Wednesday, December 17, 2014

කවියා

නේපාල ජාතික කවියෙකු ලේඛකයෙකු වන ප්‍රකාශ් සුභේදි ගේ කවකි

කවියා
====

අර කවුද? මම ඇසුවෙමි
පිස්සෙක්! ඔවුහු කීහ
පිස්සෙක්?
ඔව් දුප්පත් අහිංසක පිස්සෙක්!
ඔහු හරිම විසුළුයි,
තනිවම දොඩයි! ඔවුහු කීහ
ඔහු තනිවම දොඩයි
මදනළද  මේකුළුද
මල් පිපෙන තුරු වදුලු
ඉර සිඹින කඳු ගැනද
තනිවම දොඩයි ඔහු!
හරිම විසුළුයි
නොහැඟේ ඔහු අසම වෙන දේ
නමුත් දනී ඔහු
ඈත ඉර හඳ තාරකා ගැන! ඔවුහු කීහ.
දොඩන්නේද ඔහු ඔබ ගැන?
මම ඇසුවෙමි.
අප ගැන - ඔබ ගැනද - හැම ගැනද
දොඩයි ඔහු නිරතුරුව !
ඔහු ගේ දෙඩවිලි වල
නැති යමක් යමෙක් ඇතිද?
එය වීය මගේ අවසන් පැණය.
ඔවුහු පිළිතුරු දුන්නෝය මෙසේ
ඇත යමෙක් ඔහුගේ
දෙඩවිලි වල නැති
ඒ දුප්පත් අහිංසක පිස්සෙක්
නොදොඩයි කිසිවිට
ඔහු ගැන ඔහු.........

අනුවාදය - සමන්මලී අභයසිරි

Poet
=====

Who is he?
I asked.
A crazy fellow.
They said.
A crazy fellow?
I asked.
Yes, a poor harmless crazy fellow.
They said.
He is so funny, you know.
He always talks to himself, all alone.
They said.
He talks about the winds and the clouds.
He talks about the mountains and the flowers.
He is so funny.
He doesn’t know what is going around him.
But he talks about the stars, moon and the sun.
Does he talk about you?
I asked.
Oh, yes.
He does.
He often talks about us, you and people
everywhere.
Is there anything he doesn’t talk about?
I finally asked.
They said:
Yes, there is something he never talks about.
Poor guy.
He never talks about himself.

Prakash Subedi is a Nepalese poet and writer


තුසිතය



සිහිනයකි එය තුසිතය මැවූ
ඉතිහාසයටත් ඈත යුගයක්
නැවත මිහිපිට දිවමන් කරන
එයයි පැතුම අනාගතයක

ඉතිහාසයටත් ඈත යුගයක්
එයයි තුසිතය හැබෑටම
වර්ණ වර්ගද බේද නොදකින
ලෙයෙහි ලෝහිත පැහැය ඇත්නම්

වර්ණ වර්ගද බේද නොදකින
බැඳි සිත් බෙදන පවුරු බිඳි
උස් පහත්  වෙනස් කම් නැති
සංහිදේ සුව දෙන තෝතැන්නකිය මේ

බැඳි සිත් බෙදන පවුරු නැත
ලෝකයම  එක මල් යායකි
හැම සිත් එක්ව සිතනා
ගහද සිව්පාවා මිනිසා සමග

ලෝකයම  එක මල් යායකි
ගහද සිවුපාවාද මිනිසාද
එකම සිතකින් සිතන
එකෙකුගේ විඳවුම් සැම විඳින

ඉතිහාසයටත් ඈත යුගයක්
බැඳි සිත් බෙදන පවුරු නැති
ගහද - සිවුපාවාද මිනිසා එකෙකු වූ කල
සිහිනයකි එය තුසිතය මැවූ
ලෝකයම  එකම මල් යායකි

සමන්මලී අභයසිරි

Paradise
========

Its a dream
made in the paradise
the prehistoric past
and the hope for the future

Its the paradise
where no one is distinct
no colour matters
as far as blood is red

Here no one is distinct
no boundaries at all
plateau with no ups and downs
no bitterness but sweet love

No boundaries at all
all soles merge to be one
and every being a sole mate
a brotherhood unpledged

All soles merged to one
the tree the beast and the Man
to feel the pain of each other
and no hurting ones brother

The tree the beast and the Man
sharing the winter and the summer
breathing the air clean and speckless
as pure as a drop from a spring

Its a dream
its the paradise
where no one is distinct
without boundaries
all soles merged to one
The tree the beast and the Man

Samanmalee Abayasiri


Tuesday, December 16, 2014

Northern Lights - Aurora Borealis

Aurora it's your earthly descent 
I await ...........
Await year by year
Turning my earthly eyes
Towards the heaven 
Your home.........
Till you walk pass 
Walk pass my eyes
In your glory ........
Your glory lighting the sky
The enchanting illumine
On my eyes...........
Aurora the mere presence of you
Make me unearthly
To ascent ................
To reach my own heavenly bliss
Fill up my vision 
My vision in chrome Illuminati

Samanmalee Abayasiri




ඔබ යන්ට යනවා නම්




ඔබ යන්ට යනවා නම්
සොඳුරු මේ වසත් දිනයේ
ගෙනයන්න නොරඳාම මෙහි
මේ උණුහුම් හිරු කිරණ
වසත් අහසේ සරන සියොතුන්ද

නවමු වූ පෙමකින් උද්දාම නොවුණිද හද
දිවා කල යොවුන්වූ දිගු නිශාවන්ට ඉඩ දුන්
මිහිරිතම සියොත් නද අසා සඳ නිසලවූ රැයෙක

ඔබ යන්ට යනවා නම් , ඔබ යන්ට යනවා නම්
යන්ට යනවා නම් ඔබ

එනමුත් ඉන්නවා නම් ඔබ
සදන්නම් දිනයක් අරුම
යමි මම ඔබ කැටුව
පැද යන්න පෙම් ඔරුව
හිරු රැස් සයුරු මත
සරන්නට ගගනත
වැහි පොදක නැග
දොඩමින් තුරු හිස් සමග
මඳ නලට නමදිමින්

