
මා එනු නැතිද ඔබ සොයා
සරසන්ට ඔබ ජීවිතය යලි

සමන්මලී අභයසිරි

No comments:

Post a Comment