සැබෑ නොමවන සිහින අතරේ
ඔහේ පාවෙන ජීවිතේ
බදු ගත් නවාතැන්පොලකි
මටම හිමි නැති
නැවතී සදහට එක් හදෙක
හිමි කරගන්නට හිමිකරුද එහි
බැඳෙන්නට තිර පෙමක
කවදාක උගනිම්ද
සයුරු තෙර නිවහනක විඳින්ට නොනිමි සුව
ලොව වටා සැරිසරා එහි අරුම දකින්නට
පැතුවෙමි පැතුම් දහස් නොව සිය දහසක්
නොනිදා පහන් කරමින් ඉතා දිගුවූ රෑ කල
එනමුත් දැරුවෙම්ද
ඉසියුම් තැතක් වත්
සැබෑ කර ගැනුමට
මේ සිහින
දරන්නට එවන් තැත්
බියවුනෙමි සැමදා
වැරදෙනු ඇතැයි සිතමින්
නොවී විශ්වාසයක් මා කෙරෙහි මට
රැඳෙන්නට එක් සිහිනයක
එක් පැතුමක එක් හදෙක
නොදනී නම් මම
කුමට පැමිණිලි මගේ වරදට
ගෙවමි මේ ලෙසම
අතහැර යනතෙක්ම මෙහි
බදුගත් නවාතැන්පොලකි
මේ ජීවිතේ
අනුවාදය - සමන්මලී අභයසිරි
මේ අපූරු ගීයෙහි නිමිත්ත අපට තරමක් නුහුරු අත්දැකීම්ක් - බටහිර දරුවන් යොවුන් වියට එළඹෙත්ම දෙමාපියන්ගේ රැකවරණින් මිදී තනිව වෙසෙයි. ඒ දිනය උදාවනතෙක් ඔවුන් සිහින මවති. මේ සංස්කෘතිය පිළිබඳව අසා දකින අපේ යොවුන් දරුවෝද එය අපූරු යැයි සිතනු ඇති, නමුත් එලෙස දිවි ගෙවන්නට ගිය යුවතියක අසරණව - ආත්ම විශ්වාසයද බිඳ වැටී ඉච්ඡාභංගත්වයට පත්වන අයුරු මින් කියැවේ.
https://www.youtube.com/watch?v=cz0uUDkr9Zg&feature=youtu.be
දැනන් උන්නෙ නෑ මේ බ්ලොගය... බොහොම අපූරු නිර්මාණ හැකියාවක් ඔබට තියෙන්නේ සමන්මලී... කවි රස වින්දා බොහොම ස්තූතියි...තව ලියන්න
ReplyDeleteමම බ්ලොග්කරණයට ආගන්තුකයෙක්මි - ස්තුතියි ඔබට
ReplyDelete