එද යන්ට යනවා නම් ඔබ
දරාගන්නම් මම
තබා යනවා නම් මට
දෝත පුරා ඔබ පෙම

ඔබ යන්ට යනවා නම් , ඔබ යන්ට යනවා නම්
යන්ට යනවා නම් ඔබ

ඔබ යන්ට යනවා නම්
මම දනිමි යා යුතු බව
කියා යනු මැන
බමනු එපා යයි ලොවට
නැවත එනතුරු ඔබ
කුමන පෙම් රසද මට
නැතිව ඔබ මා ලඟ

අවසරද කියන්නට මට
ඔබ මගෙන් වෙන්ව යද්දී
මියෙන බව මා
නැවත අමතන තුරා ඔබ

ඔබ යන්ට යනවා නම් , ඔබ යන්ට යනවා නම්
යන්ට යනවා නම් ඔබ

එනමුත්  ඉන්නවා නම් ඔබ
සදන්නම් නිශාවක් සොඳුරුතම
කිසිදාක නොවූ මින් පෙර
කිසිදාක නොවන මින් මතු
ඔබ සිනා සයුරෙහි ගිලෙමි මම
පහසින් ඔබේ දෙව්ලොව සරමි මම
මා පෙම් බඳින
ඔය නෙත් සමග දොඩමළු වෙමින්

එද යන්ට යනවා නම් ඔබ
නොහෙලමි කඳුළු මම
මා සතු සියලු සොඳුරු දේ
ඔබ හා යනමුත් සමුගෙන ඈත

ඔබ යන්ට යනවා නම් , ඔබ යන්ට යනවා නම්
යන්ට යනවා නම් ඔබ

ඔබ යන්ට යනවා නම්
මම දනිමි යා යුතු බව
කිසිත් නැත මෙලොව මා හට රැඳෙන්නට
හිස් ලොවකි  මේ මගේ හිස් කුටිය
දැන් ඔබේ දෑසෙහි හිස් බැල්ම සේ
ඔබ පසෙක් තබා ගනී නම් මම
ඔබේ සෙවනැල්ලෙහි සෙවනැල්ල වුව වෙමි
එනමුත් යා යුතුය ඔබ දනිමි මම

ඔබ යන්ට යනවා නම් , ඔබ යන්ට යනවා නම්
යන්ට යනවා නම් ඔබ

සමන්මලී අභයසිරි


හයිකු ආභාශය

මම මගේ සිතට එන නොයෙක් අදහස් ලියමි. ඒවා කවි දැයි කියන්නට නම් නොදනිමි. එහෙත් මේ ලිවිලි වලින් සතුටක් ලබමි. මෑතක සිට කෙටි කවි ලියන්නට ගත් සිත් තොසක් විය. හයිකු කවි පරිවර්තනයෙන් සිතේ හටගත් ප්‍රබෝධයෙන් යයි සිතමි මේ එලෙස ලියැවුණු අදහස් එකතුවකි.

අතීතය අමතක සමනලයෙක්
===================
දළඹුවෙකු දුටු සමනලයෙක්
අපොයි මෙතරම් කැත සතෙක්
කියා කීවාලු සුළඟ හා

=======================================================

තනිව යමි උඩ
=========
කුරුල්ලා මොකටද
තනිව යමි උඩ
සිතා ගිළිහුණ
පිහාටුව
අපොයි තාමත්
බිම.....

=======================================================

බර්ලින් තාප්පය සිහිවී - එය බිඳ දමා 25 වසක් සපිරෙන අද
====================================
බැඳුම් බිඳ නැගි
මහා පවුරකි
බිඳ දැමූවත් එය
යා කළ හැකිද
පෙර අපර
හා කළ හැකිද
බිඳුණු සිත්

=======================================================

රත් පැහැ පත
========

දුටිමි රඟනා රඟ
හුළඟ හා සමග
ගහ හැර දමා
ඉගිළුණු
රත් පැහැ පත
ගහට මිස හුළඟට
දෙන්ට බැරි බව නොදැන
ජීවිතය

=====================================================

පිණි බිඳුවට බලාපොරොත්තුවක්
=====================

එන්න හැංගෙන්න
මගේ මේ හෙවණේ
හිරු එන්න
ලඟයි දැන්
කීවා තණපතක්
පිණි බිංදුවට

සමන්මලී අභයසිරි

සුබම සුබ උපන්දිනයක්

හෙට නොවැම්බර් තිස් වෙනිදා මගේ අම්මාගේ 69 වෙනි උපන්දිනයයි. ඇය දැන් අපෙන් බොහෝ ඈතය - නැවත මෙහි නො එන්නේමය. එහෙත් සුබ උපන්දිනයක් නොපතා ඉන්නේ කොහොමද?

සුබම සුබ උපන්දිනයක් 
ඔන්න දුන්නා හාදුවක් 
ඉස්සෙල්ලාම මම 
ආදරෙයි හොඳටෝම
එදා වාගෙම තාමත්
හෙටත් හැමදාමත්
මගේ දින දසුනේ 
මිහිරිම දවස අදනේ
නොවැම්බර් තිස් වෙනිදා
අදයි නුඹ උපන්දා
නොඉපදී නම් එදා නුඹ 
කෙසේ උපදින්න දෝ මම

සුබම සුබ උපන්දිනයක්
ඔන්න දුන්නා හාදුවක්
දස වසක් මේ දිනය 
ඔබ නැතිව මෙලෙස ගතවිය
විටෙක සිත නැගි මතක 
සිනා රඳවයි මුවක
තව අසුරු සැණෙකින්
කඳුළු රූරා වැටේ දෑසින්
සිතේ ඇඳි රුව පමණි එද  
සිප වැලඳ ගනු හැකි අද
ඈත කඳු යායටත් ඈතින්ය 
අම්මේ  නුඹ - මම තනියෙන්ය......





මුතුහර

ප්‍රකාශ් සුභේදි නේපාල කවියෙකි ලේඛකයෙකි. මේ ඔහුගේ Pearls නම් කවෙහි අනුවාදයයි

මුතුහර
====

බෙල්ලෙකු තුල
වැලි කැටයක්
මුතු ඔපය ගන්නට
කෙතරම් කලක්
ගතවේද

සිඳු පතුල කිමිද
සියක් බෙල්ලන් කඩා
ගොඩ ගෙන එන්ට
කෙතරම් කලක්
ගතවේද

ධීවර තරුණෙක්ට
සියක් බෙල්ලන් කඩා එකම
මුතු ඇටක් හෝ දකින්නට
කෙතරම් කලක්
ගතවේද

ලොකු කුඩා මුතු අමුණා හුයෙක
ලකල් වූ මුතුහරක් තනන්නට
එය සොඳුරු ගෙලක පළඳන්නට
කෙතරම් කලක්
ගතවේද

අහෝ මා මිතුර එද
මෙවන් වෙහෙසින් තැනූ මුතුහර
යලි එක් හුයෙක නොබැඳෙනා ලෙස
බිඳී මුතු දසත විසිර යන්නට
ගතවන්නේ අසුරු සැණක්
පමණක් නොවෙද.....


Prakash Subedi is a Nepalese poet and writer and this is the translation of his poem 'Pearls'. This is a translation of this poem to Sinhala my mother tongue.

http://prakashpoetry.blogspot.com/2012/08/pearls.html?spref=fb

This is the link to the Poem by Prakash Subedi


Monday, December 15, 2014

It's just a grain of sand


It's a grain of sand 

just a grain of sand 

intruding an oyster

hurting its softness

made the mother of pearl

the lustrous mother of pearl

enclosing the grain

to soothe the pain 

and its the pain 

that made just a grain of sand 

to become a pearl so grand


Samanmalee Abayasiri


Cosmic collision



A universal battle
a giant vs giant 
battle of galaxies 
fearsome cross fires
radiant irradiance 
luminous illumination
a treat on eyes 
when seen distal
in eonic measures 
nevertheless 
if proximal amidst 
sublimation ......

Samanamalee Abayasiri

Tuesday, November 18, 2014

නො එන නින්ද



රෑහි හඬනා රෑ මැදියමෙත්
කෝල ලීලා ඇයිද මන්දා

ඇඹරි ඇඹරී ඔමරි පාමින්
ඈත ඈතම ඇයිද මන්දා

රවටමින්  නෙක මායමින් 
ම හැර යන්නේ ඇයිද මන්දා

මගේ දෙනෙතට දුක් නොදී තව
එන්නේ නැද්දෝ නින්ද නන්දා

අනුවාදය -  සමන්මලී අභයසිරි

Insomniac - Maya Angelou
====================

There are some nights when
sleep plays coy,
aloof and disdainful.
And all the wiles
that I employ to win
its service to my side
are useless as wounded pride,
and much more painful.

Wednesday, October 22, 2014

Uncertain phenomenon


It was in a hazy twilight 
but's it dawn or dusk
There was a  red sphere 
but's it the sun or the moon
Crimson and amber flames
but's it a volcano or a bush fire 
A figure arising from the fire
but's it matter or non matter 
Getting closer and closer 
but's it moving or still 
Tried to touch the entity
but's it tangible or intangible 
Felt a warmth and a chill 
but's it ash or ice
A sense of ambiguity
but's it a happening or fantasy  
In a moment a disappearance 
but's it there or not at all
Leaving some liquidity 
but's it tears or water 
It occurred in my vicinity
but's it in a dream or in reality
Certainly uncertain phenomenon  
but's it phenomenal or non 

Samanmalee Abayasiri

Wednesday, October 8, 2014

චපල විල



එක් නෙලුමක් මිලින වුව සොවින්

තවත් කැකුළු පිපෙනවා දුටිම්

පිපෙන පිපෙන කැකුළු හා තුටින්

ඉපිල ඉපිල නටන විල දුටිම්






සමන්මලී අභයසිරි

Thursday, August 14, 2014

මධු සදන මිදි


පිපී ඉපිලී දඟකරන
මල් කැකුළියෝ
හස කැන් සලන
වසන්තය ඉතිරෙන
තුරුණු යායකී මේ

නිසි කලට පැසී පීදුණ
ඉදුණු  මිදි පොකුරු
සියුමැළි දෙපාවෙන් පෙළී
සැදෙන මධු විත රස සදන
මී මදු රසයකී මේ

මිදි තලා පෙරූ මධු පරදවන
මේ යොවුන් රූ සිරි
පා කරයි දෙව්ලොව වෙතම
මවමින් මියුරු කල්පනා
මන්මත් කරන මීවිතයි මේ

සමන්මලී අභයසිරි



ඉතිං මම නිදහස්

ආයේ නෑ දම්වැල්
නිල්ම නිල් ආකහේ
තියෙන්නේ ඕනෑතරම් ඉඩ
මට ඉගිලෙන්න ඈතටම
කාගෙන් තහනමක්ද
දැන් ඉතිං.......

ආයේ නෑ පැටළුම් 
නිල් ගැඹුරු සාගරේ
තියෙන්නේ ඕනෑතරම් දිය
මට කිමිදෙන්ට ගැඹුරටම
කාගෙන් තහනමක්ද
දැන් ඉතිං......

ආයේ නෑ විඳවුම්
අරුණෙකී ලකල් ජීවිතේ
තියෙන්නේ ඕනෑතරම් ඉරපාන
මට විඳින්නට උණුහුම
කාගෙන් තහනමක්ද
දැන් ඉතිං......

සමන්මලී අභයසිරි

Tuesday, August 5, 2014

හැම්ලින් මී පරපුරේ එකම මීයා මමයි ......



මුළු සනුහරේම
මෝහනය වී
ඇදී ඇදී යද්දී
දිවි නසාගන්නටය
නළා කරුවා
පසු පස
නොගොස් නැවතුණු
හැම්ලින් මී පරපුරේ
එකම මීයා මමයි ......

දෙකන් වසා
ඉන්ටැයි කියා
කීවත් කෙතරම්
ඇසුවේ නෑ උන්
කුම් කරම් මං
නළා නාදයට
වශී නොවුනෙන්
නොනැසී ඉතිරිවූ
හැම්ලින් මී පරපුරේ
එකම මීයා මමයි.....

එක් එක් නළා කරුවන්
වයමින් එතත් ස්වර
මුළා කරවන
බිහිරි වනු ඊට
එයමයි
දිවි රැකෙන මග
නෑසූ කන්ව සිටි
හැම්ලින් මී පරපුරේ
එකම මීයා මමයි.....



මේකත් සුරඟන කතාවක්.

එකෝමත් එක කාලෙක හැම්ලින් කියන නුවර වැසියන්ට මහා වදයක් තිබුණා. මී වදයක්. එහෙම කිව්වට මේ මී මැස්සෝ බඳින වදයක් නම් නොවෙයි. මීයන්ගෙන් විඳින්ට වුණ වදයක්. ගේ දොරද, ගබඩාවන්ද, අටු කොටුද මේ මී වදයෙන් වද වින්දා. මේකට මොනම විසඳුමක් වත් තිබුණේ නෑ. මොනවා කලත් මීයෝ රජ කලා.

 එකෝමත් එක දවසක් අපූරු මිනිහෙක් ආවා මේ නගරෙට. උද්දච්ච මූණක් තිබුණේ මේ මිනිහට. නළාවක් එල්ලාගෙන මහ උජාරුවට දිගම දිග අඩි තිය තියා ඇවිදගෙන ගියා. බොහෝ දෙනා ආගිය වතගොත දැනගන්ට කතා බහ කරන්ට හැදුවට මිනිහා නොවේ වචනයක් වත් දෙඩුවේ.

මේ අමුතු  නළාකාරයා ගියා නගරාධිපති හමුවෙන්න නගර ශාලාවට . හතර අතේම මීයෝ දුවන රතු පාට තිර ඇදපු කිළිටි කාමරේ තඩි බඩක් ඇති නගරාධිපති ඉඳගෙන උන්නා විසාල පුටුවක.

"මට පුළුවනි මීයෝ වනසන්න" නළාකාරයා කීවී කිසිම ගරුසරුවක් නැතිව.

"මොකක් කිව්වා මෙච්චර කල් කාටවත් බැරිවුණ එක නළාකාරයෙක් කොහොම කරන්ටද? අනේ නිකං යනවා යන්ට."

" ඕනෑ නැතිනම් මගේ සේවය මම යනවා යන්ට" නළා කාරයා කීවා.

නගරාධිපතිගේ ලියන්නා රහසේ යමක් කීවා නගරාධිපතිට. හිස සැලුව නගරාධිපති මෙහෙම කිව්වා. " ඔහොම ඉන්නවා - එහෙනම් ඔහේ කරලා පෙන්නනවා ඔය හපන්කම."

"නිකම්ම බෑ" නළා කාරයා කිව්වා. ඉල්ලා හිටියා බොහෝම වටිනා තෑග්ගක්.

" හොඳයි දෙන්නම් හැබැයි නසන්ට ඕනේ මීයන් එකෙක් නෑර" මෙහෙම කීව නගරාධිපති.

නළා කාරයා පිඹින්න ගත්තා නළාව - එහෙන් මෙහෙන් වටින් ගොඩින් කොයි ලෝකෙන් ආවද මන්දා මෙහෙම මී සන්නිපාතයක්. සේරම මීයෝ නළාකාරයා ගේ පස්සෙන්ම ඇදෙනවා. හපොයි එහෙම මී ගඟක්!

නළා කාරයා නළාව පිඹගෙනම  ගියා ගඟ අද්දරට. නැගුණා ඔරුවකට. සේරම මීයෝ පැන්නා ගඟට නළා හඬින් මෝහනය වෙලා. අනේ අපොයි එහෙම දිවි නසාගැන්මක්!

ඒ කොහොම උණත් මේ ගහණයේ හිටියා මහ දඩබ්බරයෙක්. මුල ඉඳන්ම කිව්වා කන් වහගනිල්ලා. ඔය මිහිරි හඬට ඇහුම්කන් දීලා ඒ පස්සේ ගියොත් විනාශය තමයි කියා. කිව්වට අනිත් උන් ඇහුවේ නෑ. මේ ඒ මෝහනීය හඬට ඇහුම් කන් නොදුන් මීයාගේ කවියයි.

සමන්මලී අභයසිරි


Monday, July 28, 2014

සිනහවට ඉඩ දෙන්න



එකම එක මොහොතකට
පිවිසෙන්න ඉඩ දෙන්න
හැර දෙන්න දොරගුළු
බොහෝ කල් මා හටම වැසී ගිය
ඔබේ හද විජිතයට

මමයි මල් පුබුදන වසන්තිය
සදා හිරු පායා එළිය දෙන
කඳුල දොම්නස  අඳුරු ශිශිරය
පළවා හදින් රජයන්න ඉඩදෙන්න
මෙමට ඒ  විජිතයෙහි.

සමන්මලී අභයසිරි

තවත් මෙහි කුමට රැඳෙනුද



පාව යයි මේකුළු
පාව යයි වියරුවෙන්
නතු වෙමින් හමායන
සැඩ නළ රැලට

සැලෙයි තුරු පත් තදින්
සැලෙයි රඟමින් දේවදාසීන් සේ
සෝ ළතැවුල් දෙමින්
මාරුතය වයනා තාලයට

දැවටෙයි මළ හිරු බැසයමින්
කළු වළාවෙක හඬන්නට තතනන
සොම්නස් පොදක් සේ
තැවෙන හදවතක

කොඳුරයි හඬක් මද නළ හා මුසුව
කොඳුරයි ගෙනෙමින් මතක සුන්ව ගිය සිහින ගැන
තවත් මෙහි කුමට රැඳෙනුද නුඹ
නිඹඳ මා විමසමින්

අනුවාදය - සමන්මලී අභයසිරි


Like a joy on the heart of a sorrow,
The sunset hangs on a cloud;
A golden storm of glittering sheaves,
Of fair and frail and fluttering leaves,
The wild wind blows in a cloud.

Hark to a voice that is calling
To my heart in the voice of the wind:
My heart is weary and sad and alone,
For its dreams like the fluttering leaves have gone,
And why should I stay behind?

Sarojini Naidu

Friday, July 18, 2014

ඔබම වෙයි මගෙ මව හෙට


අහන්න මගේ දුවේ
යලි යලිත් මා දොඩද්දී
එකමැ දේ නැවතත්
අනේ එපා 
නුරුස්නා හඬින් කියන්න 
"කීවානේ මෙය මොහොතකට පෙර"
රිදේවි මේ හිත බොහෝම එතකොට
මතක් කරගන්න 
නිදාගන්න තුරු
මගේ පුංචි දූ
කීව හැටි එකම
සුරඟන කතාව මම
නින්ද යනතෙක් මයේ දූට

අහන්න මගේ දුවේ
මැලි වෙද්දි මා ඉඳහිට
ඇඟපත දොවා ගන්නට
අනේ එපා
අපහාසයෙන් උපහාසයෙන්
මා පෙලන්නට ඒ වෙලාවට
රිදේවි මේ හිත බොහෝම එතකොට
මතක් කරගන්න
හැංගුණ හැටි
මගේ පුංචි දූ
නහවන්ට අඬගසද්දී
කම්මැලි හිතුණ විට මයේ දූට

අහන්න මගේ දුවේ
පැටලෙද්දී මා අන්තර්ජාල වල
යනමං නොදැන මංමුලාවී
අනේ එපා
සිනාසෙන්නට මගේ අනුවණ කම්වලට
බෑ අලුත් දේ උගන්නන්ට කියා
රිදේවි මේ හිත බොහෝම එතකොට
මතක් කරගන්න
කියාදුන් හැටි බෝම දේ
මගේ පුංචි දූ
නොදැන සිටි
කන්ට හිස පීරන්නටත්
ලොවේ හොඳ හා නරක මයේ දූට

අහන්න මගේ දුවේ
මගේ පරඬැල් මහළු පා
නො එසවෙද්දී පෙර ජවයෙන්
අනේ එපා
නො ඉවසිලිකමෙන් කියන්න
"බැරිද ඔය අඩිය ඉක්මන් කරන්නට"
රිදේවි මේ හිත බොහෝම එතකොට
මතක් කරගන්න
වැටි වැටී ඇවිදිද්දි
මගේ පුංචි දූ
මතක් වෙද්දිත් මිහිරියි
ඒ සිඟිති බොලඳ හිනා මැද
හරි මග කියා දුන් හැටි මයේ දූට

අහන්න මගේ දුවේ
මම ආදරෙයි බොහොමත්ම
මයේ දූට
වෙර දැරුවේ හැමදාම
නොතලන්න ඔය හිත
අනේ එපා
රිදවන්න මේ හිත
බැරිව මහළුව
හිඳින දා මම
ඔබම වෙයි මගෙ මව
ආදරෙන් අමතන්න ඔබේ දූට

අනුවාදය - සමන්මලී අභයසිරි

Original text in Spanish and photo by Guillermo Peña.
Translation to English by Sergio Cadena


My dear girl, the day you see I'm getting old, I ask you to please be patient, but most of all, try to understand what I'm going through. If when we talk, I repeat the same thing a thousand times, don't interrupt to say: "You said the same thing a minute ago"... Just listen, please. Try to remember the times when you were little and I would read the same story night after night until you would fall asleep.

When I don't want to take a bath, don't be mad and don't embarrass me. Remember when I had to run after you making excuses and trying to get you to take a shower when you were just a girl?

When you see how ignorant I am when it comes to new technology, give me the time to learn and don't look at me that way ... remember, honey, I patiently taught you how to do many things like eating appropriately, getting dressed, combing your hair and dealing with life's issues every day... the day you see I'm getting old, I ask you to please be patient, but most of all, try to understand what I'm going through.

If I occasionally lose track of what we're talking about, give me the time to remember, and if I can't, don't be nervous, impatient or arrogant. Just know in your heart that the most important thing for me is to be with you.

And when my old, tired legs don't let me move as quickly as before, give me your hand the same way that I offered mine to you when you first walked. When those days come, don't feel sad... just be with me, and understand me while I get to the end of my life with love. I'll cherish and thank you for the gift of time and joy we shared. With a big smile and the huge love I've always had for you, I just want to say, I love you ... my darling daughter.

Original text in Spanish and photo by Guillermo Peña.
Translation to English by Sergio Cadena
Photo: My dear girl, the day you see I'm getting old, I ask you to please be patient, but most of all, try to understand what I'm going through. If when we talk, I repeat the same thing a thousand times, don't interrupt to say: "You said the same thing a minute ago"... Just listen, please. Try to remember the times when you were little and I would read the same story night after night until you would fall asleep.

When I don't want to take a bath, don't be mad and don't embarrass me. Remember when I had to run after you making excuses and trying to get you to take a shower when you were just a girl?

When you see how ignorant I am when it comes to new technology, give me the time to learn and don't look at me that way ... remember, honey, I patiently taught you how to do many things like eating appropriately, getting dressed, combing your hair and dealing with life's issues every day... the day you see I'm getting old, I ask you to please be patient, but most of all, try to understand what I'm going through.

If I occasionally lose track of what we're talking about, give me the time to remember, and if I can't, don't be nervous, impatient or arrogant. Just know in your heart that the most important thing for me is to be with you.

And when my old, tired legs don't let me move as quickly as before, give me your hand the same way that I offered mine to you when you first walked. When those days come, don't feel sad... just be with me, and understand me while I get to the end of my life with love. I'll cherish and thank you for the gift of time and joy we shared. With a big smile and the huge love I've always had for you, I just want to say, I love you ... my darling daughter.



Monday, July 14, 2014

දැවෙමි



මා මුව මේ  රත් පැහැය
ගිනි  වැදී නොවේ උදුනේ
හිමියෙනි ඔබ ලඟින් සිටි පෙරදා සිහිවී
මුව පැහැය ගැන්වේ.

ගලන්නේ කොපුල් තල දිගේ
දහඩිය  නොවේ ගිනියමට
උදුන ලඟ නිබඳ රැඳි ඔබේ රුව මැවී
කඳුළු කැට ඇද හැලේ.

මේ මා දවා පුළුස්සන්නේ
ගිනි අඟුරු රස්නය නොවේ උදුනේ
නිවන්නට කුසගිනි අපේ ඔබ දැවුණු හැටි සිහිවී
හදේ ඇවිලී ගිනි මා දැවේ.

උදුන ගිනි  වඩන්නේ අද
දවමින් නොවේ ගිනි හුළු 
ඔබේ වියොව නිසා මා හදෙහි නැගි සුසුමෙන්
ඇවිලී ගින්න බෝවේ.


සමන්මලී අභයසිරි

සිතුවම - Jean-François Millet

Tuesday, July 8, 2014

දැක ඇතිද ඔබ සුරලොව

 
දකිමි සුරලොව  නන් තැන
විටෙක මද්දහනේද 
හිරු නැගෙන අළුයමද
දකිමි සුරලොව 

ලොව වටා දිව වෙහෙසව
ගිමන් නිවනා කඳු මුදුනක
රැස් හෙලා නසද්දී මොහඳුර
දකිමි සුරලොව

තුරුගොමුව දිලෙද්දී රිවි රැසින්
ජයගොස් නගා විහඟ කැල මවද්දී
සැණකෙළි සිරි  කැටි වළා හා එක්ව
දකිමි සුරලොව

ප්‍රීතියෙන් ගෙවී යන දිනක්
අපර දිග බලා යද්දී සළු පැළඳ
නන් වණින් මවා පාරාදීසයක සිරි
දකිමි සුරලොව

සමද අසමානද ඒ පාරාදීසයට
මා දෑස් දුටු ඒ ලලිත රූ
දනීදෝ කවුරු කියන්නට
දුටිමි දෝ මම සුරලොව

අනුවාදය  - සමන්මලී අභයසිරි



Heaven 
======

By Emily Dickinson 

"Heaven" has different Signs—to me—
Sometimes, I think that Noon
Is but a symbol of the Place—
And when again, at Dawn,

A mighty look runs round the World
And settles in the Hills—
An Awe if it should be like that
Upon the Ignorance steals—

The Orchard, when the Sun is on—
The Triumph of the Birds
When they together Victory make—
Some Carnivals of Clouds—

The Rapture of a finished Day—
Returning to the West—
All these—remind us of the place
That Men call "paradise"—

Monday, June 23, 2014

Too Much Heaven - Bee Gees




Bee Gees යනු Barry, Robin සහ Maurice Gibb යන සොයුරන් තිදෙනා එක්ව තනා ගත් පොප් සංගීත කණ්ඩායමයි. 1960 - 1970 කාලයේ වෙසෙස් ආදරයක් දිනාගත් මේ සොහොයුරන්ගේ අපූරු ගීයක් මේ.


නොතිත් සෙනෙහස - සදාකාලික සුරලොව
==========================
ආදරය සුන්දරයි
සුන්දරයි බොහෝමත්ම
ඔබයි මගේ  වසන්තය
මල් පිපෙන - ගී ඇහෙන
ඒත් හීනයක්  වේද ඔබ
අවදිවන විට මැකී යන

කාට හිමිවේද මේ ආදරය
පිටාර ගලන තරමට ඉතින්
ඉවුරු  ඈතට ඈත්වූ ගඟකි එය
නොයා එගොඩට මා තවම මෙගොඩයි

කාට හිමිවේද සුරලොව සුරසැප
නිමක් නොවනා තරමට ඉතින්
බොහෝ දුර ඈතයි
මා තවම ගමනෙහි මුලයි

කාට හිමිවේද මේ සෙනෙහස
තුඟු පව්ව තරමට ඉතින්
දැනටමත් වෙහෙසයි ගතද සිත
මා තවම කඳු පාමුලයි

දයාවිය සුන්දරිය මා හදෙහි වසන්තිය
සදා උතුරා ගලන සෙනෙහසේ අමා ගඟ
දැවෙන සන්තානය නිවා සනසා දොවන
සිහිනයක් නොවනු මැන අවදි වන විට මැකෙන

යෞවනිය එන්න මේ මග මා සමග
සැරිසරන්නට නභෝ ගැබ තරු අතර
ඔබයි මගෙ හෙට දවස සදාකාලික ආදරය
ඉරද සඳ තරුද පහන් දල්වන්නේ දකින්නට අප පෙම

අනුවාදය - සමන්මලී අභයසිරි

 Too Much Heaven - Bee Gees


Sunday, June 1, 2014

අනුරාගයේ දෙවඟන - Aphrodite .........




අනුරාගයේ දෙවඟන
කිරි සයුරෙහි
මුදු පෙන මතින් නැගි
සුදෝ සුදු 
ඇෆ්‍රොඩයිට්.......

සුර අසුර මනු ලොවද
පීරා ඔබ පියා
සොයා දුන් වීරූපි හිමියා 
මමයි ඔබේ 
ඇෆ්‍රොඩයිට්.....

අරුණ සේ පිබිදුණු
මා සොඳුර 
ප්‍රේමය ඔබට විද නපුරු
අසම සම රුවැත්තී
ඇෆ්‍රොඩයිට්......,

ලකල් නුඹ රුව පතා 
ඇදෙන නෙක දුහුනන්ගේ
රුව දුටත්  හද දනීදෝ සොඳුර
ළදැරියකි නුඹ 
ඇෆ්‍රොඩයිට්......

සමන්මලී අභයසිරි

Aphrodite .........
=============

The fairest lady 
born as a pearl in  foam 
of milky white ocean
the goddess of passion  
Aphrodite .........

Zeus who sometimes
claims for your paternity 
gave you to me in marriage
the most deformed of all gods and men
Aphrodite........

As lush and lustrous as morning dew 
what an irony it is
is love kind enough for you
my dear goddess of love
Aphrodite..........

Gods and men swirling around 
enchanted by your beauty unrivaled
do you see what they are inspite of how they are
you are yet a child 
Aphrodite.........

Samanmalee Abayasiri


Thursday, May 29, 2014

ඉන්ද්‍රජාලිකයෙක් සිය බිරින්දෑ සමග.....




දුටුවෙමි ඉන්ද්‍රජාලිකයෙක් මහමග
සිය බිරින්දෑ සමග
පොඩි උන් පුදුමයෙන් පුම්බන අරුමදේ පෙන්නන
ඇස්ගෙඩි මහත් කරවා මුව අයා ඉන්දන
සිඟිති නෙත සිත කුල්මත් කරන
ඉන්ද්‍රජාලිකයෙක් සිය බිරින්දෑ සමග......

අතේ ඇති යශ්ඨියෙන්
මවයි පරෙවියෙක් සුදු ලේන්සුවකින්
පාට පාට කඩදාසි දමා කළු තොප්පියට
සේද  සළුවක් මැව්වනේ ලස්සනම
ඒ විතරක්යැ හලා වීදුරුවක් කිරි
මැව්වේ හා පැටියෙක් කිරි පාට
ඉන්ද්‍රජාලිකයෙක් සිය බිරින්දෑ සමග......

ඉල්ලා රුපියල් දහයේ කොලයක්
අහෝ පුදුමයි !
මැව්වා ඒ වගේ දහයක්
පෙන්නා නොයෙක් විස්කම් දුන්නා
දරුවන්ට ගෙනා පොඩි රස කැවිලි
දෙන්නා අකුලා කලමනා
මිදුනා දිස්නේ දුන් ආයිත්තමින්
යන්න වෙන්නැති ගෙදර නැගුණා බසයකට
ඉන්ද්‍රජාලිකයෙක් සිය බිරින්දෑ සමග......

ජීවිතේ සැඳෑවේ දුබල ගත වෙහෙසය
විඩා නිවනට දිනක් කවදා කෙසේ ඒවිද
අත නොහැර සුරත රැඳි අත
යා යුතුය ඉදින් දිගටම දිගු ගමන
මවමින් මායාව - තත්වූ යථාවක
ඉන්ද්‍රජාලිකයෙක් සිය බිරින්දෑ සමග......



සමන්මලී අභයසිරි

Tuesday, May 20, 2014

සිහිනයක් නොවේ මේ ජීවිතය.......



අසන්න ...මේ අසන්න
සිත දුකින් තවමින්
හැමදාමත් අඳුරම
නෑ ඉඳින්නේ අප  ලඟ

බලන්න ....අර බලන්න
කළු වළාකුළු
පාව යනවා නොවේද
ඉඩදී පායන්න නව හිරුට

කියන්න ....මට කියන්න
වැහි පොද
වැටුණාම පිපේ නම් මල් කැකුළු
ඇයිද බැන වදින්නේ වැස්සට

ඇත්ත ....ඔබ හිතනදේ ඇත්ත
සිත දවා අළු කොට
මරණය රැගෙන යාවී
ළබැඳියන් අප වෙතින් ඈතට

දුකක් .....මහා දුකක්
ජය ගනු ඇති ඇතැම් විට
පරදවා අප ලෝකය
පලවා සතුට සොම්නස ඈතකට

නොතැවෙන්න .....සබඳ නොතැවෙන්න
අත ළඟය වසන්තය
නිමක් නොමැතිව මල් පිපෙන
විහඟ ගී රැව් නැගෙන සොඳුරු වූ කාලය

නිසැකයි .....මට නිසැකයි
ඉසිවරුන් එසේ කීවත්
හීනයක් නොවේමැයි එය
සැබෑමයි සොඳුරු ජීවිතය වසන්තය සේම

දිරිගන්න....සිතේ දිරිගන්න
අභිමානයෙන් ඔසවා හිස
ජයගන්න සතුට සොම්නස
දවා අළුකර පරාජිත බව

අනුවාදය - සමන්මලී අභයසිරි

LIFE
====

LIFE, believe, is not a dream
So dark as sages say;
Oft a little morning rain
Foretells a pleasant day.
Sometimes there are clouds of gloom,
But these are transient all;
If the shower will make the roses bloom,
O why lament its fall ?

Rapidly, merrily,
Life's sunny hours flit by,
Gratefully, cheerily,
Enjoy them as they fly !

What though Death at times steps in
And calls our Best away ?
What though sorrow seems to win,
O'er hope, a heavy sway ?
Yet hope again elastic springs,
Unconquered, though she fell;
Still buoyant are her golden wings,
Still strong to bear us well.
Manfully, fearlessly,
The day of trial bear,
For gloriously, victoriously,
Can courage quell despair !

Charlotte Brontë


Sunday, May 18, 2014

පුතේ මෙන්න හඳ!




අත්තම්මේ අර හඳේ හාවෙක්........


ඔවු පුතේ ඒ හාවෙක්
සසදාවතේ කීවේ
සක්‍ර දෙවියෝ ඇන්දා කියා
බෝසත් හාවා හඳේ
කාටත් ඉගෙන ගන්නට 
දන් දෙන හැටි


අම්මේ හඳේ හාවෙක්........


නෑ පුතේ ඒ හඳේ කඳු
නීල් ආම්ස්ට්‍රොංග් කීවේ
දුටුවා කියා ඇහටම
හඳට ගොඩ බැස්සදා
හොඳින් පත පොත කියවා
ඉගෙන ගන්න විද්‍යාව 

සමන්මලී අභයසිරි

සංවාදයක්



කාළගෝල....

මහෝෂධ පඬිතුමෙනි නැණ පිරි
සිත පෙලයි මේ වියෝ දුක්
සත්වසක් බැලයෙකුව මෙහෙකර
දිනාගත්තෙමි දික්තලාවන්

සුසුදු මා සිත දුටුවේ නෑ ඇය
විරූපී කළු රුව මිසක්
ඉදින් මා හට රිසි නොවීමැයි
රුවැති සඳ වැනි දික්තලාවන්


දික්පිටිගේ ඒ කඩවසම් රුව
දුටුව මනතින් ඇදී ඔහු වෙත
මෙතෙක් පෙම් බැඳි මා දමා ගොස්
බැඳුණි ඔහු හා දික්තලාවන්

මහෝෂධ පඬිතුමා.......

ඔබ සේම මා පෙරත්භවයෙක
කුස ලෙසින් ඉපදී විරූපිව
පබාවතියට බැඳී ආලෙන්
පෙමෙහි බැලයෙකු වීමි සතුටින්

නොදනිතියි නොසිතන්න ඔබේ දුක්
දනිමි අභිමන් ආලයේ
අමන අඟනුන් රුවට රැවටී
ආලයෙන් බැඳි හදක් නොදකිත්

කාළගෝලය විරි වඩා සිත
නිවා ගනු ඔය හදේ ඇති ගිනි
ඔබේ පෙම්වත් සුසුදු සිත හිමි
ලඳක් එනතුරු හදින් රූමත්

සමන්මලී අභයසිරි

Saturday, May 10, 2014

කුරු තුරක් ලෙස වසනු නොහැකිය


මා හැර ගිය ඔබ
අතහරිනු නොහැකිව
කල්ප කාලයක් 
වින්දෙමි ගැහැට අපමණ

ජීවිතය බැඳ දමා සිර කොට
මා ඔබට බැඳි බැඳුම් යදමින්
වැඩෙන්නට නොමදී විහිදා අතු පතර
විසුවෙමි කුරු තුරක් ලෙසම

අද මිදෙමි මම මුදා ඔබ
බිඳ දමා යදම්
මට වැඩෙන්නට ඉඩ නොදුන්
වසනු නොහැකිය කුරු තුරක් ලෙස  

අතු පතර විදහා වැඩෙමි
මහා තුරු  නිරිඳෙකු සේම
දරා මල් ඵල  සදමි සෙවණද
සැමට - ඔබට වුව

සමන්මලී අභයසිරි

Thursday, May 8, 2014

Mommy and Me


Mommy these are yummy
I woke up early in the morning
to pick these berries for you

Mommy but some are in my tummy
they jumped into my mouth - see it's red
when I came home looking for you

Mommy let me feed you a berry
anything is yummy when you feed me
so today its from me for you

Mommy the meadow is sunny
would you come out with me
as the sun shines for you

Mommy if I can be only with you mommy
always and everyday from day till night
how lovely it'd be for me and for you

Samanmalee Abayasiri

දෝණී
====

අම්මා මේවා රසයි
උදේම අවදි වෙලා
මමයි කඩාගෙන ආවේ

අම්මා එන ගමන්
දෙක තුනක් කෑවා
ඒකයි කටේ මේ රතු පාට

අම්මා රහ බලන්න
කෝ මම කවන්නම්
අම්මා මට කවනවා වගේම

අම්මා එනවාද යන්න
මා එක්ක ඇවිදින්න
ලස්සනයි මල් පිපිලා හැමතනම

අම්මා එක්ක විතරක්ම
දවසම ඉන්න ඇත්නම් මට
මෙහෙම ලඟට තුරුළුවෙලා ආදරෙන්

සමන්මලී අභයසිරි

දෝණී


අම්මා මේවා රසයි
උදේම අවදි වෙලා
මමයි කඩාගෙන ආවේ

අම්මා එන ගමන් 
දෙක තුනක් කෑවා
ඒකයි කටේ මේ රතු පාට

අම්මා රහ බලන්න
කෝ මම කවන්නම්
අම්මා මට කවනවා වගේම

අම්මා එනවාද යන්න 
මා එක්ක ඇවිදින්න
ලස්සනයි මල් පිපිලා හැමතනම

අම්මා එක්ක විතරක්ම
දවසම ඉන්න ඇත්නම් මට
මෙහෙම ලඟට තුරුළුවෙලා ආදරෙන්

සමන්මලී අභයසිරි

Wednesday, May 7, 2014

බාලවිය පියමං කල දා......




ඈත ඈතම දුර අතීතෙක
හීනයක් විය මා දෙනෙත් මත
බැබලි බැබලී එකළු කරමින්
උදා හිරු කිරණ සේ

හෙමි හෙමින් බැඳි පවුරෙකි
හීනයෙන් මා වෙන් කොට
බිඳෙන් බිඳ නැග
අහස පිසිනා තෙක්ම උස්වූ

අඳුර ඝනඳුර පමණි  අද
වැසූ සෙවනැල්ලෙන්  ළහිරු රැස
මුදු සුමුදු එළිය දෙන හීනය
මා වෙතට නො එන්නට

කළුවරෙන් කළුව ගිය මා දෑත
යොදයි වෙර තනන්නට සිදුරක්
දකින්නට හීන අරුණළු
ගෙනෙන්නට එළි පොදක්

සුනු විසුනු කර දමමි මේ පවුර
පළවා අඳුරු සෙවනැල්ල
දස දහස් හිරු දිලී පායාවි
යලි හීන සදමින් නෙතු අග

අනුවාදය  - සමන්මලී අභයසිරි

As I Grew Older
============

It was a long time ago.
I have almost forgotten my dream.
But it was there then,
In front of me,
Bright like a sun—
My dream.
And then the wall rose,
Rose slowly,
Slowly,
Between me and my dream.
Rose until it touched the sky—
The wall.
Shadow.
I am black.
I lie down in the shadow.
No longer the light of my dream before me,
Above me.
Only the thick wall.
Only the shadow.
My hands!
My dark hands!
Break through the wall!
Find my dream!
Help me to shatter this darkness,
To smash this night,
To break this shadow
Into a thousand lights of sun,
Into a thousand whirling dreams
Of sun!



Langston Hughes

Monday, April 28, 2014

දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට - සිහිනෙක දැවටී ඔබ එනවා


දයා ද අල්විස් මහත්මිය විසින් රචිත මේ ඉමිහිරිතම ගීය ගුණදාස කපුගේ ගාන්ධර්වයානන්ගේ ස්වර මුසුවට ගයන්නේ පුණ්‍යා කත්‍රිආරච්චි මහත්මියයි.

මා ඉතා ප්‍රිය කරන මේ ගීය ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමේ වෑයමකි මේ. 


Closing my eyes cannot stop 
your presence in my vision 
as my dreams are of you
all the bars across my soul
to stop you being there 
aren't strong enough 
as my only thought is you

I lift my eyes to see
the shining sun or the moon
but its you who beams up there
not a single alluring sight 
around that keeps away
the  charming radiance of you
ever in my vision

In my vein endeavor
to endure the lonesome 
days and nights without you
you come to me in a sigh 
in the notes of my imagination
your weeping tune
is music in my ears

Aren't you my sky and the Earth 
and wont you leave me ever 
just even for a fraction of a second
oh! when can we be ours
devouring the bars of the forbidden land
that make us apart

Samanmalee Abayasiri





Thursday, April 24, 2014

Reluctance

මාලින්ද සෙනෙවිරත්න ඉංග්‍රීසි කවි ලියන අතළොස්සක් ශ්‍රී ලාංකික කවීන්ගෙන් අයෙකි. ඔහුගේ EDGES නම් වූ කවි පොතෙහි Reluctance නම්වූ කවියෙහි අනුවාදයයි මේ.

හැලෙන්නට තතනන පරඬැල් පත
=====================

පත් හැලූ 
කේඩෑරි අතු රිකිල්ලක
ඉතිරිවූ එකම එක පරඬැල් පත
හැලෙන්නන්ට තතනන
තෙවැනි ඇස මත රැඳි
ගැඹුර නොපෙනෙන හසුවකි
තනිකමද අනියත බවද කියැවෙන
බොහෝ ගැඹුරැති කතාවෙක
නිසල හා විපරීත
හදවතකි 
පාලුවූ අඳුරුවූ මහා කතරෙක
සැම හා සම නොවූ
දෑස රවටන මායා දසුන
සොබා දහමේ වරදෙකි
ජීවිතේ කතාවයි මේ
නියම් අනියම් කම් මත ඇඳි
කිසිදා පසක් නොමවන

සමන්මලී අභයසිරි

Reluctance
==========

An autumn leaf
in a leafless branch lattice
is a two - dimensional capture
of multi-layered story,
calls for third eye reconstruction
of solitude and fall
stillness and contrast
a heart in a barren universe
an error of nature
a peculiarity that wrecks average
an eye-tease graphic
a narrative of our days
of our formalities
and our 'neverthelesses'.

By Malinda Seneviratne